قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى

بەت نومۇرى:close

external-link copy
154 : 37

مَا لَكُمْ ۫— كَیْفَ تَحْكُمُوْنَ ۟

නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද? info
التفاسير:

external-link copy
155 : 37

اَفَلَا تَذَكَّرُوْنَ ۟ۚ

නුඹලා මෙනෙහි නො කරන්නෙහු ද? info
التفاسير:

external-link copy
156 : 37

اَمْ لَكُمْ سُلْطٰنٌ مُّبِیْنٌ ۟ۙ

නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද? info
التفاسير:

external-link copy
157 : 37

فَاْتُوْا بِكِتٰبِكُمْ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ පුස්තකය ගෙන එනු. info
التفاسير:

external-link copy
158 : 37

وَجَعَلُوْا بَیْنَهٗ وَبَیْنَ الْجِنَّةِ نَسَبًا ؕ— وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ اِنَّهُمْ لَمُحْضَرُوْنَ ۟ۙ

තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝ ය. තවද නියත වශයෙන් ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින් ම දැනගත්තෝ ය. info
التفاسير:

external-link copy
159 : 37

سُبْحٰنَ اللّٰهِ عَمَّا یَصِفُوْنَ ۟ۙ

ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය. info
التفاسير:

external-link copy
160 : 37

اِلَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِیْنَ ۟

එහෙත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර. info
التفاسير:

external-link copy
161 : 37

فَاِنَّكُمْ وَمَا تَعْبُدُوْنَ ۟ۙ

එහෙයින් සැබැවින් ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි... info
التفاسير:

external-link copy
162 : 37

مَاۤ اَنْتُمْ عَلَیْهِ بِفٰتِنِیْنَ ۟ۙ

නුඹලා ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නැත. info
التفاسير:

external-link copy
163 : 37

اِلَّا مَنْ هُوَ صَالِ الْجَحِیْمِ ۟

නිරා ගින්නට පිවිස දැවීමට නියම කරනු ලැබුවන් හැර. info
التفاسير:

external-link copy
164 : 37

وَمَا مِنَّاۤ اِلَّا لَهٗ مَقَامٌ مَّعْلُوْمٌ ۟ۙ

අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේ ම ය. info
التفاسير:

external-link copy
165 : 37

وَّاِنَّا لَنَحْنُ الصَّآفُّوْنَ ۟ۚ

තවද නියත වශයෙන්ම අප මය පෙළගැසෙන්නෝ. info
التفاسير:

external-link copy
166 : 37

وَاِنَّا لَنَحْنُ الْمُسَبِّحُوْنَ ۟

තවද නියත වශයෙන් ම අප මය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.) info
التفاسير:

external-link copy
167 : 37

وَاِنْ كَانُوْا لَیَقُوْلُوْنَ ۟ۙ

තවද (දේවත්වයට ආදේශ කරන්නන් වන) ඔවුහු (මෙසේ) පවසමින් සිටියෝය. info
التفاسير:

external-link copy
168 : 37

لَوْ اَنَّ عِنْدَنَا ذِكْرًا مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ

(එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින් ම අප වෙත තිබුණේ නම්, info
التفاسير:

external-link copy
169 : 37

لَكُنَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِیْنَ ۟

සැබැවින් ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝ ය.) info
التفاسير:

external-link copy
170 : 37

فَكَفَرُوْا بِهٖ فَسَوْفَ یَعْلَمُوْنَ ۟

එහෙත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝ ය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත. info
التفاسير:

external-link copy
171 : 37

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِیْنَ ۟ۚۖ

තවද ධර්ම දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන්හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින් ම පෙරටු විය. info
التفاسير:

external-link copy
172 : 37

اِنَّهُمْ لَهُمُ الْمَنْصُوْرُوْنَ ۪۟

නියත වශයෙන් ම ඔවුහු මය උදව් කරනු ලබන්නෝ. info
التفاسير:

external-link copy
173 : 37

وَاِنَّ جُنْدَنَا لَهُمُ الْغٰلِبُوْنَ ۟

තවද නියත වශයෙන් ම අපගේ සේනාව වන ඔවුහු මය (අබිබවා යමින්) ජය ලබන්නෝ. info
التفاسير:

external-link copy
174 : 37

فَتَوَلَّ عَنْهُمْ حَتّٰی حِیْنٍ ۟ۙ

එහෙයින් (නබිවරය!) නුඹ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත්ව සිටිනු. info
التفاسير:

external-link copy
175 : 37

وَّاَبْصِرْهُمْ فَسَوْفَ یُبْصِرُوْنَ ۟

තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත. info
التفاسير:

external-link copy
176 : 37

اَفَبِعَذَابِنَا یَسْتَعْجِلُوْنَ ۟

එසේ අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ? info
التفاسير:

external-link copy
177 : 37

فَاِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ الْمُنْذَرِیْنَ ۟

පසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය. info
التفاسير:

external-link copy
178 : 37

وَتَوَلَّ عَنْهُمْ حَتّٰی حِیْنٍ ۟ۙ

තවද මද කලක් දක්වා ඔවුන්ගෙන් නුඹ ඉවත්ව සිටිනු. info
التفاسير:

external-link copy
179 : 37

وَّاَبْصِرْ فَسَوْفَ یُبْصِرُوْنَ ۟

තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත. info
التفاسير:

external-link copy
180 : 37

سُبْحٰنَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا یَصِفُوْنَ ۟ۚ

ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධ ය. info
التفاسير:

external-link copy
181 : 37

وَسَلٰمٌ عَلَی الْمُرْسَلِیْنَ ۟ۚ

තවද සියලු ම ධර්ම දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා! info
التفاسير:

external-link copy
182 : 37

وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟۠

තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා හිමිය. info
التفاسير: