Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
30 : 24

قُلْ لِّلْمُؤْمِنِیْنَ یَغُضُّوْا مِنْ اَبْصَارِهِمْ وَیَحْفَظُوْا فُرُوْجَهُمْ ؕ— ذٰلِكَ اَزْكٰی لَهُمْ ؕ— اِنَّ اللّٰهَ خَبِیْرٌ بِمَا یَصْنَعُوْنَ ۟

අහෝ දූතය! ඔවුනට අනුමත නොවන කාන්තාවන් දෙස හා රහසඟ දෙස බැලීමෙන් ඔවුන්ගේ බැල්ම ඔවුන් ආරක්ෂා කරන මෙන් ද තහනම් කරන ලද කරුණක වැටීමෙන් හා රහස්ය පෙදෙස් නිරාවරණය කිරීමෙන් ආරක්ෂා කරන මෙන් ද ඔවුනට පවසනු. එසේ අල්ලාහ් තහනම් කළ දෑ දෙස බැල්ම හෙළීමෙන් වැළකී සිටීමත් ලිංගේන්ද්රියන් ආරක්ෂා කර ගැනීමත් ඔහු අබියස ඔවුනට වඩාත් පිවිතුරුය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ තොරතුරු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• جواز دخول المباني العامة دون استئذان.
•පොදු ගොඩනැගිලිවලට අවසරයෙන් තොර ව පිවිසීමේ අනුමැතිය. info

• وجوب غض البصر على الرجال والنساء عما لا يحلّ لهم.
•පිරිමින් හා කාන්තාවන් ඔවුනට අනුමත නොවන දෑ බැලීමෙන් ඔවුන්ගේ බැල්ම පහත හෙළීමේ අනිවාර්යයභාවය. info

• وجوب الحجاب على المرأة.
•කාන්තාව හිජාබ් පැළදීමේ අනිවාර්යය භාවය. info

• منع استخدام وسائل الإثارة.
•පෙළඹවීමේ හා උද්දීපනය කිරීමේ මාධ්ය සාධක භාවිතා කිරීමෙන් වැළකීම. info