Bản dịch ý nghĩa nội dung Qur'an - 僧伽罗语翻译 - 先锋翻译中心

අත් තක්වීර්

external-link copy
1 : 81

اِذَا الشَّمْسُ كُوِّرَتْ ۟

හිරු හකුළනු ලබන විට; info
التفاسير:

external-link copy
2 : 81

وَاِذَا النُّجُوْمُ انْكَدَرَتْ ۟

තවද තරු කඩා හැලෙන විට; info
التفاسير:

external-link copy
3 : 81

وَاِذَا الْجِبَالُ سُیِّرَتْ ۟

තවද කඳු විතැන් කරනු ලබන විට; info
التفاسير:

external-link copy
4 : 81

وَاِذَا الْعِشَارُ عُطِّلَتْ ۟

තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට; info
التفاسير:

external-link copy
5 : 81

وَاِذَا الْوُحُوْشُ حُشِرَتْ ۟

තවද වන සතුන් රැස් කරනු ලබන විට; info
التفاسير:

external-link copy
6 : 81

وَاِذَا الْبِحَارُ سُجِّرَتْ ۟

තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට; info
التفاسير:

external-link copy
7 : 81

وَاِذَا النُّفُوْسُ زُوِّجَتْ ۟

තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට; info
التفاسير:

external-link copy
8 : 81

وَاِذَا الْمَوْءٗدَةُ سُىِٕلَتْ ۟

තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට; info
التفاسير:

external-link copy
9 : 81

بِاَیِّ ذَنْۢبٍ قُتِلَتْ ۟ۚ

තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ? යි (විමසනු ලබන විට;) info
التفاسير:

external-link copy
10 : 81

وَاِذَا الصُّحُفُ نُشِرَتْ ۟

තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට; info
التفاسير:

external-link copy
11 : 81

وَاِذَا السَّمَآءُ كُشِطَتْ ۟

තවද අහස නිරාවරණය කරනු ලබන විට; info
التفاسير:

external-link copy
12 : 81

وَاِذَا الْجَحِیْمُ سُعِّرَتْ ۟

තවද නිරය මොලවනු ලබන විට; info
التفاسير:

external-link copy
13 : 81

وَاِذَا الْجَنَّةُ اُزْلِفَتْ ۟

තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට; info
التفاسير:

external-link copy
14 : 81

عَلِمَتْ نَفْسٌ مَّاۤ اَحْضَرَتْ ۟ؕ

ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක් දැ? යි දැන ගනු ඇත. info
التفاسير:

external-link copy
15 : 81

فَلَاۤ اُقْسِمُ بِالْخُنَّسِ ۟ۙ

එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි. info
التفاسير:

external-link copy
16 : 81

الْجَوَارِ الْكُنَّسِ ۟ۙ

(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි. info
التفاسير:

external-link copy
17 : 81

وَالَّیْلِ اِذَا عَسْعَسَ ۟ۙ

රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්, info
التفاسير:

external-link copy
18 : 81

وَالصُّبْحِ اِذَا تَنَفَّسَ ۟ۙ

පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්. info
التفاسير:

external-link copy
19 : 81

اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِیْمٍ ۟ۙ

නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ. info
التفاسير:

external-link copy
20 : 81

ذِیْ قُوَّةٍ عِنْدَ ذِی الْعَرْشِ مَكِیْنٍ ۟ۙ

(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි. info
التفاسير:

external-link copy
21 : 81

مُّطَاعٍ ثَمَّ اَمِیْنٍ ۟ؕ

තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි. info
التفاسير:

external-link copy
22 : 81

وَمَا صَاحِبُكُمْ بِمَجْنُوْنٍ ۟ۚ

තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නො වේ. info
التفاسير:

external-link copy
23 : 81

وَلَقَدْ رَاٰهُ بِالْاُفُقِ الْمُبِیْنِ ۟ۚ

තවද සැබැවින් ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේ ය. info
التفاسير:

external-link copy
24 : 81

وَمَا هُوَ عَلَی الْغَیْبِ بِضَنِیْنٍ ۟ۚ

තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නො වේ. info
التفاسير:

external-link copy
25 : 81

وَمَا هُوَ بِقَوْلِ شَیْطٰنٍ رَّجِیْمٍ ۟ۙ

තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නො වේ. info
التفاسير:

external-link copy
26 : 81

فَاَیْنَ تَذْهَبُوْنَ ۟ؕ

එබැවින් නුඹලා යන්නේ කොයිබට ද? info
التفاسير:

external-link copy
27 : 81

اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟ۙ

එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත. info
التفاسير:

external-link copy
28 : 81

لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ یَّسْتَقِیْمَ ۟ؕ

නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය. info
التفاسير:

external-link copy
29 : 81

وَمَا تَشَآءُوْنَ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ رَبُّ الْعٰلَمِیْنَ ۟۠

තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නො කරන්නෙහු ය. info
التفاسير: