Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran.

අත් තූර්

Het doel van deze surah:
الحجج والبراهين لرد شبهات المكذبين للنبي صلى الله عليه وسلم.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බොරුකරමින් සිටියවුන්ගේ සැකයට ප්රතිචාර දැක්වීම සඳහා ඉදිරිපත් කෙරෙන සාක්ෂි හා සාධක. info

external-link copy
1 : 52

وَالطُّوْرِ ۟ۙ

මූසා (අලයිහිස් සලාම්) තුමා අල්ලාහ් සමග කතා කළ තූර් නම් කන්ද මත අල්ලාහ් දිවුරා සිටියි. info
التفاسير:

external-link copy
2 : 52

وَكِتٰبٍ مَّسْطُوْرٍ ۟ۙ

ලියන ලද පේළි සහිත පුස්තකය මත දිවුරා සිටිමින්. info
التفاسير:

external-link copy
3 : 52

فِیْ رَقٍّ مَّنْشُوْرٍ ۟ۙ

පහළ කරනු ලැබූ පුස්තක මෙන් දිගු හරින ලද කොළවල විය. info
التفاسير:

external-link copy
4 : 52

وَّالْبَیْتِ الْمَعْمُوْرِ ۟ۙ

අල්ලාහ්ට නැමදුම් කරමින් අහස්හි මලක්වරුන් නඩත්තු කරන නිවස මත දිවුරා සිටිමින්. info
التفاسير:

external-link copy
5 : 52

وَالسَّقْفِ الْمَرْفُوْعِ ۟ۙ

මහපොළොවේ වියන වූ ඉහළට ඔසවන ලද අහස මත දිවුරා සිටිමින්. info
التفاسير:

external-link copy
6 : 52

وَالْبَحْرِ الْمَسْجُوْرِ ۟ۙ

ජලයෙන් පිරුණු සාගරය මත දිවුරා සිටිමින්. info
التفاسير:

external-link copy
7 : 52

اِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ ۟ۙ

අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපතිගේ දඬුවම කිසිදු සැකයකින් තොරව දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අත්වනු ඇත. info
التفاسير:

external-link copy
8 : 52

مَّا لَهٗ مِنْ دَافِعٍ ۟ۙ

ඔවුන්ගෙන් එම දඬුවම වළක්වන එමෙන්ම ඔවුනට ඇති වන එම ව්යසනයෙන් ඔවුන්ව මුදවා ගන්නා කිසිවකු නැත. info
التفاسير:

external-link copy
9 : 52

یَّوْمَ تَمُوْرُ السَّمَآءُ مَوْرًا ۟

එදින අහස තදින් කම්පනය වන දිනයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම සනිටුහන් කරමින් එය චලනය වෙයි. info
التفاسير:

external-link copy
10 : 52

وَّتَسِیْرُ الْجِبَالُ سَیْرًا ۟ؕ

කඳු තිබී තැනින් විතැන් වී ගමන් කරනු ඇත. info
التفاسير:

external-link copy
11 : 52

فَوَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟ۙ

දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අල්ලාහ් කවර දඬුවමක් ප්රතිඥා දුන්නේ ද එය බොරු කළවුනට එදින විනාශයයි. ඛේදයයි. info
التفاسير:

external-link copy
12 : 52

الَّذِیْنَ هُمْ فِیْ خَوْضٍ یَّلْعَبُوْنَ ۟ۘ

ඔවුන් ව්යාජ දෑහි ගිලී විහිළු කරමින් සිටියි. නැවත නැගිටුවනු ලැබීම හෝ අවදි කරනු ලැබීම ගැන නොතකයි. info
التفاسير:

external-link copy
13 : 52

یَوْمَ یُدَعُّوْنَ اِلٰی نَارِ جَهَنَّمَ دَعًّا ۟ؕ

ඉතා බිහිසුණු හා ප්රචණ්ඩකාරී ලෙස නිරා ගින්න වෙත ඔවුන් හෙළනු ලබන දිනයකි. info
التفاسير:

external-link copy
14 : 52

هٰذِهِ النَّارُ الَّتِیْ كُنْتُمْ بِهَا تُكَذِّبُوْنَ ۟

ඔවුන් හෙළා දකිමින්, ‘නුඹලාගේ දූතවරුන් නුඹලාව බිය වද්දන අවස්ථාවේ නුඹලා කවර කරුණක් බොරු කරමින් සිටියේ ද එම නිරා ගින්නය මෙය’ යැයි පවසනු ලැබේ. info
التفاسير:
Voordelen van de verzen op deze pagina:
• الكفر ملة واحدة وإن اختلفت وسائله وتنوع أهله ومكانه وزمانه.
•දේව ප්රතික්ෂේපය වනාහි එහි මාධ්යයන් විවිධ වුව ද එහි උදවිය, එහි ස්ථානය හා එහි කාලය විවිධ වුව ද එහි පිළිවෙත එකමය. info

• شهادة الله لرسوله صلى الله عليه وسلم بتبليغ الرسالة.
•දූත පණිවිඩය ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සඳහා වන අල්ලාහ්ගේ සහතිකය. info

• الحكمة من خلق الجن والإنس تحقيق عبادة الله بكل مظاهرها.
•ජින් වර්ගයා හා මානව වර්ගයා මැවීමේ ප්රඥාව වනුයේ හෙළි කරන ලද සියලු දෑ තුළින් අල්ලාහ්ට නැමදුම් කිරීම තහවරු කිරීමය. info

• سوف تتغير أحوال الكون يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශ්වයේ ස්වභාවයන් වෙනස් වනු ඇත. info