Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
49 : 2

وَاِذْ نَجَّیْنٰكُمْ مِّنْ اٰلِ فِرْعَوْنَ یَسُوْمُوْنَكُمْ سُوْٓءَ الْعَذَابِ یُذَبِّحُوْنَ اَبْنَآءَكُمْ وَیَسْتَحْیُوْنَ نِسَآءَكُمْ ؕ— وَفِیْ ذٰلِكُمْ بَلَآءٌ مِّنْ رَّبِّكُمْ عَظِیْمٌ ۟

ඉස්රාඊල් දරුවනි, ෆිර්අවුන් අනුගමනය කළ සේනාවෙන් අපි නුඹලාව මුදවාගත් සැටි මෙනෙහි කර බලනු. ඔවුහු විවිධ දඬුවම් පමුණුවමින් නුඹලා වේදනාවට පත් කළෝය. පිරිමි දරුවන් කිසිවකු ඉතිරි නොවන තරමට නුඹලාගේ පිරිමි දරුවන් මරා දැමුවෝය. කාන්තාවන් වහල්කමට ගනු පිණිස ගැහැණු දරුවන්ට ජීවිත දානය දුන්නෝය. නුඹලාට අවමානය ගෙන දුන්නෝය. ෆිර්අවුන් හා ඔහු පිළිපැද්දවුන්ගෙන් මිදීම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් වූ මහත් පරීක්ෂණයක් විය. නුඹලා කෘතඥ විය යුතුය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• عِظَمُ نعم الله وكثرتها على بني إسرائيل، ومع هذا لم تزدهم إلا تكبُّرًا وعنادًا.
ඉස්රාඊල් දරුවන් වෙත අල්ලාහ් ආශිර්වාද බොහෝමයක් පිරිනමා තිබිණ. නමුත් එය ඔවුන්ගේ දඩබ්බරකම හා උඩඟුකම මිස වෙන කිසිවක් වර්ධනය කළේ නැත. info

• سَعَةُ حِلم الله تعالى ورحمته بعباده، وإن عظمت ذنوبهم.
•ගැත්තන් සිදු කරන පාපකම් අතිමහත් වූවත් ඔවුන් කෙරෙහි දක්වන අල්ලාහ්ගේ දයාවේ හා කරුණාවේ විශාලත්වය. info

• الوحي هو الفَيْصَلُ بين الحق والباطل.
• වහී හෙවත් දිව්ය පණිවිඩ සත්යය හා අසත්යය අතර වෙන් කරන නිර්ණායකයයි. info