แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด

අල් බකරා

external-link copy
1 : 2

الٓمّٓ ۟ۚ

අලිෆ්, ලාම්, මීම්. (මේ ආකාරයට අරාබි අක්ෂර කිහිපයකින් පසු අල් කුර්ආනයේ සමහර පරිච්ජේද ආරම්භ වේ. විද්වතුන්ගේ අදහස් අනුව, මෙහි අපි නොදන්නා ගැඹුරු අර්ථයක් අන්තර්ගත වී ඇත.) info
التفاسير:

external-link copy
2 : 2

ذٰلِكَ الْكِتٰبُ لَا رَیْبَ ۖۚۛ— فِیْهِ ۚۛ— هُدًی لِّلْمُتَّقِیْنَ ۟ۙ

එයයි පුස්තකය, එහි කිසිදු සැකයක් නැත. බිය බැතිමතුන්හට (එය) මඟ පෙන්වන්නකි. info
التفاسير:

external-link copy
3 : 2

الَّذِیْنَ یُؤْمِنُوْنَ بِالْغَیْبِ وَیُقِیْمُوْنَ الصَّلٰوةَ وَمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟ۙ

ඔවුහු කවරහු ද යත් අදෘශ්‍යමාන දෑ පිළිබඳව විශ්වාස කරති. තවද සලාතය විදිමත්ව ඉටු කරති. තවද අප ඔවුනට ලබා දුන් දැයින් වියදම් කරති. info
التفاسير:

external-link copy
4 : 2

وَالَّذِیْنَ یُؤْمِنُوْنَ بِمَاۤ اُنْزِلَ اِلَیْكَ وَمَاۤ اُنْزِلَ مِنْ قَبْلِكَ ۚ— وَبِالْاٰخِرَةِ هُمْ یُوْقِنُوْنَ ۟ؕ

තවද ඔවුහු කවරහු ද යත් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති. info
التفاسير:

external-link copy
5 : 2

اُولٰٓىِٕكَ عَلٰی هُدًی مِّنْ رَّبِّهِمْ ۗ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟

ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තවද ඔවුහුම ය ජයග්‍රාහකයෝ. info
التفاسير: