വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

പേജ് നമ്പർ:close

external-link copy
137 : 26

اِنْ هٰذَاۤ اِلَّا خُلُقُ الْاَوَّلِیْنَ ۟ۙ

මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නො වීය. info
التفاسير:

external-link copy
138 : 26

وَمَا نَحْنُ بِمُعَذَّبِیْنَ ۟ۚ

තවද අපි දඬුවම් කරනු ලබන්නන් නො වූයෙමු. info
التفاسير:

external-link copy
139 : 26

فَكَذَّبُوْهُ فَاَهْلَكْنٰهُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟

එසේ ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝය. info
التفاسير:

external-link copy
140 : 26

وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠

තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය මහාකරුණාන්විත සර්ව බලධාරී. info
التفاسير:

external-link copy
141 : 26

كَذَّبَتْ ثَمُوْدُ الْمُرْسَلِیْنَ ۟ۚۖ

සමූද් ජනයා ද ධර්ම දූතයින් බොරු කළෝ ය. info
التفاسير:

external-link copy
142 : 26

اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ صٰلِحٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ

නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. info
التفاسير:

external-link copy
143 : 26

اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ

නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි. info
التفاسير:

external-link copy
144 : 26

فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ

එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. info
التفاسير:

external-link copy
145 : 26

وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ

තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ. info
التفاسير:

external-link copy
146 : 26

اَتُتْرَكُوْنَ فِیْ مَا هٰهُنَاۤ اٰمِنِیْنَ ۟ۙ

මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද? info
التفاسير:

external-link copy
147 : 26

فِیْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ

උයන් හා උල්පත් අතර ද, info
التفاسير:

external-link copy
148 : 26

وَّزُرُوْعٍ وَّنَخْلٍ طَلْعُهَا هَضِیْمٌ ۟ۚ

තවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද, info
التفاسير:

external-link copy
149 : 26

وَتَنْحِتُوْنَ مِنَ الْجِبَالِ بُیُوْتًا فٰرِهِیْنَ ۟ۚ

තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු හාරා නිවෙස් තනා ගන්නෙහු ය. info
التفاسير:

external-link copy
150 : 26

فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ

එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. info
التفاسير:

external-link copy
151 : 26

وَلَا تُطِیْعُوْۤا اَمْرَ الْمُسْرِفِیْنَ ۟ۙ

තවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නො වනු. info
التفاسير:

external-link copy
152 : 26

الَّذِیْنَ یُفْسِدُوْنَ فِی الْاَرْضِ وَلَا یُصْلِحُوْنَ ۟

ඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත්ව කටයුතු නො කරති. info
التفاسير:

external-link copy
153 : 26

قَالُوْۤا اِنَّمَاۤ اَنْتَ مِنَ الْمُسَحَّرِیْنَ ۟ۚ

නියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ. info
التفاسير:

external-link copy
154 : 26

مَاۤ اَنْتَ اِلَّا بَشَرٌ مِّثْلُنَا ۖۚ— فَاْتِ بِاٰیَةٍ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟

නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නො වේ. එහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් නම් සංඥාවක් ගෙන එනු. info
التفاسير:

external-link copy
155 : 26

قَالَ هٰذِهٖ نَاقَةٌ لَّهَا شِرْبٌ وَّلَكُمْ شِرْبُ یَوْمٍ مَّعْلُوْمٍ ۟ۚ

මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පාන වාරයක් ඇත. තවද නුඹලා වෙනුවෙන් ද නියම කරනු ලැබූ දිනයක පාන වාරයක් ඇත යැයි ඔහු පැවසී ය. info
التفاسير:

external-link copy
156 : 26

وَلَا تَمَسُّوْهَا بِسُوْٓءٍ فَیَاْخُذَكُمْ عَذَابُ یَوْمٍ عَظِیْمٍ ۟

තවද නුඹලා කිසිදු අයුරින් ඇයට හිරිහැර නො කරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්‍රහණය කරනු ඇත. info
التفاسير:

external-link copy
157 : 26

فَعَقَرُوْهَا فَاَصْبَحُوْا نٰدِمِیْنَ ۟ۙ

එහෙත් ඔවුහු ඌව මරා දැමුවෝ ය. එහෙයින් ඔවුහු පසුතැවිලි වන්නන් වූවෝ ය. info
التفاسير:

external-link copy
158 : 26

فَاَخَذَهُمُ الْعَذَابُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟

එවිට එම දඬුවම ඔවුන්ව ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූහ. info
التفاسير:

external-link copy
159 : 26

وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠

තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විත. info
التفاسير: