Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês - Centro de tradução Rawad

Número de página:close

external-link copy
87 : 9

رَضُوْا بِاَنْ یَّكُوْنُوْا مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلٰی قُلُوْبِهِمْ فَهُمْ لَا یَفْقَهُوْنَ ۟

(සටනට සහභාගී නො වී) පසුපසින් රැඳී සිටියවුන් සමඟ ඔවුන් ද සිටින්නට ප්‍රිය කරති. තවද ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබන ලදි. එහෙයින් ඔවුහු වටහා නො ගනිති. info
التفاسير:

external-link copy
88 : 9

لٰكِنِ الرَّسُوْلُ وَالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ جٰهَدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ ؕ— وَاُولٰٓىِٕكَ لَهُمُ الْخَیْرٰتُ ؗ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟

එනමුත් මෙම දූතයාණන් හා ඔහු සමඟ විශ්වාස කළවුන් තම ධනය හා ජීවිත කැප කරමින් සටන් කළෝ ය. තමන්හට යහපත් දෑ ඇත්තවුන් මොවුහු ම ය. තවද ජය ලබන්නෝද මොවුහු ම ය. info
التفاسير:

external-link copy
89 : 9

اَعَدَّ اللّٰهُ لَهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— ذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟۠

ඔවුන් වෙනුවෙන් අල්ලාහ් ස්වර්ග උයන් සූදානම් කර ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ඔවුහු සදාතනිකයින් වෙති. එයයි අතිමහත් ජයග්‍රහණ ය. info
التفاسير:

external-link copy
90 : 9

وَجَآءَ الْمُعَذِّرُوْنَ مِنَ الْاَعْرَابِ لِیُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِیْنَ كَذَبُوا اللّٰهَ وَرَسُوْلَهٗ ؕ— سَیُصِیْبُ الَّذِیْنَ كَفَرُوْا مِنْهُمْ عَذَابٌ اَلِیْمٌ ۟

(යුද්ධයට සහභාගී නො වන්නට) තමන්හට අවසර පතා ගම්බද ජනයා අතරින් නිදහසට කරුණු පවසන්නන් පැමිණියෝ ය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට බොරු පැවසූවන් වාඩි වී සිටියෝ ය. ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් මතු ඇති වනු ඇත. info
التفاسير:

external-link copy
91 : 9

لَیْسَ عَلَی الضُّعَفَآءِ وَلَا عَلَی الْمَرْضٰی وَلَا عَلَی الَّذِیْنَ لَا یَجِدُوْنَ مَا یُنْفِقُوْنَ حَرَجٌ اِذَا نَصَحُوْا لِلّٰهِ وَرَسُوْلِهٖ ؕ— مَا عَلَی الْمُحْسِنِیْنَ مِنْ سَبِیْلٍ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟ۙ

දුබලයින් කෙරෙහි ද රෝගීන් කෙරෙහි ද (යුද්ධය කිරීම සඳහා) වියදම් කිරීමට යමක් නො ලැබුණු අය කෙරෙහි ද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට යහපත පතන්නේ නම් ඔවුනට කිසිදු වරදක් නැත. දැහැමියන්ට එරෙහිව කිසිදු මගක් නොමැත. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය. info
التفاسير:

external-link copy
92 : 9

وَّلَا عَلَی الَّذِیْنَ اِذَا مَاۤ اَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَاۤ اَجِدُ مَاۤ اَحْمِلُكُمْ عَلَیْهِ ۪— تَوَلَّوْا وَّاَعْیُنُهُمْ تَفِیْضُ مِنَ الدَّمْعِ حَزَنًا اَلَّا یَجِدُوْا مَا یُنْفِقُوْنَ ۟ؕ

(නබිවරය!) නුඹ ඔවුනට ප්‍රවාහන පහසුකම් ලබා දෙනු පිණිස නුඹ වෙත ඔවුන් පැමිණ, නුඹද ඔවුනට "නුඹලා ඒ මත ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දෙන යමක් මා සතුව නැත” යැයි පවසා තමන්හට වියදම් කිරීමට යමක් නො ලැබුණු හේතුවෙන් දුකට පත්ව තම ඇස්වලින් කඳුළු හළමින් හැරී ගිය අය කෙරෙහි ද වරදක් නොමැත. info
التفاسير:

external-link copy
93 : 9

اِنَّمَا السَّبِیْلُ عَلَی الَّذِیْنَ یَسْتَاْذِنُوْنَكَ وَهُمْ اَغْنِیَآءُ ۚ— رَضُوْا بِاَنْ یَّكُوْنُوْا مَعَ الْخَوَالِفِ ۙ— وَطَبَعَ اللّٰهُ عَلٰی قُلُوْبِهِمْ فَهُمْ لَا یَعْلَمُوْنَ ۟

ක්‍රියා මාර්ගය ගනු ලබනුයේ, ඔවුන් පොහොසතුන්ව සිටිය දී (සටනට සහභාගී නො වන්නට) නුඹගෙන් අවසර පතන්නන්හට ය. පසුපසින් රැඳී සිටියවුන් සමඟ ඔවුන් ද රැඳී සිටීමට ප්‍රිය කළෝ ය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබුවේ ය. එබැවින් ඔවුහු (ඒ බව) නො දනිති. info
التفاسير: