Bản dịch ý nghĩa nội dung Qur'an - 僧伽罗语翻译 - 先锋翻译中心

Số trang:close

external-link copy
24 : 4

وَّالْمُحْصَنٰتُ مِنَ النِّسَآءِ اِلَّا مَا مَلَكَتْ اَیْمَانُكُمْ ۚ— كِتٰبَ اللّٰهِ عَلَیْكُمْ ۚ— وَاُحِلَّ لَكُمْ مَّا وَرَآءَ ذٰلِكُمْ اَنْ تَبْتَغُوْا بِاَمْوَالِكُمْ مُّحْصِنِیْنَ غَیْرَ مُسٰفِحِیْنَ ؕ— فَمَا اسْتَمْتَعْتُمْ بِهٖ مِنْهُنَّ فَاٰتُوْهُنَّ اُجُوْرَهُنَّ فَرِیْضَةً ؕ— وَلَا جُنَاحَ عَلَیْكُمْ فِیْمَا تَرٰضَیْتُمْ بِهٖ مِنْ بَعْدِ الْفَرِیْضَةِ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلِیْمًا حَكِیْمًا ۟

(යුධ සිරකාරියන් අතරින්) නුඹලාගේ පාලනය යටතෙහි සිටින (වහල්) කාන්තාවන් හැර සෙසු විවාහක කාන්තාවන් (සමඟ විවාහ වීම ද තහනම් කරන ලදි. එය) නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ නියමයක් ලෙසිනි. මොවුන් හැරුණු විට (වෙනත් ස්ත්‍රීන් කාමයේ) වරදවා හැසිරීමකින් තොරව පතිවත රකිමින් නුඹලාගේ සම්පත් (මහර් පිරිනැමීම) තුළින් සෙවීම නුඹලාට අනුමත කරන ලදි. එබැවින් ඔවුන් සමඟ කවර දෙයක නුඹලා පහස විඳින්නෙහු ද ඒ වෙනුවෙන් වගකීමක් වශයෙන් ඔවුන්ගේ කුලී (මහර්) නුඹලා ලබා දෙනු. (මහර්) නියම කළ පසු (මහර්හි අඩු වැඩි කිරීම සම්බන්ධයෙන්) කවර දෙයක් පිළිබඳව නුඹලා එකිනෙකා අතර එකඟතාවට පැමිණෙන්නේ ද එහි නුඹලාට වරදක් නැත. සැබැවින් ම අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්තය info
التفاسير:

external-link copy
25 : 4

وَمَنْ لَّمْ یَسْتَطِعْ مِنْكُمْ طَوْلًا اَنْ یَّنْكِحَ الْمُحْصَنٰتِ الْمُؤْمِنٰتِ فَمِنْ مَّا مَلَكَتْ اَیْمَانُكُمْ مِّنْ فَتَیٰتِكُمُ الْمُؤْمِنٰتِ ؕ— وَاللّٰهُ اَعْلَمُ بِاِیْمَانِكُمْ ؕ— بَعْضُكُمْ مِّنْ بَعْضٍ ۚ— فَانْكِحُوْهُنَّ بِاِذْنِ اَهْلِهِنَّ وَاٰتُوْهُنَّ اُجُوْرَهُنَّ بِالْمَعْرُوْفِ مُحْصَنٰتٍ غَیْرَ مُسٰفِحٰتٍ وَّلَا مُتَّخِذٰتِ اَخْدَانٍ ۚ— فَاِذَاۤ اُحْصِنَّ فَاِنْ اَتَیْنَ بِفَاحِشَةٍ فَعَلَیْهِنَّ نِصْفُ مَا عَلَی الْمُحْصَنٰتِ مِنَ الْعَذَابِ ؕ— ذٰلِكَ لِمَنْ خَشِیَ الْعَنَتَ مِنْكُمْ ؕ— وَاَنْ تَصْبِرُوْا خَیْرٌ لَّكُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟۠

දේවත්වය විශ්වාස කළ නිදහස් කාන්තාවන් විවාහ කර ගැනීමට නුඹලා අතුරින් කවරෙකුට වත්කම් නොමැත්තේ ද එවිට නුඹලාගේ පාලන යටතෙහි සිටින (වහල්) කාන්තාවන් අතුරින් නුඹලා සතු දේවත්වය විශ්වාස කරන වහල් කාන්තාවන්ගෙන් (විවාහය) විය යුතු ය. තවද අල්ලාහ් නුඹලාගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා ය. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙනි. එබැවින් නුඹලා ඔවුන්ගේ පවුලේ (භාරකරුවන්ගේ) අනුමැතිය මත, පතිවත රකින, ප්‍රසිද්ධියේ දුරාචාරයේ නො යෙදන, එමෙන් ම රහසිගතව හෝ දුරාචාරයේ නො යෙදන කාන්තාවන්ව ඔවුනට ඔවුන්ගේ කුලී (මහර්) යහ අයුරින් පිරිනමා නුඹලා විවාහ කර ගනු. විවාහ කරනු ලැබීමෙන් පසුව ඔවුන් දුරාචාරයේ යෙදුනේ නම්, එවිට නිදහස් කාන්තාවන් මත පැවරෙන දඬුවමින් අඩක් ඔවුනට හිමි වේ. මෙය නුඹලා අතරින් දුරාචාරයේ යෙදීම ගැන බිය වන අයට ය. එහෙත් නුඹලා ඉවසිලිමත්ව කටයුතු කිරීම නුඹලාට උතුම් ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය. info
التفاسير:

external-link copy
26 : 4

یُرِیْدُ اللّٰهُ لِیُبَیِّنَ لَكُمْ وَیَهْدِیَكُمْ سُنَنَ الَّذِیْنَ مِنْ قَبْلِكُمْ وَیَتُوْبَ عَلَیْكُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟

නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත්, නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත්, නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය. info
التفاسير: