Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers

Pagina nummer:close

external-link copy
275 : 2

اَلَّذِیْنَ یَاْكُلُوْنَ الرِّبٰوا لَا یَقُوْمُوْنَ اِلَّا كَمَا یَقُوْمُ الَّذِیْ یَتَخَبَّطُهُ الشَّیْطٰنُ مِنَ الْمَسِّ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ قَالُوْۤا اِنَّمَا الْبَیْعُ مِثْلُ الرِّبٰوا ۘ— وَاَحَلَّ اللّٰهُ الْبَیْعَ وَحَرَّمَ الرِّبٰوا ؕ— فَمَنْ جَآءَهٗ مَوْعِظَةٌ مِّنْ رَّبِّهٖ فَانْتَهٰی فَلَهٗ مَا سَلَفَ ؕ— وَاَمْرُهٗۤ اِلَی اللّٰهِ ؕ— وَمَنْ عَادَ فَاُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟

පොලිය අනුභව කරන්නවුන් ෂෙයිතාන් ස්පර්ශ කිරීමෙන් ඔහුගේ ප්‍රහාරයට ලක් වූ කෙනෙකු මෙන් මිස (අවසන් දින) නො නැගිටින්නෝ ය. එය සැබැවින් ම ඔවුහු ‘ඇත්ත වශයෙන් ම ව්‍යාපාරය ද පොලිය මෙනි’ යැයි පවසා සිටි හේතුවෙනි. අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළ අතර පොලිය තහනම් කළේ ය. කවරෙකුට තම පරමාධිපතිගෙන් (ඒ ගැන) උපදෙසක් පැමිණ එයින් වැළකුණේ ද එවිට පසු ගිය දෑ ඔහු සතු ය. ඔහුගේ විෂය අල්ලාහ් වෙත ම ය. කවරෙකු නැවත (එම පොලිය වෙත) යොමු වූයේ ද එවිට ඔවුහු නිරයේ සගයෝ වෙති. ඔවුහු එහි සදාතනිකයෝ ය. info
التفاسير:

external-link copy
276 : 2

یَمْحَقُ اللّٰهُ الرِّبٰوا وَیُرْبِی الصَّدَقٰتِ ؕ— وَاللّٰهُ لَا یُحِبُّ كُلَّ كَفَّارٍ اَثِیْمٍ ۟

අල්ලාහ් පොලිය විනාශ කරන්නේ ය. සදකා (පුණ්‍ය ක්‍රියා)වන් වර්ධනය කරන්නේ ය. පාපිෂ්ඨ දේව ප්‍රතික්පේපිත සෑම කෙනෙකු වම අල්ලාහ් ප්‍රිය නො කරන්නේ ය. info
التفاسير:

external-link copy
277 : 2

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَاَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ لَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ۚ— وَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟

සැබැවින් ම විශ්වාස කොට යහකම් කළවුන් ද, සලාතය ස්ථාපිත කළවුන් ද, zසකාත් පිරිනැමූවන් ද වනාහි ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. ඔවුහු දුකට පත්වන්නෝ ද නො වෙති. info
التفاسير:

external-link copy
278 : 2

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَذَرُوْا مَا بَقِیَ مِنَ الرِّبٰۤوا اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින්ව සිටියෙහු නම්, පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු. info
التفاسير:

external-link copy
279 : 2

فَاِنْ لَّمْ تَفْعَلُوْا فَاْذَنُوْا بِحَرْبٍ مِّنَ اللّٰهِ وَرَسُوْلِهٖ ۚ— وَاِنْ تُبْتُمْ فَلَكُمْ رُءُوْسُ اَمْوَالِكُمْ ۚ— لَا تَظْلِمُوْنَ وَلَا تُظْلَمُوْنَ ۟

එලෙස නුඹලා කටයුතු නො කළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතු ය. නුඹලා අපරාධ නො කළ යුතු ය. තවද නුඹලා ද අපරාධයට ලක් නො විය යුතුයි. info
التفاسير:

external-link copy
280 : 2

وَاِنْ كَانَ ذُوْ عُسْرَةٍ فَنَظِرَةٌ اِلٰی مَیْسَرَةٍ ؕ— وَاَنْ تَصَدَّقُوْا خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟

ඔහු දුෂ්කරත්වයෙන් පෙළෙන අයෙකු නම් එවිට පහසුකම් ඇති වන තෙක් අවකාශයක් (ලබා දිය යුතුව) ඇත. තවද නුඹලා (එය) දානයක් ලෙස පිරිනැමීම නුඹලාට යහපත ය. නුඹලා (ඒ බව) දැන සිටියෙහු නම්. info
التفاسير:

external-link copy
281 : 2

وَاتَّقُوْا یَوْمًا تُرْجَعُوْنَ فِیْهِ اِلَی اللّٰهِ ۫— ثُمَّ تُوَفّٰی كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟۠

එහි නුඹලාව අල්ලාහ් වෙත නැවත යොමු කරනු ලබන දිනයක් ගැන නුඹලා බියබැතිමත් වනු. පසුව සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලබන්නේ ය. තවද ඔවුහු අපරාධ කරනු නො ලබන්නෝ ය. info
التفاسير: