ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය

අල් හාක්කා

external-link copy
1 : 69

اَلْحَآقَّةُ ۟ۙ

තිරසාර සිදුවීම වනාහි, info
التفاسير:

external-link copy
2 : 69

مَا الْحَآقَّةُ ۟ۚ

එම තිරසාර සිදුවීම යනු කුමක් ද? info
التفاسير:

external-link copy
3 : 69

وَمَاۤ اَدْرٰىكَ مَا الْحَآقَّةُ ۟ؕ

තිරසාර සිදු වීම යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? info
التفاسير:

external-link copy
4 : 69

كَذَّبَتْ ثَمُوْدُ وَعَادٌ بِالْقَارِعَةِ ۟

(හදවත්) තිගැස්සීමට පත් කර වන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝ ය. info
التفاسير:

external-link copy
5 : 69

فَاَمَّا ثَمُوْدُ فَاُهْلِكُوْا بِالطَّاغِیَةِ ۟

සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝ ය. info
التفاسير:

external-link copy
6 : 69

وَاَمَّا عَادٌ فَاُهْلِكُوْا بِرِیْحٍ صَرْصَرٍ عَاتِیَةٍ ۟ۙ

තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝ ය. info
التفاسير:

external-link copy
7 : 69

سَخَّرَهَا عَلَیْهِمْ سَبْعَ لَیَالٍ وَّثَمٰنِیَةَ اَیَّامٍ ۙ— حُسُوْمًا فَتَرَی الْقَوْمَ فِیْهَا صَرْعٰی ۙ— كَاَنَّهُمْ اَعْجَازُ نَخْلٍ خَاوِیَةٍ ۟ۚ

එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස්වල කඳන් මෙන් එහි විනාශයට පත්ව සිටිනු නුඹ දකින්නට තිබුණි. info
التفاسير:

external-link copy
8 : 69

فَهَلْ تَرٰی لَهُمْ مِّنْ بَاقِیَةٍ ۟

ඔවුන්ගෙන් ඉතිරිව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද? info
التفاسير: