Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês - Centro de tradução Rawad

Número de página:close

external-link copy
41 : 9

اِنْفِرُوْا خِفَافًا وَّثِقَالًا وَّجَاهِدُوْا بِاَمْوَالِكُمْ وَاَنْفُسِكُمْ فِیْ سَبِیْلِ اللّٰهِ ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟

(සේනා බලය) ස්වල්ප වශයෙන් වුව ද, අධික වශයෙන් වුව ද නුඹලා පිටත්ව යනු. තවද නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත (පුද කරමින්) අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය. info
التفاسير:

external-link copy
42 : 9

لَوْ كَانَ عَرَضًا قَرِیْبًا وَّسَفَرًا قَاصِدًا لَّاتَّبَعُوْكَ وَلٰكِنْ بَعُدَتْ عَلَیْهِمُ الشُّقَّةُ ؕ— وَسَیَحْلِفُوْنَ بِاللّٰهِ لَوِ اسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ ۚ— یُهْلِكُوْنَ اَنْفُسَهُمْ ۚ— وَاللّٰهُ یَعْلَمُ اِنَّهُمْ لَكٰذِبُوْنَ ۟۠

(නබිවරය! නුඹ කවර කරුණක් වෙත ඇරයුම් කළේ ද) එය සමීපයෙන් ගත හැකි භාණ්ඩයක් හා මධ්‍යස්ථ (සාමාන්‍ය) ගමනක් වී නම් සැබැවින් ම ඔවුහු නුඹව අනුගමනය කරන්නට තිබුණි. එනමුත් යා යුතු සීමාව ඔවුනට දුරස් විය. තවද අපට හැකි නම් අප ද නුඹලා සමඟ පිටත් වී එන්නට තිබුණි යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. ඔවුහු ඔවුන්වම විනාශ කර ගනිති. තවද සැබැවින් ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් දනී. info
التفاسير:

external-link copy
43 : 9

عَفَا اللّٰهُ عَنْكَ ۚ— لِمَ اَذِنْتَ لَهُمْ حَتّٰی یَتَبَیَّنَ لَكَ الَّذِیْنَ صَدَقُوْا وَتَعْلَمَ الْكٰذِبِیْنَ ۟

(නබිවරය!) අල්ලාහ් නුඹට සමාව දෙත්වා! සත්‍යය පැවසූවන් ගැන නුඹට පැහැදිලි වී, මුසාවාදීන් පිළිබඳ නුඹ දැන ගන්නා තෙක්, නුඹ ඔවුනට අවසර දුන්නේ කුමකට ද? info
التفاسير:

external-link copy
44 : 9

لَا یَسْتَاْذِنُكَ الَّذِیْنَ یُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ اَنْ یُّجَاهِدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالْمُتَّقِیْنَ ۟

අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් තම වස්තුව හා තම ජීවිතය කැප කිරීමට ඔවුහු නුඹෙන් අවසර පතන්නේ නැත. තවද අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් පිළිබඳ සර්ව ඥානී ය. info
التفاسير:

external-link copy
45 : 9

اِنَّمَا یَسْتَاْذِنُكَ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَارْتَابَتْ قُلُوْبُهُمْ فَهُمْ فِیْ رَیْبِهِمْ یَتَرَدَّدُوْنَ ۟

නුඹෙන් අවසර පතනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නො කරන්නන් ය. ඔවුන්ගේ හදවත් සැක කළේ ය. එබැවින් ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙති. info
التفاسير:

external-link copy
46 : 9

وَلَوْ اَرَادُوا الْخُرُوْجَ لَاَعَدُّوْا لَهٗ عُدَّةً وَّلٰكِنْ كَرِهَ اللّٰهُ انْۢبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِیْلَ اقْعُدُوْا مَعَ الْقٰعِدِیْنَ ۟

තවද ඔවුන් පිටත් වීමට සිතුවේ නම් ඒ සඳහා සූදානමකින් සූදානම් වන්නට තිබුණි. එනමුත් ඔවුන් පිටත්ව යෑම අල්ලාහ් පිළිකුල් කළේ ය. එබැවින් ඔවුනට ඔහු මැළිකම ඇති කළේ ය. තවද වාඩි වී සිටින්නන් සමඟ නුඹලා ද වාඩි වී සිටිනු යැයි පවසනු ලැබී ය. info
التفاسير:

external-link copy
47 : 9

لَوْ خَرَجُوْا فِیْكُمْ مَّا زَادُوْكُمْ اِلَّا خَبَالًا وَّلَاۡاَوْضَعُوْا خِلٰلَكُمْ یَبْغُوْنَكُمُ الْفِتْنَةَ ۚ— وَفِیْكُمْ سَمّٰعُوْنَ لَهُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالظّٰلِمِیْنَ ۟

ඔවුන් නුඹලා සමඟ පිටත්ව ගිය ද නුඹලාට වියවුල මිස වෙන කිසිවක් වර්ධනය නො වන්නට තිබුණි. තවද නුඹලා අතර අර්බුද ඇති කිරීමට මාන බලමින් නුඹලා අතර (කේලාම්) කියන්නට තිබුණි. තවද ඔවුන් වෙනුවෙන් සවන් දෙන්නන් ද නුඹලා අතර වෙති. තවද අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානී ය. info
التفاسير: