وَاِذْ نَجَّیْنٰكُمْ مِّنْ اٰلِ فِرْعَوْنَ یَسُوْمُوْنَكُمْ سُوْٓءَ الْعَذَابِ یُذَبِّحُوْنَ اَبْنَآءَكُمْ وَیَسْتَحْیُوْنَ نِسَآءَكُمْ ؕ— وَفِیْ ذٰلِكُمْ بَلَآءٌ مِّنْ رَّبِّكُمْ عَظِیْمٌ ۟
ඉස්රාඊල් දරුවනි, ෆිර්අවුන් අනුගමනය කළ සේනාවෙන් අපි නුඹලාව මුදවාගත් සැටි මෙනෙහි කර බලනු. ඔවුහු විවිධ දඬුවම් පමුණුවමින් නුඹලා වේදනාවට පත් කළෝය. පිරිමි දරුවන් කිසිවකු ඉතිරි නොවන තරමට නුඹලාගේ පිරිමි දරුවන් මරා දැමුවෝය. කාන්තාවන් වහල්කමට ගනු පිණිස ගැහැණු දරුවන්ට ජීවිත දානය දුන්නෝය. නුඹලාට අවමානය ගෙන දුන්නෝය. ෆිර්අවුන් හා ඔහු පිළිපැද්දවුන්ගෙන් මිදීම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් වූ මහත් පරීක්ෂණයක් විය. නුඹලා කෘතඥ විය යුතුය.
التفاسير: