ثُمَّ اَنْتُمْ هٰۤؤُلَآءِ تَقْتُلُوْنَ اَنْفُسَكُمْ وَتُخْرِجُوْنَ فَرِیْقًا مِّنْكُمْ مِّنْ دِیَارِهِمْ ؗ— تَظٰهَرُوْنَ عَلَیْهِمْ بِالْاِثْمِ وَالْعُدْوَانِ ؕ— وَاِنْ یَّاْتُوْكُمْ اُسٰرٰی تُفٰدُوْهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَیْكُمْ اِخْرَاجُهُمْ ؕ— اَفَتُؤْمِنُوْنَ بِبَعْضِ الْكِتٰبِ وَتَكْفُرُوْنَ بِبَعْضٍ ۚ— فَمَا جَزَآءُ مَنْ یَّفْعَلُ ذٰلِكَ مِنْكُمْ اِلَّا خِزْیٌ فِی الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَیَوْمَ الْقِیٰمَةِ یُرَدُّوْنَ اِلٰۤی اَشَدِّ الْعَذَابِ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟
නමුත්, පසුව නුඹලා එම ගිවිසුමට විරුද්ධව කටයුතු කළෙහුය. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුව ඝාතණය කළෙහුය. සාපරාධී ලෙසින් හා සතුරුකමින් ඇතැමෙකුට එරෙහිව තවත් පිරිසකට උදව් කරමින් නුඹලා අතර වූ පිරිසක් තවත් පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර කළෙහුය. ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන්ව පිටුවහල්කිරීම නුඹලාට තහනම්ව තිබිය දී සතුරන් අතට පත් සිරකරුවන් නුඹලා වෙත පැමිණි විට ඔවුන්ගේ සිරකරුවන් ඔවුන් මුදවා හරිනු පිණිස වන්දි ලබා දීමට නුඹලා වෑයම් කළෙහුය. එසේ නම් තව්රාතයේ සඳහන් ‘සිරකරුවන්ට වන්දි ලබාදීම අනිවාර්ය’ යනාදී කරණු නුඹලා විශ්වාස කොට ලේ හැළීමෙන් වැළකෙනු නිවෙස්වලින් බැහැර කිරීමෙන් වැළකෙනු යනාදී තව්රාතයේ සඳහන් ඇතැම් කරුණු නුඹලා ප්රතික්ෂේප කරන්නෙහුය. නුඹලා අතර එසේ සිදු කරන අයට අවමානය මිස වෙන කිසිවක් මෙලොව ජීවිතයේ දී නැත. මතුලොවෙහි දැඩි දඬුවම වෙත ඔහු යොමු කරනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඒ ගැන ඔහු නිරීක්ෂාවෙන් සිටියි. ඒ අනුව නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
التفاسير: