Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers

අල් මුල්ක්

external-link copy
1 : 67

تَبٰرَكَ الَّذِیْ بِیَدِهِ الْمُلْكُ ؗ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرُ ۟ۙ

(සියලු) පාලන බලය කවරෙකුගේ අතෙහි ඇත්තේද ඔහු භාග්‍ය සම්පන්න විය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය. info
التفاسير:

external-link copy
2 : 67

١لَّذِیْ خَلَقَ الْمَوْتَ وَالْحَیٰوةَ لِیَبْلُوَكُمْ اَیُّكُمْ اَحْسَنُ عَمَلًا ؕ— وَهُوَ الْعَزِیْزُ الْغَفُوْرُ ۟ۙ

ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැ? යි ඔහු නුඹලාව පරීක්ෂා කරනු පිණිස ය. තවද ඔහු සර්ව බලධාරී ය; අතික්ෂමාශීලී ය. info
التفاسير:

external-link copy
3 : 67

الَّذِیْ خَلَقَ سَبْعَ سَمٰوٰتٍ طِبَاقًا ؕ— مَا تَرٰی فِیْ خَلْقِ الرَّحْمٰنِ مِنْ تَفٰوُتٍ ؕ— فَارْجِعِ الْبَصَرَ ۙ— هَلْ تَرٰی مِنْ فُطُوْرٍ ۟

ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේ ය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නො දකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැ? යි නෙත් යොමු කර බලනු. info
التفاسير:

external-link copy
4 : 67

ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَیْنِ یَنْقَلِبْ اِلَیْكَ الْبَصَرُ خَاسِئًا وَّهُوَ حَسِیْرٌ ۟

පසුවද නුඹ දෙවරක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතුව හැරෙනු ඇත. info
التفاسير:

external-link copy
5 : 67

وَلَقَدْ زَیَّنَّا السَّمَآءَ الدُّنْیَا بِمَصَابِیْحَ وَجَعَلْنٰهَا رُجُوْمًا لِّلشَّیٰطِیْنِ وَاَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِیْرِ ۟

තවද සැබැවින් ම අපි මෙලොව අහස පහන් මඟින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන් පළවා හරින වස්තූන් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු. info
التفاسير:

external-link copy
6 : 67

وَلِلَّذِیْنَ كَفَرُوْا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟

එමෙන් ම තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය. info
التفاسير:

external-link copy
7 : 67

اِذَاۤ اُلْقُوْا فِیْهَا سَمِعُوْا لَهَا شَهِیْقًا وَّهِیَ تَفُوْرُ ۟ۙ

ඔවුන් එහි හෙළනු ලැබූ කල්හි එය උතුරමින් තිබිය දී ඉන් ඔවුහු දැඩි පිළිකුල් හඬකට සවන් දෙති. info
التفاسير:

external-link copy
8 : 67

تَكَادُ تَمَیَّزُ مِنَ الْغَیْظِ ؕ— كُلَّمَاۤ اُلْقِیَ فِیْهَا فَوْجٌ سَاَلَهُمْ خَزَنَتُهَاۤ اَلَمْ یَاْتِكُمْ نَذِیْرٌ ۟

එය කෝපයෙන් පිපිරෙන්නාක් මෙනි. එහි පිරිසක් දමනු ලැබූ සෑම විටකම “අවවාද කරන්නෙකු නුඹලා වෙත නො පැමිණියේ දැ?”යි එහි භාරකරුවෝ ඔවුන්ගෙන් විමසති. info
التفاسير:

external-link copy
9 : 67

قَالُوْا بَلٰی قَدْ جَآءَنَا نَذِیْرٌ ۙ۬— فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللّٰهُ مِنْ شَیْءٍ ۖۚ— اِنْ اَنْتُمْ اِلَّا فِیْ ضَلٰلٍ كَبِیْرٍ ۟

“එසේ ය. අප වෙත අනතුරු අඟවන්නෙකු සැබැවින් ම පැමිණියේ ය. එවිට අපි බොරු කළෙමු. තවද අල්ලාහ් කිසිදු දෙයක් පහළ කර නැත. නුඹලා මහත් වූ මුළාවේ මිස නැතැයි” අපි කීවෙමුයි ඔවුහු පවසති. info
التفاسير:

external-link copy
10 : 67

وَقَالُوْا لَوْ كُنَّا نَسْمَعُ اَوْ نَعْقِلُ مَا كُنَّا فِیْۤ اَصْحٰبِ السَّعِیْرِ ۟

තවද අප සවන් දෙමින් හෝ අවබෝධ කර ගනිමින් සිටියෙමු නම් දැවෙන ගින්නේ සහකාරයින්ගෙන් අප නො වන්නෙමුයි ඔවුහු කියති. info
التفاسير:

external-link copy
11 : 67

فَاعْتَرَفُوْا بِذَنْۢبِهِمْ ۚ— فَسُحْقًا لِّاَصْحٰبِ السَّعِیْرِ ۟

එවිට ඔවුහු තම වරද පිළිගනිති. එහෙයින් දැවෙන ගින්නේ සහකාරයින්ට ශාපය වේවා! info
التفاسير:

external-link copy
12 : 67

اِنَّ الَّذِیْنَ یَخْشَوْنَ رَبَّهُمْ بِالْغَیْبِ لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ كَبِیْرٌ ۟

නියත වශයෙන් ම අදෘශ්‍යමානයෙහි තම පරමාධිපතිට බිය වන අය වනාහි ඔවුනට සමාව හා මහත් වූ තිළිණයක් ඇත. info
التفاسير: