Përkthimi i kuptimeve të Kuranit Fisnik - Përkthimi sinhalisht - Qendra "Ruvad et-Terxheme

Numri i faqes:close

external-link copy
41 : 40

وَیٰقَوْمِ مَا لِیْۤ اَدْعُوْكُمْ اِلَی النَّجٰوةِ وَتَدْعُوْنَنِیْۤ اِلَی النَّارِ ۟ؕ

තවද “අහෝ මාගේ ජනයිනි! මට තිබෙන අවශ්‍යතාව කුමක් ද? මම නුඹලා ජයග්‍රහණය වෙත ඇරයුම් කරමි. එහෙත් නුඹලා (නිරයේ) ගින්න වෙත මා ඇරයුම් කරන්නෙහු ය.” info
التفاسير:

external-link copy
42 : 40

تَدْعُوْنَنِیْ لِاَكْفُرَ بِاللّٰهِ وَاُشْرِكَ بِهٖ مَا لَیْسَ لِیْ بِهٖ عِلْمٌ ؗ— وَّاَنَا اَدْعُوْكُمْ اِلَی الْعَزِیْزِ الْغَفَّارِ ۟

“මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක් නොමැත්තේ ද එවන් දෙයක් ඔහුට මා ආදේශ කරනු පිණිසත් නුඹලා මාහට ඇරයුම් කරන්නෙහු ය. තවද මම නුඹලා ඇරයුම් කරනුයේ අතික්ෂමාශීලී සර්ව බලධාරියාණන් වෙත ය.” info
التفاسير:

external-link copy
43 : 40

لَا جَرَمَ اَنَّمَا تَدْعُوْنَنِیْۤ اِلَیْهِ لَیْسَ لَهٗ دَعْوَةٌ فِی الدُّنْیَا وَلَا فِی الْاٰخِرَةِ وَاَنَّ مَرَدَّنَاۤ اِلَی اللّٰهِ وَاَنَّ الْمُسْرِفِیْنَ هُمْ اَصْحٰبُ النَّارِ ۟

“නියත වශයෙන් ම නුඹලා කවර කෙනෙකු වෙත මා ඇරයුම් කරන්නේ ද ඔහුට මෙලොව හෝ මතු ලොව (ඇරයුම් කිරීමේ) කිසිදු උරුමයක් නැතැයි යන්නටත් සැබැවින් ම අපගේ නැවත යොමු වීමේ ස්ථානය අල්ලාහ් වෙතය යන්නටත් තවද නියත වශයෙන් ම සීමාව ඉක්මවා ගියවුන් වන ඔවුහු (නිරා) ගින්නේ සගයින් වන්නේය යන්නටත් කිසිදු සැකයක් නැත.” info
التفاسير:

external-link copy
44 : 40

فَسَتَذْكُرُوْنَ مَاۤ اَقُوْلُ لَكُمْ ؕ— وَاُفَوِّضُ اَمْرِیْۤ اِلَی اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ بَصِیْرٌ بِالْعِبَادِ ۟

එබැවින් මා නුඹලා වෙත පවසන දෑ ගැන නුඹලා මතු සිහිපත් කරනු ඇත. තවද මාගේ කරුණ මම අල්ලාහ් වෙත යොමු කරමි. නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය. info
التفاسير:

external-link copy
45 : 40

فَوَقٰىهُ اللّٰهُ سَیِّاٰتِ مَا مَكَرُوْا وَحَاقَ بِاٰلِ فِرْعَوْنَ سُوْٓءُ الْعَذَابِ ۟ۚ

එමෙන් ම ඔවුන් කුමන්ත්‍රණ කළ දෑහි (සියලු) නපුරුකම්වලින් අල්ලාහ් ඔහු ආරක්ෂා කළේ ය. තවද දඬුවමේ බිහිසුණුකම ෆිර්අවුන්ගේ සේනාව වැටලී ය. info
التفاسير:

external-link copy
46 : 40

اَلنَّارُ یُعْرَضُوْنَ عَلَیْهَا غُدُوًّا وَّعَشِیًّا ۚ— وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ ۫— اَدْخِلُوْۤا اٰلَ فِرْعَوْنَ اَشَدَّ الْعَذَابِ ۟

(නිරයේ) ගින්න, ඒ වෙත ඔවුන් උදේ සවස ඉදිරිපත් කරනු ලබති. එම හෝරාව සිදු වන දින “ෆිර්අවුන්ගේ සේනාව දැඩි දඬුවමට ඇතුළත් කරනු.” (යැයි අණ කරනු ලැබේ.) info
التفاسير:

external-link copy
47 : 40

وَاِذْ یَتَحَآجُّوْنَ فِی النَّارِ فَیَقُوْلُ الضُّعَفٰٓؤُا لِلَّذِیْنَ اسْتَكْبَرُوْۤا اِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ اَنْتُمْ مُّغْنُوْنَ عَنَّا نَصِیْبًا مِّنَ النَّارِ ۟

තවද (නිරා) ගින්නේ ඔවුන් එකිනෙකා වාද කරමින් සිටින විට “නියත වශයෙන් ම අපි නුඹලා අනුගමනය කරමින් සිටියෙමු. එහෙයින් (නිරා) ගින්නෙන් කොටසක් අපගෙන් ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෝ” දැ? යි දුබලයින් උඩඟු වූ අයගෙන් විමසනු ඇත. info
التفاسير:

external-link copy
48 : 40

قَالَ الَّذِیْنَ اسْتَكْبَرُوْۤا اِنَّا كُلٌّ فِیْهَاۤ اِنَّ اللّٰهَ قَدْ حَكَمَ بَیْنَ الْعِبَادِ ۟

“නියත වශයෙන් ම අප සියල්ලෝ ම සිටින්නේ එහි ය. නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇතැ” යි උඩඟු වූවෝ පවසති. info
التفاسير:

external-link copy
49 : 40

وَقَالَ الَّذِیْنَ فِی النَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ادْعُوْا رَبَّكُمْ یُخَفِّفْ عَنَّا یَوْمًا مِّنَ الْعَذَابِ ۟

තවද “දිනකට අපෙන් දඬුවම සැහැල්ලු කරන මෙන් නුඹලා නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු.” යැයි (නිරා) ගින්නේ සිටින්නෝ නිරයේ භාරකරුවන්ට පවසති. info
التفاسير: