Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers

අල් බය්යිනා

external-link copy
1 : 98

لَمْ یَكُنِ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَالْمُشْرِكِیْنَ مُنْفَكِّیْنَ حَتّٰی تَاْتِیَهُمُ الْبَیِّنَةُ ۟ۙ

ධර්ම ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නො වූහ. info
التفاسير:

external-link copy
2 : 98

رَسُوْلٌ مِّنَ اللّٰهِ یَتْلُوْا صُحُفًا مُّطَهَّرَةً ۟ۙ

එය පිවිතුරු කරන ලද ලේඛන කියවන අල්ලාහ්ගෙන් වූ පණිවිඩකරු ය. info
التفاسير:

external-link copy
3 : 98

فِیْهَا كُتُبٌ قَیِّمَةٌ ۟ؕ

එහි ඍජු නීති රීති ඇත. info
التفاسير:

external-link copy
4 : 98

وَمَا تَفَرَّقَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ اِلَّا مِنْ بَعْدِ مَا جَآءَتْهُمُ الْبَیِّنَةُ ۟ؕ

තවද ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසුව මිස ඔවුහු වෙන්ව නො ගියෝ ය. info
التفاسير:

external-link copy
5 : 98

وَمَاۤ اُمِرُوْۤا اِلَّا لِیَعْبُدُوا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ۙ۬— حُنَفَآءَ وَیُقِیْمُوا الصَّلٰوةَ وَیُؤْتُوا الزَّكٰوةَ وَذٰلِكَ دِیْنُ الْقَیِّمَةِ ۟ؕ

තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. තවද ඍජු දහම වනුයේ එයයි. info
التفاسير:

external-link copy
6 : 98

اِنَّ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَالْمُشْرِكِیْنَ فِیْ نَارِ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ؕ— اُولٰٓىِٕكَ هُمْ شَرُّ الْبَرِیَّةِ ۟ؕ

සැබැවින් ම පුස්තක ලත් ජනයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහි ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ. info
التفاسير:

external-link copy
7 : 98

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ۙ— اُولٰٓىِٕكَ هُمْ خَیْرُ الْبَرِیَّةِ ۟ؕ

සැබැවින් ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි ඔවුහු මය මැවීම් අතරින් ශ්‍රේෂ්ඨම මැවීම වනුයේ. info
التفاسير:

external-link copy
8 : 98

جَزَآؤُهُمْ عِنْدَ رَبِّهِمْ جَنّٰتُ عَدْنٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— رَضِیَ اللّٰهُ عَنْهُمْ وَرَضُوْا عَنْهُ ؕ— ذٰلِكَ لِمَنْ خَشِیَ رَبَّهٗ ۟۠

ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන් ය. ඔවුහු එහි සදහට ම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේ ය. ඔවුහු ද ඔහුව පිළිගත්තෝ ය. එය තම පරමාධිපතිට බිය වූ අයට ය. info
التفاسير: