Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注僧伽罗语版

Số trang:close

external-link copy
17 : 56

یَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۟ۙ

ඔවුන්ගේ සේවය සඳහා ඔවුන් වටා දරුවන් සැරිසරති. ඔවුනට වයස්ගත වීමක් හෝ විනාශයක් හෝ නැත. info
التفاسير:

external-link copy
18 : 56

بِاَكْوَابٍ وَّاَبَارِیْقَ ۙ۬— وَكَاْسٍ مِّنْ مَّعِیْنٍ ۟ۙ

ස්වර්ගයේ නිමක් නැතිව ගලා යන මධු පානයෙන් පුරවන ලද අඬු රහිත පාත්ර හා අඬු සහිත කේතල් ද බීම සඳහා භාජන ද තම අතැතිව ඔවුහු ඔවුන් වටා සැරිසරති. info
التفاسير:

external-link copy
19 : 56

لَّا یُصَدَّعُوْنَ عَنْهَا وَلَا یُنْزِفُوْنَ ۟ۙ

එය මෙලොව මත්පැන් මෙන් නොවේ. එය පානය කරන්නාට හිසරදය හෝ බුද්ධි පහවීමක් හෝ ඇති නොවේ. info
التفاسير:

external-link copy
20 : 56

وَفَاكِهَةٍ مِّمَّا یَتَخَیَّرُوْنَ ۟ۙ

ඔවුනට තෝරා ගත හැකි පරිදි පලතුරු සමග එම දරුවෝ ඔවුන් වටා සැරිසරති. info
التفاسير:

external-link copy
21 : 56

وَلَحْمِ طَیْرٍ مِّمَّا یَشْتَهُوْنَ ۟ؕ

ඔවුන් කැමති පරිදි භුක්ති විඳින්නට කුරුලු මස් සමග ඔවුහු ඔවුන් වටා සැරිසරති. info
التفاسير:

external-link copy
22 : 56

وَحُوْرٌ عِیْنٌ ۟ۙ

අලංකාරයේ විහිදුණු නෙත් සහිත කුමරියන් එම ස්වර්ගයේ ඔවුනට ඇත. info
التفاسير:

external-link copy
23 : 56

كَاَمْثَالِ اللُّؤْلُو الْمَكْنُوْنِ ۟ۚ

ඔවුහු මුහුදු බෙල්ලෝ තුළ ආරක්ෂා කරන ලද මුතු මෙන් වෙති. info
التفاسير:

external-link copy
24 : 56

جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟

ඒවා ඔවුන් මෙලොවෙහි සිදු කරමින් ආ දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට තිළිණ වශයෙනි. info
التفاسير:

external-link copy
25 : 56

لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا تَاْثِیْمًا ۟ۙ

ස්වර්ගයේ අශීලාචාර කතාවට හෝ පුද්ගලයා වෙත පාපය සේන්දු කරවන ප්රකාශයට හෝ ඔවුහු සවන් නොදෙති. info
التفاسير:

external-link copy
26 : 56

اِلَّا قِیْلًا سَلٰمًا سَلٰمًا ۟

ඔවුන් වෙත මලක්වරුන්ගේ සලාම් -ශාන්තියේ ආචාරය- හා ඔවුනොවුන්ගේ සලාමය හැර වෙනත් කිසිවකට ඔවුන් සවන් නොදෙති. info
التفاسير:

external-link copy
27 : 56

وَاَصْحٰبُ الْیَمِیْنِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْیَمِیْنِ ۟ؕ

දකුණු පස ජනයා, - ඔවුන් වනාහි තම දකුණු අතට ඔවුන්ගේ වාර්තා පොත පිරිනමනු ලබන්නෝ වෙති- අල්ලාහ් අබියස ඔවුන්ගේ කටයුත්තේ හා ඔවුන්ගේ නිලයේ තරම ඉතා විශාලය! info
التفاسير:

external-link copy
28 : 56

فِیْ سِدْرٍ مَّخْضُوْدٍ ۟ۙ

ඔවුන් කටු රහිත සිද්ර් හෙවත මසන් ගත් අතරෙහිය. එහි කිසිදු උවදුරක් නැත. info
التفاسير:

external-link copy
29 : 56

وَّطَلْحٍ مَّنْضُوْدٍ ۟ۙ

එකිනෙකටට ඇමුණුනු පෙළින් පෙළට ඇති කෙසෙල් අතරය. info
التفاسير:

external-link copy
30 : 56

وَّظِلٍّ مَّمْدُوْدٍ ۟ۙ

දිගු හරින ලද නිරන්තරයෙන්ම පවතින සෙවණැලි අතරය. info
التفاسير:

external-link copy
31 : 56

وَّمَآءٍ مَّسْكُوْبٍ ۟ۙ

නතර නොවී ගලා යන ජලය අතරය. info
التفاسير:

external-link copy
32 : 56

وَّفَاكِهَةٍ كَثِیْرَةٍ ۟ۙ

සීමාවක් නැති බොහෝ පලතුරු අතරය. info
التفاسير:

external-link copy
33 : 56

لَّا مَقْطُوْعَةٍ وَّلَا مَمْنُوْعَةٍ ۟ۙ

ඔවුන්ගෙන් කිසිවිටෙක කප්පාදු කරනු නොලැබේ. එයට වාරයක් හෝ කාලයක් නැත. පරිභෝජනය කිරීම සඳහා තමන් සිතන කවර වේලාවක හෝ වේවා එය වළක්වාලන කිසිදු විරෝධියෙකු නැත. info
التفاسير:

external-link copy
34 : 56

وَّفُرُشٍ مَّرْفُوْعَةٍ ۟ؕ

ඇඳන් මත උසින් තබන ලද උසස් ඝණයේ ඇතිරිලි අතරය. info
التفاسير:

external-link copy
35 : 56

اِنَّاۤ اَنْشَاْنٰهُنَّ اِنْشَآءً ۟ۙ

ඉහත සඳහන් කරන ලද කුමරියන් සැබැවින්ම අපි අසාමාන්ය ලෙස නිර්මාණය කර ඇත්තෙමු. info
التفاسير:

external-link copy
36 : 56

فَجَعَلْنٰهُنَّ اَبْكَارًا ۟ۙ

මීට පෙර ස්පර්ශ නොකරන ලද කන්යා කුමරියන් බවට අපි ඔවුන් පත් කළෙමු. info
التفاسير:

external-link copy
37 : 56

عُرُبًا اَتْرَابًا ۟ۙ

තම සහකරුවන්ට පෙමින් බැඳුණු සම වයසේ කන්යාවියන් වෙති. info
التفاسير:

external-link copy
38 : 56

لِّاَصْحٰبِ الْیَمِیْنِ ۟ؕ۠

ඔවුන්ගේ සුව පහසුකම් සංඛේතවත් කරමින් දකුණ දෙසින් ගනු ලැබූ දකුණු පස ජනයා වෙනුවෙන් අපි ඔවුන් නිර්මාණය කර ඇත්තෙමු. info
التفاسير:

external-link copy
39 : 56

ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ

ඔවුන් පෙර පැමිණි නබිවරුන්ගේ සමූහයන් අතර සිටි පිරිසකි. info
التفاسير:

external-link copy
40 : 56

وَثُلَّةٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ

තවද මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා අතරින් වූ තවත් පිරිසකි. එය අවසන් ප්රජාව වන්නේය. info
التفاسير:

external-link copy
41 : 56

وَاَصْحٰبُ الشِّمَالِ ۙ۬— مَاۤ اَصْحٰبُ الشِّمَالِ ۟ؕ

වම්පස ජනයා, -ඔවුන් වනාහි තම වමතට ඔවුන්ගේ වාර්තා පොත පිරිනමනු ලබන්නෝ වෙති.- ඔවුන්ගේ තත්ත්වය හා ඔවුන්ගේ නවාතැන ඉතා නපුරුය. info
التفاسير:

external-link copy
42 : 56

فِیْ سَمُوْمٍ وَّحَمِیْمٍ ۟ۙ

දැඩි උණුසුමෙන් යුත් සුළං හා දැඩි උණුසුමෙන් යුත් ලෝ දිය අතරය. info
التفاسير:

external-link copy
43 : 56

وَّظِلٍّ مِّنْ یَّحْمُوْمٍ ۟ۙ

කළු පැහැති දුමාරයෙන් යුත් හෙවණක් අතරය. info
التفاسير:

external-link copy
44 : 56

لَّا بَارِدٍ وَّلَا كَرِیْمٍ ۟

හමන සුළඟේ නැවුම් බවක් නැත. අලංකාර දර්ශණයක් ද නැත. info
التفاسير:

external-link copy
45 : 56

اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰلِكَ مُتْرَفِیْنَ ۟ۚۖ

ඔවුන් දඬුවමට ලක් වීමට පෙර සැබැවින්ම ඔවුහු මෙලොවෙහි භුක්තිවිඳිමින් සිටියෝය. ඔවුන්ගේ ආත්මාශාවන් මිස වෙනත් අරමුණක් ඔවුනට එහි නොවීය. info
التفاسير:

external-link copy
46 : 56

وَكَانُوْا یُصِرُّوْنَ عَلَی الْحِنْثِ الْعَظِیْمِ ۟ۚ

අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමේ හා ඔහු හැර වෙනත් පිළිමවලට වන්දනාමාන කිරීමෙහි හිතුවක්කාර ලෙස නිරත ව සිටියෝය. info
التفاسير:

external-link copy
47 : 56

وَكَانُوْا یَقُوْلُوْنَ ۙ۬— اَىِٕذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ ۟ۙ

සැබැවින්ම ඔවුන් නැවත නැගිටුවනු ලැබීම හාස්යට ගනිමින් හා ඉන් දුරස් වන්නට බලමින් එය හෙළා දැක, ‘අපි මිය ගොස්; පස් බවට පත්ව; අස්ථි ද දිරා ගිය විට ඉන්පසු නැවත අපි නැගිටුවනු ලබන්නෙමු ද?’ යැයි විමසා සිටියෝය. info
التفاسير:

external-link copy
48 : 56

اَوَاٰبَآؤُنَا الْاَوَّلُوْنَ ۟

අපට පෙර මිය ගිය අපගේ ප්රාරම්භක මුතුන් මිත්තන් යළි අවදි කරනු ලබන්නේ ද? info
التفاسير:

external-link copy
49 : 56

قُلْ اِنَّ الْاَوَّلِیْنَ وَالْاٰخِرِیْنَ ۟ۙ

අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම හෙළා දකින්නන්හට නුඹ මෙසේ පවසනු: "සැබැවින්ම ජනයා අතරින් මුල් කාලීනයන් ද ඔවුන් අතරින් පසු කාලීනයන් ද වෙති." info
التفاسير:

external-link copy
50 : 56

لَمَجْمُوْعُوْنَ ۙ۬— اِلٰی مِیْقَاتِ یَوْمٍ مَّعْلُوْمٍ ۟

කිසිදු සැකයකින් තොර ව විනිශ්චය හා ප්රතිඵල සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් එක්රැස් කරනු ලබති. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• العمل الصالح سبب لنيل النعيم في الآخرة.
•දැහැමි ක්රියාවන් මතුලොවෙහි සුවපහසුකම් අත්පත් කර ගැනීමට හේතුවක් වෙයි. info

• الترف والتنعم من أسباب الوقوع في المعاصي.
•සුඛෝපභෝගී ජීවිතය හා සැපවත්කම පාපකම්හි වැටීමට හේතු සාධක වන්නේය. info

• خطر الإصرار على الذنب.
•පාපකම්වල නිරත වීමෙහි භයානකකම. info