Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala về diễn giải ngắn gọn Kinh Qur'an

external-link copy
22 : 34

قُلِ ادْعُوا الَّذِیْنَ زَعَمْتُمْ مِّنْ دُوْنِ اللّٰهِ ۚ— لَا یَمْلِكُوْنَ مِثْقَالَ ذَرَّةٍ فِی السَّمٰوٰتِ وَلَا فِی الْاَرْضِ وَمَا لَهُمْ فِیْهِمَا مِنْ شِرْكٍ وَّمَا لَهٗ مِنْهُمْ مِّنْ ظَهِیْرٍ ۟

අහෝ දූතය! එම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු: “අල්ලාහ් හැර නුඹලාට සැබැවින්ම දෙවිවරුන් සිටන බව නුඹලා විශ්වාස කරන එම දෙවිවරුන් නුඹලාට යහපත ගෙන දෙන්නට හෝ නුඹලාට අත්වන උවදුරු නුඹලාගෙන් පහ කිරීමට හෝ නුඹලා ඇරයුම් කර සිටිනු. ඔවුනට අහස්හි හා මහපොළොවේ අනුවක තරම් ප්රමාණයක් හෝ කිසිදු හැකියාවක් නැත. අල්ලාහ් සමග එහි ඔවුනට හවුල් විය ද නොහැක. අල්ලාහ්ට උපකාර කරන කිසිවකු ද නැත. ඔහු සියලු හවුල්කරුවන්ගෙන් හා උදව්කරුවන්ගෙන් තොර ස්වාධීනය. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• الشكر يحفظ النعم، والجحود يسبب سلبها.
•කෘතඥ වීම ආශිර්වාදයන් ආරක්ෂා කර දෙයි. ගුණමකුවීම ඒවා ඉවත් වන්නට හේතුවක් වෙයි. info

• الأمن من أعظم النعم التي يمتنّ الله بها على العباد.
•අල්ලාහ් තම ගැත්තන් හට පිරිනමන අතිමහත් ආශිර්වාදය ආරක්ෂාවයි. info

• الإيمان الصحيح يعصم من اتباع إغواء الشيطان بإذن الله.
• ෂෙයිතාන් නොමඟ යවන දෑ පිළිපැදීමෙන් නිවැරදි දේව විශ්වාසය අල්ලාහ්ගේ අනුමැතියෙන් මිනිසාව ආරක්ෂා කරයි. info

• ظهور إبطال أسباب الشرك ومداخله كالزعم بأن للأصنام مُلْكًا أو مشاركة لله، أو إعانة أو شفاعة عند الله.
•සැබැවින්ම පිළිමවලට බලයක් ඇති බව හෝ අල්ලාහ්ට හවුල්කරුවන් සිටින බව හෝ අල්ලාහ් අබියස මැදිහත්ව කතා කරන්නන් සිටින බවට විශ්වාස කරන පරිදි දේව ආදේශයේ හේතු සාධක හා එහි පිවිසුම් මාර්ග නිෂ්ප්රභා කිරීම හෙළි කිරීම. info