Përkthimi i kuptimeve të Kuranit Fisnik - Përkthimi sinhalisht - Qendra "Ruvad et-Terxheme

Numri i faqes:close

external-link copy
107 : 10

وَاِنْ یَّمْسَسْكَ اللّٰهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهٗۤ اِلَّا هُوَ ۚ— وَاِنْ یُّرِدْكَ بِخَیْرٍ فَلَا رَآدَّ لِفَضْلِهٖ ؕ— یُصِیْبُ بِهٖ مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ— وَهُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟

තවද අල්ලාහ් නුඹට යම් හානියක් ස්පර්ශ කරවන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන කිසිවකු නැත. තවද ඔහු නුඹට යම් යහපතක් අපේක්ෂා කරන්නේ නම් එවිට ඔහුගේ භාග්‍යය වළක්වන කිසිවකු ද නොමැත. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එය ලබන්නට සලස්වයි. තවද ඔහු අතික්ෂමාශීලී ය; අසමසම කරුණා ගුණයෙන් යුක්ත ය. info
التفاسير:

external-link copy
108 : 10

قُلْ یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَكُمُ الْحَقُّ مِنْ رَّبِّكُمْ ۚ— فَمَنِ اهْتَدٰی فَاِنَّمَا یَهْتَدِیْ لِنَفْسِهٖ ۚ— وَمَنْ ضَلَّ فَاِنَّمَا یَضِلُّ عَلَیْهَا ؕ— وَمَاۤ اَنَا عَلَیْكُمْ بِوَكِیْلٍ ۟ؕ

අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය නුඹලා වෙත සැබැවින් ම පැමිණ ඇත. එබැවින් කවරෙකු යහමග ලබන්නේ ද එසේ ඔහු යහමග ලබනුයේ ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නොමග ගියේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුට ම එරෙහිව ය. තවද මම නුඹලා වෙත වූ භාරකරුවකු නො වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු. info
التفاسير:

external-link copy
109 : 10

وَاتَّبِعْ مَا یُوْحٰۤی اِلَیْكَ وَاصْبِرْ حَتّٰی یَحْكُمَ اللّٰهُ ۚ— وَهُوَ خَیْرُ الْحٰكِمِیْنَ ۟۠

තවද නුඹ වෙත දන්වනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. තවද අල්ලාහ් තීන්දු දෙන තෙක් ඉවසීමෙන් සිටිනු. තවද ඔහු තීන්දු තීරකයින් අතරින් අති ශ්‍රේෂ්ඨ ය. info
التفاسير: