Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers

අබස

external-link copy
1 : 80

عَبَسَ وَتَوَلّٰۤی ۟ۙ

ඔහු මුහුණ හකුළා හැරුනේ ය. info
التفاسير:

external-link copy
2 : 80

اَنْ جَآءَهُ الْاَعْمٰى ۟ؕ

(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.) info
التفاسير:

external-link copy
3 : 80

وَمَا یُدْرِیْكَ لَعَلَّهٗ یَزَّ ۟ۙ

ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද? info
التفاسير:

external-link copy
4 : 80

اَوْ یَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرٰى ۟ؕ

එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?) info
التفاسير:

external-link copy
5 : 80

اَمَّا مَنِ اسْتَغْنٰى ۟ۙ

(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී, info
التفاسير:

external-link copy
6 : 80

فَاَنْتَ لَهٗ تَصَدّٰى ۟ؕ

නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහි ය. info
التفاسير:

external-link copy
7 : 80

وَمَا عَلَیْكَ اَلَّا یَزَّكّٰى ۟ؕ

තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත. info
التفاسير:

external-link copy
8 : 80

وَاَمَّا مَنْ جَآءَكَ یَسْعٰى ۟ۙ

"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී" info
التفاسير:

external-link copy
9 : 80

وَهُوَ یَخْشٰى ۟ۙ

"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස" info
التفاسير:

external-link copy
10 : 80

فَاَنْتَ عَنْهُ تَلَهّٰى ۟ۚ

නුඹ ඔහු පිළිබඳ නො සලකා හැරියෙහි ය. info
التفاسير:

external-link copy
11 : 80

كَلَّاۤ اِنَّهَا تَذْكِرَةٌ ۟ۚ

එසේ නොව සැබැවින් ම එය උපදෙසකි. info
التفاسير:

external-link copy
12 : 80

فَمَنْ شَآءَ ذَكَرَهٗ ۟ۘ

එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා! info
التفاسير:

external-link copy
13 : 80

فِیْ صُحُفٍ مُّكَرَّمَةٍ ۟ۙ

(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය. info
التفاسير:

external-link copy
14 : 80

مَّرْفُوْعَةٍ مُّطَهَّرَةٍ ۟ۙ

පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.) info
التفاسير:

external-link copy
15 : 80

بِاَیْدِیْ سَفَرَةٍ ۟ۙ

(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.) info
التفاسير:

external-link copy
16 : 80

كِرَامٍ بَرَرَةٍ ۟ؕ

ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ අත්වලින් ලියන ලද්දකි.) info
التفاسير:

external-link copy
17 : 80

قُتِلَ الْاِنْسَانُ مَاۤ اَكْفَرَهٗ ۟ؕ

මිනිසාට ශාපය අත් වේවා! ඔහුව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද? info
التفاسير:

external-link copy
18 : 80

مِنْ اَیِّ شَیْءٍ خَلَقَهٗ ۟ؕ

කුමන දෙයකින් ඔහුව ඔහු (අල්ලාහ්) මැව්වේ ද? info
التفاسير:

external-link copy
19 : 80

مِنْ نُّطْفَةٍ ؕ— خَلَقَهٗ فَقَدَّرَهٗ ۟ۙ

ඔහු ඔහුව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහුව ප්‍රමාණවත් ලෙස සැකසුවේ ය. info
التفاسير:

external-link copy
20 : 80

ثُمَّ السَّبِیْلَ یَسَّرَهٗ ۟ۙ

අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේ ය. info
التفاسير:

external-link copy
21 : 80

ثُمَّ اَمَاتَهٗ فَاَقْبَرَهٗ ۟ۙ

පසුව ඔහු ඔහුව මරණයට පත් කළේ ය. ඉන් පසුව ඔහු ඔහුව වළ දැමුවේ ය. info
التفاسير:

external-link copy
22 : 80

ثُمَّ اِذَا شَآءَ اَنْشَرَهٗ ۟ؕ

පසුව ඔහු අභිමත කළ විට ඔහු ඔහුව නැගිටුවන්නේ ය. info
التفاسير:

external-link copy
23 : 80

كَلَّا لَمَّا یَقْضِ مَاۤ اَمَرَهٗ ۟ؕ

එහෙත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නො කළේ ය. info
التفاسير:

external-link copy
24 : 80

فَلْیَنْظُرِ الْاِنْسَانُ اِلٰى طَعَامِهٖۤ ۟ۙ

එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා! info
التفاسير:

external-link copy
25 : 80

اَنَّا صَبَبْنَا الْمَآءَ صَبًّا ۟ۙ

සැබැවින් ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු. info
التفاسير:

external-link copy
26 : 80

ثُمَّ شَقَقْنَا الْاَرْضَ شَقًّا ۟ۙ

පසුව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු. info
التفاسير:

external-link copy
27 : 80

فَاَنْۢبَتْنَا فِیْهَا حَبًّا ۟ۙ

එහි බීජ ද අපි හට ගැන්වූයෙමු. info
التفاسير:

external-link copy
28 : 80

وَّعِنَبًا وَّقَضْبًا ۟ۙ

මිදි හා එළවළු ද info
التفاسير:

external-link copy
29 : 80

وَّزَیْتُوْنًا وَّنَخْلًا ۟ۙ

ඔලිව් හා රටඉඳි ද info
التفاسير:

external-link copy
30 : 80

وَّحَدَآىِٕقَ غُلْبًا ۟ۙ

ඝණ උයන් ද info
التفاسير:

external-link copy
31 : 80

وَّفَاكِهَةً وَّاَبًّا ۟ۙ

පලතුරු හා උදුපියලිය ද (අපි හටගැන්වූයෙමු.) info
التفاسير:

external-link copy
32 : 80

مَّتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْ ۟ؕ

(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි. info
التفاسير:

external-link copy
33 : 80

فَاِذَا جَآءَتِ الصَّآخَّةُ ۟ؗ

එබැවින් මහා හඬ පැමිණි විට, info
التفاسير:

external-link copy
34 : 80

یَوْمَ یَفِرُّ الْمَرْءُ مِنْ اَخِیْهِ ۟ۙ

එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත. info
التفاسير:

external-link copy
35 : 80

وَاُمِّهٖ وَاَبِیْهِ ۟ۙ

තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද; info
التفاسير:

external-link copy
36 : 80

وَصَاحِبَتِهٖ وَبَنِیْهِ ۟ؕ

තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.) info
التفاسير:

external-link copy
37 : 80

لِكُلِّ امْرِئٍ مِّنْهُمْ یَوْمَىِٕذٍ شَاْنٌ یُّغْنِیْهِ ۟ؕ

එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුට ම ඔහුව නිරත කර වන කරුණු ඇත. info
التفاسير:

external-link copy
38 : 80

وُجُوْهٌ یَّوْمَىِٕذٍ مُّسْفِرَةٌ ۟ۙ

එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී. info
التفاسير:

external-link copy
39 : 80

ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ ۟ۚ

සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.) info
التفاسير:

external-link copy
40 : 80

وَوُجُوْهٌ یَّوْمَىِٕذٍ عَلَیْهَا غَبَرَةٌ ۟ۙ

තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී. info
التفاسير:

external-link copy
41 : 80

تَرْهَقُهَا قَتَرَةٌ ۟ؕ

අඳුර ඒවා වසා ගනු ඇත. info
التفاسير:

external-link copy
42 : 80

اُولٰٓىِٕكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ ۟۠

ඔවුහු මය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ. info
التفاسير: