وَاِذْ قَالَ اِبْرٰهٖمُ رَبِّ اَرِنِیْ كَیْفَ تُحْیِ الْمَوْتٰی ؕ— قَالَ اَوَلَمْ تُؤْمِنْ ؕ— قَالَ بَلٰی وَلٰكِنْ لِّیَطْمَىِٕنَّ قَلْبِیْ ؕ— قَالَ فَخُذْ اَرْبَعَةً مِّنَ الطَّیْرِ فَصُرْهُنَّ اِلَیْكَ ثُمَّ اجْعَلْ عَلٰی كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ یَاْتِیْنَكَ سَعْیًا ؕ— وَاعْلَمْ اَنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟۠
අහෝ! මාගේ පරමාධිපතියාණනි, මිය ගිය ඇත්තන්හට ඔබ යළි ප්රාණය දෙන්නේ කෙසේ දැ?යි මාගේ දෑසට ඔබ පෙන්වනු මැනව’යයි ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටි අවස්ථාව ගැන -අහෝ නබිවරය,- නුඹ මෙනෙහි කර බලනු. එවිට: ‘මේ ගැන නුඹ තවමත් විශ්වාස නොකළේදැ?’යි අල්ලාහ් එතුමාගෙන් විමසා සිටියේය. ‘එසේ නොව, මම විශ්වාස කළෙමි. නමුත් මාගේ සිතෙහි තැන්පත් බව වැඩි කර ගන්නට මෙසේ අසමි’ යැයි එතුමා පවසා සිටියේය. එවිට අල්ලාහ් ඔහුට නියෝග කොට මෙසේ පැවසීය: ‘නුඹ කුරුලු වර්ග හතරක් ගෙන උන් නුඹට වඩාත් ලෙන්ගතු ලෙස ඇති කොට, පසු ව උන් කොටස් කොට ඒවායින් කොටසක් බැගින් නුඹ අවට පිහිටා ඇති කඳු අතරින් සෑම කන්දක් මත ම තබා පසු ව නුඹ උන් කැඳවන්න. එවිට උන් යළි ප්රාණය ලබා නුඹ වෙත වේගයෙන් පැමිණෙනු ඇත. සැබැවින් අල්ලාහ් ඔහුගේ රාජ්ය පාලනයේ සර්ව බලධාරී බවත් ඔහුගේ කටයුතු වලත් ඔහුගේ පිළිවෙත් හා මැවීම් වලත් ඔහු මහා ප්රඥාවන්ත බවත් දැන ගනු.
التفاسير: