แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด

අල් ළුහා

external-link copy
1 : 93

وَالضُّحٰی ۟ۙ

පෙරවරු ව මත දිවුරමින්, info
التفاسير:

external-link copy
2 : 93

وَالَّیْلِ اِذَا سَجٰی ۟ۙ

තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්, info
التفاسير:

external-link copy
3 : 93

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلٰی ۟ؕ

නුඹගේ පරමාධිපති නුඹව අතහැර දැමුවේ නැත. එමෙන් ම ඔහු අමනාප වූයේ ද නැත. info
التفاسير:

external-link copy
4 : 93

وَلَلْاٰخِرَةُ خَیْرٌ لَّكَ مِنَ الْاُوْلٰی ۟ؕ

සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය. info
التفاسير:

external-link copy
5 : 93

وَلَسَوْفَ یُعْطِیْكَ رَبُّكَ فَتَرْضٰی ۟ؕ

තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත. info
التفاسير:

external-link copy
6 : 93

اَلَمْ یَجِدْكَ یَتِیْمًا فَاٰوٰی ۪۟

ඔහු නුඹව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නො දුන්නේ ද? info
التفاسير:

external-link copy
7 : 93

وَوَجَدَكَ ضَآلًّا فَهَدٰی ۪۟

තවද නුඹව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේ ය. info
التفاسير:

external-link copy
8 : 93

وَوَجَدَكَ عَآىِٕلًا فَاَغْنٰی ۟ؕ

තවද ඔහු නුඹව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේ ය. info
التفاسير:

external-link copy
9 : 93

فَاَمَّا الْیَتِیْمَ فَلَا تَقْهَرْ ۟ؕ

එහෙයින් අනාථයාට කටුක ලෙස නො සළකනු. info
التفاسير:

external-link copy
10 : 93

وَاَمَّا السَّآىِٕلَ فَلَا تَنْهَرْ ۟ؕ

තවද අයදින්නා ව පලවා නො හරිනු. info
التفاسير:

external-link copy
11 : 93

وَاَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ۟۠

තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු. info
التفاسير: