Përkthimi i kuptimeve të Kuranit Fisnik - Përkthimi sinhalisht - Qendra "Ruvad et-Terxheme

Numri i faqes:close

external-link copy
118 : 11

وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ اُمَّةً وَّاحِدَةً وَّلَا یَزَالُوْنَ مُخْتَلِفِیْنَ ۟ۙ

තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් සියලු ජනයා එක ම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. තවද ඔවුහු භේද ඇති කර ගන්නවුන් ලෙස ම සිටිති. info
التفاسير:

external-link copy
119 : 11

اِلَّا مَنْ رَّحِمَ رَبُّكَ ؕ— وَلِذٰلِكَ خَلَقَهُمْ ؕ— وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَاَمْلَـَٔنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ اَجْمَعِیْنَ ۟

එහෙත් නුඹගේ පරමාධිපති ආශිර්වාද කළ අය හැර. තවද ඒ වෙනුවෙන් ම ඔහු ඔවුන්ව මැව්වේ ය. තවද ජින්වරුන් හා මිනිසුන් යන දෙපිරිසගෙන් නිරය පුරවන්නෙමි යන නුඹගේ පරමාධිපතිගේ වදන පූර්ණවත් විය. info
التفاسير:

external-link copy
120 : 11

وَكُلًّا نَّقُصُّ عَلَیْكَ مِنْ اَنْۢبَآءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهٖ فُؤَادَكَ ۚ— وَجَآءَكَ فِیْ هٰذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَّذِكْرٰی لِلْمُؤْمِنِیْنَ ۟

තවද ධර්ම දූතයින්ගේ පුවත් අතරින් නුඹගේ හදවත් කවර කරුණක් මඟින් අපි ස්ථාවර කළෙමු ද එවන් සෑම දෙයක් ම නුඹ වෙත දන්වා සිටිමු. තවද මෙහි සත්‍යය ද දේවත්වය විශ්වාස කරන්නන්හට උපදෙසක් හා මෙනෙහි කිරීමක් ද නුඹ වෙත පැමිණ ඇත. info
التفاسير:

external-link copy
121 : 11

وَقُلْ لِّلَّذِیْنَ لَا یُؤْمِنُوْنَ اعْمَلُوْا عَلٰی مَكَانَتِكُمْ ؕ— اِنَّا عٰمِلُوْنَ ۟ۙ

තවද ‘නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට ක්‍රියා කරනු. සැබැවින් ම අපි ද ක්‍රියා කරන්නන් වෙමු’ යැයි විශ්වාස නො කරන්නන්හට (නබිවරය!) නුඹ පවසනු. info
التفاسير:

external-link copy
122 : 11

وَانْتَظِرُوْا ۚ— اِنَّا مُنْتَظِرُوْنَ ۟

තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම අපි ද බලාපොරොත්තුවන්නන් වෙමු. info
التفاسير:

external-link copy
123 : 11

وَلِلّٰهِ غَیْبُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاِلَیْهِ یُرْجَعُ الْاَمْرُ كُلُّهٗ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَیْهِ ؕ— وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟۠

අහස් හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතු ය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ම ය. එබැවින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහු වෙත සියල්ල භාර කරනු. නුඹගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳව අනවධානියෙකු නො වේ. info
التفاسير: