اَلَمْ تَرَ اِلَی الَّذِیْ حَآجَّ اِبْرٰهٖمَ فِیْ رَبِّهٖۤ اَنْ اٰتٰىهُ اللّٰهُ الْمُلْكَ ۘ— اِذْ قَالَ اِبْرٰهٖمُ رَبِّیَ الَّذِیْ یُحْیٖ وَیُمِیْتُ ۙ— قَالَ اَنَا اُحْیٖ وَاُمِیْتُ ؕ— قَالَ اِبْرٰهٖمُ فَاِنَّ اللّٰهَ یَاْتِیْ بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَاْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِیْ كَفَرَ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟ۚ
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ පරමාධිපත්යය හා ඔහුගේ ඒකීයභාවය පිළිබඳ ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා සමග තර්ක කළ දුෂ්ට පාලකයාගේ අපරාධයේ තරම හා පුදුමය නුඹ දුටුවේද? එසේ ඔහු ඒ තත්ත්වයට පත් වූයේ අල්ලාහ් ඔහුට රාජ්ය බලය පිරිනැමුවායින් පසු ඔහු සීමාව ඉක්මවා ගිය බැවිණි. අල්ලාහ්ගේ ගුණාංග පිළිබඳ ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඔහු දෙස බලා: ‘මාගේ පරමාධිපතියාණන් සියලු මැවීම් වලට ජීවය දෙයි. මරණයට පත් කරයි” යනුවෙන් පැහැදිලි කළේය. එවිට දුෂ්ටයා හිතුවක්කාර ලෙසින්: ‘මම ද ජීවය දෙමි. එමෙන්ම මරණයට පත් කරමි. මම කැමති අය ව ඝාතනය කරමි. මම කැමති අය ව අතහැර දමමි.’ යැයි පැවසීය. එවිට ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඔහු වෙත තවත් සාධකයක් ගෙන ආවේය. එතුමා ඔහුට: ‘මම නමදින මාගේ පරමාධිපති හිරු නැගෙනහිර දෙසින් උදා කරන්නේය. ඔබ එය බටහිර දෙසින් ගෙන එනු' යැයි පවසා සිටියේය. එවිට ඔහු වික්ෂිප්ත වී නිහඬ වීම හැර වෙනත් කිසිවක් කරකියාගත නොහැකි විය. සාධකයේ බලවත්කම ඔහු අබිබවා ගියේය. අල්ලාහ් අපරාධකරුවන්ට ඔවුන්ගේ අපරාධකම් හා දුෂ්ටකම් හේතුවෙන් ඔහුගේ මාර්ගයේ ගමන් කරන්නට ආශිර්වාද නොකරන්නේය.
التفاسير: