Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
74 : 2

ثُمَّ قَسَتْ قُلُوْبُكُمْ مِّنْ بَعْدِ ذٰلِكَ فَهِیَ كَالْحِجَارَةِ اَوْ اَشَدُّ قَسْوَةً ؕ— وَاِنَّ مِنَ الْحِجَارَةِ لَمَا یَتَفَجَّرُ مِنْهُ الْاَنْهٰرُ ؕ— وَاِنَّ مِنْهَا لَمَا یَشَّقَّقُ فَیَخْرُجُ مِنْهُ الْمَآءُ ؕ— وَاِنَّ مِنْهَا لَمَا یَهْبِطُ مِنْ خَشْیَةِ اللّٰهِ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟

මේ පැහැදිලි සාධක හා පැහැදිලි උපදෙස්වලට පසුව පවා නුඹලාගේ හදවත් දැඩි විය. ඒවා ගල් මෙන් විය. ඊටත් වඩා දැඩි විය. ඒවායෙහි තත්ත්වය කිසිවිටෙක වෙනස් වන්නේ නැත. නමුත් ගල් අතර පවා වෙනස්වන සුළු, තත්ත්වයකින් තවත් තත්ත්වයකට වෙනස් වන ගල් ද ඇත. ඒ අතර පිපිරී ගංගා මතු කරන ගල් ද ඇත. මිනිසුන් හා සතුන් ප්රයෝජනයට ගත හැකි පරිදි පැළී මහපොළොවේ ගලා යන්නට සළස්වන දිය උල්පත් මතුකරන ගල් ද ඇත. අල්ලාහ් කෙරෙහි බිය හා ලැදිකම හේතුවෙන් කඳු මුදුනින් වැටෙන ගල් ද ඇත. නමුත් නුඹලාගේ සිත් එලෙස නැත. අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අනවධානියකු නොවේ. ඔහු ඒ ගැන මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• أن بعض قلوب العباد أشد قسوة من الحجارة الصلبة؛ فلا تلين لموعظة، ولا تَرِقُّ لذكرى.
ඇතැම් ගැත්තන්ගේ හදවත් කළු ගලට වඩා දැඩිය, කෙතරම් උපදෙස් කළත් එය උණුවන්නේ නැත. කිසිදු මෙනෙහි කිරීමක් තුළින් ඒවා මෘදු බවට පත් වන්නේද නැත. info

• أن الدلائل والبينات - وإن عظمت - لا تنفع إن لم يكن القلب مستسلمًا خاشعًا لله.
සැබැවින් සාක්ෂි හා සාධක කෙතරම් බලවත් වූවත් එම හදවත අල්ලාහ්ට බියවී යටහත් නොවූයේ නම් කිසිදු ප්රයෝජනයක් නොවනු ඇත. info

• كشفت الآيات حقيقة ما انطوت عليه أنفس اليهود، حيث توارثوا الرعونة والخداع والتلاعب بالدين.
• යුදෙව්වන්ගේ ආත්මවල නලියන යථාර්ථය මෙම පාඨ හෙළි කළේය. එනම් දහම සම්බන්ධයෙන් ඔවුන් කරන වංචාව, අධම ක්රියාදාමයන් හා විහිළු ජන්මයෙන්ම උරුම කර ගෙන ඇති බව පවසමිනි. info