قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى

بەت نومۇرى:close

external-link copy
52 : 37

یَّقُوْلُ ءَاِنَّكَ لَمِنَ الْمُصَدِّقِیْنَ ۟

නියත වශයෙන් ම නුඹ (විනිශ්චය දිනය) සත්‍ය කරන්නන් අතරින් කෙනෙකු දැ? යි ඔහු විමසයි. info
التفاسير:

external-link copy
53 : 37

ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَدِیْنُوْنَ ۟

අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අප ප්‍රතිඵල දෙනු ලබන්නෙම් දැ? (යි ද ඔහු විමසයි.) info
التفاسير:

external-link copy
54 : 37

قَالَ هَلْ اَنْتُمْ مُّطَّلِعُوْنَ ۟

නුඹලා ඔහුව එබී බලන්නේ දැ? යි ඔහු (අල්ලාහ්) විමසයි. info
التفاسير:

external-link copy
55 : 37

فَاطَّلَعَ فَرَاٰهُ فِیْ سَوَآءِ الْجَحِیْمِ ۟

එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත. info
التفاسير:

external-link copy
56 : 37

قَالَ تَاللّٰهِ اِنْ كِدْتَّ لَتُرْدِیْنِ ۟ۙ

අල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පවසයි. info
التفاسير:

external-link copy
57 : 37

وَلَوْلَا نِعْمَةُ رَبِّیْ لَكُنْتُ مِنَ الْمُحْضَرِیْنَ ۟

මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නො වී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතරින් වෙමි. info
التفاسير:

external-link copy
58 : 37

اَفَمَا نَحْنُ بِمَیِّتِیْنَ ۟ۙ

එසේ නම් අප මිය යන්නන් ලෙස නො වන්නෙමු ද? info
التفاسير:

external-link copy
59 : 37

اِلَّا مَوْتَتَنَا الْاُوْلٰی وَمَا نَحْنُ بِمُعَذَّبِیْنَ ۟

අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නො වෙමු. info
التفاسير:

external-link copy
60 : 37

اِنَّ هٰذَا لَهُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟

නියත වශයෙන් ම මෙය මය අතිමහත් ජයග්‍රහණ ය. info
التفاسير:

external-link copy
61 : 37

لِمِثْلِ هٰذَا فَلْیَعْمَلِ الْعٰمِلُوْنَ ۟

මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා! info
التفاسير:

external-link copy
62 : 37

اَذٰلِكَ خَیْرٌ نُّزُلًا اَمْ شَجَرَةُ الزَّقُّوْمِ ۟

සංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගස ද? info
التفاسير:

external-link copy
63 : 37

اِنَّا جَعَلْنٰهَا فِتْنَةً لِّلظّٰلِمِیْنَ ۟

නියත වශයෙන් ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු. info
التفاسير:

external-link copy
64 : 37

اِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِیْۤ اَصْلِ الْجَحِیْمِ ۟ۙ

නියත වශයෙන් ම එය නිරය පතුලෙහි මතු වන ගසකි. info
التفاسير:

external-link copy
65 : 37

طَلْعُهَا كَاَنَّهٗ رُءُوْسُ الشَّیٰطِیْنِ ۟

එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි. info
التفاسير:

external-link copy
66 : 37

فَاِنَّهُمْ لَاٰكِلُوْنَ مِنْهَا فَمَالِـُٔوْنَ مِنْهَا الْبُطُوْنَ ۟ؕ

එවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කර එයින් කුසවල් පුරවාගන්නෝ වෙති. info
التفاسير:

external-link copy
67 : 37

ثُمَّ اِنَّ لَهُمْ عَلَیْهَا لَشَوْبًا مِّنْ حَمِیْمٍ ۟ۚ

පසුව නියත වශයෙන් ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත. info
التفاسير:

external-link copy
68 : 37

ثُمَّ اِنَّ مَرْجِعَهُمْ لَاۡاِلَی الْجَحِیْمِ ۟

පසුව නියත වශයෙන් ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙත ය. info
التفاسير:

external-link copy
69 : 37

اِنَّهُمْ اَلْفَوْا اٰبَآءَهُمْ ضَآلِّیْنَ ۟ۙ

නියත වශයෙන් ම ඔවුහු (මෙලොවෙහි) ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝ ය. info
التفاسير:

external-link copy
70 : 37

فَهُمْ عَلٰۤی اٰثٰرِهِمْ یُهْرَعُوْنَ ۟

තවද ඔවුහු ඔවුන්ගේ පා සලකුණු මත යන්නට ඉක්මන් කරනු ලබති. info
التفاسير:

external-link copy
71 : 37

وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ اَكْثَرُ الْاَوَّلِیْنَ ۟ۙ

ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින් ම නොමග ගියෝ ය. info
التفاسير:

external-link copy
72 : 37

وَلَقَدْ اَرْسَلْنَا فِیْهِمْ مُّنْذِرِیْنَ ۟

තවද සැබැවින් ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු. info
التفاسير:

external-link copy
73 : 37

فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِیْنَ ۟ۙ

අවවාද කරනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැ? යි මැනවින් බලනු. info
التفاسير:

external-link copy
74 : 37

اِلَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِیْنَ ۟۠

අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය). info
التفاسير:

external-link copy
75 : 37

وَلَقَدْ نَادٰىنَا نُوْحٌ فَلَنِعْمَ الْمُجِیْبُوْنَ ۟ؗۖ

තවද සැබැවින් ම නූහ් අප ඇමතුවේ ය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයින් වූයෙමු. info
التفاسير:

external-link copy
76 : 37

وَنَجَّیْنٰهُ وَاَهْلَهٗ مِنَ الْكَرْبِ الْعَظِیْمِ ۟ؗۖ

තවද අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු. info
التفاسير: