ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය

අල් හාක්කා

external-link copy
1 : 69

اَلْحَآقَّةُ ۟ۙ

තිරසාර සිදුවීම වනාහි, info
التفاسير:

external-link copy
2 : 69

مَا الْحَآقَّةُ ۟ۚ

එම තිරසාර සිදුවීම යනු කුමක් ද? info
التفاسير:

external-link copy
3 : 69

وَمَاۤ اَدْرٰىكَ مَا الْحَآقَّةُ ۟ؕ

තිරසාර සිදු වීම යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? info
التفاسير:

external-link copy
4 : 69

كَذَّبَتْ ثَمُوْدُ وَعَادٌ بِالْقَارِعَةِ ۟

(හදවත්) තිගැස්සීමට පත් කර වන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝ ය. info
التفاسير:

external-link copy
5 : 69

فَاَمَّا ثَمُوْدُ فَاُهْلِكُوْا بِالطَّاغِیَةِ ۟

සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝ ය. info
التفاسير:

external-link copy
6 : 69

وَاَمَّا عَادٌ فَاُهْلِكُوْا بِرِیْحٍ صَرْصَرٍ عَاتِیَةٍ ۟ۙ

තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝ ය. info
التفاسير:

external-link copy
7 : 69

سَخَّرَهَا عَلَیْهِمْ سَبْعَ لَیَالٍ وَّثَمٰنِیَةَ اَیَّامٍ ۙ— حُسُوْمًا فَتَرَی الْقَوْمَ فِیْهَا صَرْعٰی ۙ— كَاَنَّهُمْ اَعْجَازُ نَخْلٍ خَاوِیَةٍ ۟ۚ

එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස්වල කඳන් මෙන් එහි විනාශයට පත්ව සිටිනු නුඹ දකින්නට තිබුණි. info
التفاسير:

external-link copy
8 : 69

فَهَلْ تَرٰی لَهُمْ مِّنْ بَاقِیَةٍ ۟

ඔවුන්ගෙන් ඉතිරිව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද? info
التفاسير:

external-link copy
9 : 69

وَجَآءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهٗ وَالْمُؤْتَفِكٰتُ بِالْخَاطِئَةِ ۟ۚ

තවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද, උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝ ය. info
التفاسير:

external-link copy
10 : 69

فَعَصَوْا رَسُوْلَ رَبِّهِمْ فَاَخَذَهُمْ اَخْذَةً رَّابِیَةً ۟

ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝ ය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේ ය. info
التفاسير:

external-link copy
11 : 69

اِنَّا لَمَّا طَغَا الْمَآءُ حَمَلْنٰكُمْ فِی الْجَارِیَةِ ۟ۙ

ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන් ම අපි නුඹලාව යාත්‍රාවේ ඉසිලුවෙමු. info
التفاسير:

external-link copy
12 : 69

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَّتَعِیَهَاۤ اُذُنٌ وَّاعِیَةٌ ۟

එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිස ය. info
التفاسير:

external-link copy
13 : 69

فَاِذَا نُفِخَ فِی الصُّوْرِ نَفْخَةٌ وَّاحِدَةٌ ۟ۙ

හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට; info
التفاسير:

external-link copy
14 : 69

وَّحُمِلَتِ الْاَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَّاحِدَةً ۟ۙ

තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට; info
التفاسير:

external-link copy
15 : 69

فَیَوْمَىِٕذٍ وَّقَعَتِ الْوَاقِعَةُ ۟ۙ

එදින සිදු වන දෑ සිදු වනු ඇත. info
التفاسير:

external-link copy
16 : 69

وَانْشَقَّتِ السَّمَآءُ فَهِیَ یَوْمَىِٕذٍ وَّاهِیَةٌ ۟ۙ

තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වලව පවතී. info
التفاسير:

external-link copy
17 : 69

وَّالْمَلَكُ عَلٰۤی اَرْجَآىِٕهَا ؕ— وَیَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ یَوْمَىِٕذٍ ثَمٰنِیَةٌ ۟ؕ

තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති. info
التفاسير:

external-link copy
18 : 69

یَوْمَىِٕذٍ تُعْرَضُوْنَ لَا تَخْفٰی مِنْكُمْ خَافِیَةٌ ۟

එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහු ය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත. info
التفاسير:

external-link copy
19 : 69

فَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ فَیَقُوْلُ هَآؤُمُ اقْرَءُوْا كِتٰبِیَهْ ۟ۚ

තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු. info
التفاسير:

external-link copy
20 : 69

اِنِّیْ ظَنَنْتُ اَنِّیْ مُلٰقٍ حِسَابِیَهْ ۟ۚ

නියත වශයෙන් ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින් ම මම සිතුවෙමි” යැයි පවසයි. info
التفاسير:

external-link copy
21 : 69

فَهُوَ فِیْ عِیْشَةٍ رَّاضِیَةٍ ۟ۙ

එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි. info
التفاسير:

external-link copy
22 : 69

فِیْ جَنَّةٍ عَالِیَةٍ ۟ۙ

උසස් (ස්වර්ග) උයනෙහි වෙයි. info
التفاسير:

external-link copy
23 : 69

قُطُوْفُهَا دَانِیَةٌ ۟

එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි. info
التفاسير:

external-link copy
24 : 69

كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَاۤ اَسْلَفْتُمْ فِی الْاَیَّامِ الْخَالِیَةِ ۟

“පසු ගිය දිනවල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.) info
التفاسير:

external-link copy
25 : 69

وَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِشِمَالِهٖ ۙ۬— فَیَقُوْلُ یٰلَیْتَنِیْ لَمْ اُوْتَ كِتٰبِیَهْ ۟ۚ

තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නො ලැබුවේ නම්!” යැයි පවසයි. info
التفاسير:

external-link copy
26 : 69

وَلَمْ اَدْرِ مَا حِسَابِیَهْ ۟ۚ

“තවද මාගේ විනිශ්චය කුමක් දැ? යි මා නො දනී නම්!” (කොතරම් අගනේ ද?) info
التفاسير:

external-link copy
27 : 69

یٰلَیْتَهَا كَانَتِ الْقَاضِیَةَ ۟ۚ

“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේ ද?) යැයි පවසයි. info
التفاسير:

external-link copy
28 : 69

مَاۤ اَغْنٰی عَنِّیْ مَالِیَهْ ۟ۚ

“මාගේ ධනය මට කිසිදු ඵලක් නො දුන්නේ ය.” info
التفاسير:

external-link copy
29 : 69

هَلَكَ عَنِّیْ سُلْطٰنِیَهْ ۟ۚ

“මාගේ බලය මගෙන් පහව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.) info
التفاسير:

external-link copy
30 : 69

خُذُوْهُ فَغُلُّوْهُ ۟ۙ

“නුඹලා ඔහුව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.” info
التفاسير:

external-link copy
31 : 69

ثُمَّ الْجَحِیْمَ صَلُّوْهُ ۟ۙ

“පසුව ඔහුව නිරයට ඇද දමා පුළුස්සනු.” info
التفاسير:

external-link copy
32 : 69

ثُمَّ فِیْ سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُوْنَ ذِرَاعًا فَاسْلُكُوْهُ ۟ؕ

ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහුව එහි බැඳ දමනු. info
التفاسير:

external-link copy
33 : 69

اِنَّهٗ كَانَ لَا یُؤْمِنُ بِاللّٰهِ الْعَظِیْمِ ۟ۙ

නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නො කරන්නෙකු විය. info
التفاسير:

external-link copy
34 : 69

وَلَا یَحُضُّ عَلٰی طَعَامِ الْمِسْكِیْنِ ۟ؕ

තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත. info
التفاسير:

external-link copy
35 : 69

فَلَیْسَ لَهُ الْیَوْمَ هٰهُنَا حَمِیْمٌ ۟ۙ

එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත. info
التفاسير:

external-link copy
36 : 69

وَّلَا طَعَامٌ اِلَّا مِنْ غِسْلِیْنٍ ۟ۙ

(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත. info
التفاسير:

external-link copy
37 : 69

لَّا یَاْكُلُهٗۤ اِلَّا الْخَاطِـُٔوْنَ ۟۠

වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නො කරයි. info
التفاسير:

external-link copy
38 : 69

فَلَاۤ اُقْسِمُ بِمَا تُبْصِرُوْنَ ۟ۙ

නුඹලා දකින දෑ මත ද මම දිවුරමි. info
التفاسير:

external-link copy
39 : 69

وَمَا لَا تُبْصِرُوْنَ ۟ۙ

නුඹලා නො දකින දෑ මත ද මම දිවුරමි. info
التفاسير:

external-link copy
40 : 69

اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِیْمٍ ۟ۚۙ

නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි. info
التفاسير:

external-link copy
41 : 69

وَّمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ؕ— قَلِیْلًا مَّا تُؤْمِنُوْنَ ۟ۙ

තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි. info
التفاسير:

external-link copy
42 : 69

وَلَا بِقَوْلِ كَاهِنٍ ؕ— قَلِیْلًا مَّا تَذَكَّرُوْنَ ۟ؕ

එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි. info
التفاسير:

external-link copy
43 : 69

تَنْزِیْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟

(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි. info
التفاسير:

external-link copy
44 : 69

وَلَوْ تَقَوَّلَ عَلَیْنَا بَعْضَ الْاَقَاوِیْلِ ۟ۙ

ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්, info
التفاسير:

external-link copy
45 : 69

لَاَخَذْنَا مِنْهُ بِالْیَمِیْنِ ۟ۙ

අපි ඔහුව දකුණතින් හසුකර ගන්නෙමු. info
التفاسير:

external-link copy
46 : 69

ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِیْنَ ۟ؗۖ

පසුව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු. info
التفاسير:

external-link copy
47 : 69

فَمَا مِنْكُمْ مِّنْ اَحَدٍ عَنْهُ حٰجِزِیْنَ ۟

එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නො සිටියි. info
التفاسير:

external-link copy
48 : 69

وَاِنَّهٗ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِیْنَ ۟

තවද නියත වශයෙන් ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි. info
التفاسير:

external-link copy
49 : 69

وَاِنَّا لَنَعْلَمُ اَنَّ مِنْكُمْ مُّكَذِّبِیْنَ ۟

තවද නියත වශයෙන් ම නුඹලා අතරින් මුසාවාදීන් සිටින බව සැබැවින් ම අපි දනිමු. info
التفاسير:

external-link copy
50 : 69

وَاِنَّهٗ لَحَسْرَةٌ عَلَی الْكٰفِرِیْنَ ۟

තවද නියත වශයෙන් ම එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට බලවත් ශෝකයකි. info
التفاسير:

external-link copy
51 : 69

وَاِنَّهٗ لَحَقُّ الْیَقِیْنِ ۟

තවද නියත වශයෙන් ම එය ස්ථීර සත්‍යයකි. info
التفاسير:

external-link copy
52 : 69

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠

එහෙයින් (නබිවරය!) නුඹ නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු. info
التفاسير: