വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

പേജ് നമ്പർ:close

external-link copy
84 : 26

وَاجْعَلْ لِّیْ لِسَانَ صِدْقٍ فِی الْاٰخِرِیْنَ ۟ۙ

තවද පසුව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති නාමයක් මට ඇති කරනු මැනව! info
التفاسير:

external-link copy
85 : 26

وَاجْعَلْنِیْ مِنْ وَّرَثَةِ جَنَّةِ النَّعِیْمِ ۟ۙ

තවද සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතරින් මා පත් කරනු මැනව! info
التفاسير:

external-link copy
86 : 26

وَاغْفِرْ لِاَبِیْۤ اِنَّهٗ كَانَ مِنَ الضَّآلِّیْنَ ۟ۙ

තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව! නියත වශයෙන් ම ඔහු නොමග ගිය අය අතරින් කෙනෙකු විය. info
التفاسير:

external-link copy
87 : 26

وَلَا تُخْزِنِیْ یَوْمَ یُبْعَثُوْنَ ۟ۙ

තවද මළවුන් කෙරෙන් (ජනයා) නැගිටුවනු ලබන දින නුඹ මා අවමානයට පත් නො කරනු මැනව! info
التفاسير:

external-link copy
88 : 26

یَوْمَ لَا یَنْفَعُ مَالٌ وَّلَا بَنُوْنَ ۟ۙ

(එය) ධනය හෝ දරුවන් හෝ ප්‍රයෝජනවත් නො වන දිනකි. info
التفاسير:

external-link copy
89 : 26

اِلَّا مَنْ اَتَی اللّٰهَ بِقَلْبٍ سَلِیْمٍ ۟ؕ

එහෙත් ආරෝග්‍යමත් හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර. info
التفاسير:

external-link copy
90 : 26

وَاُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِیْنَ ۟ۙ

තවද බිය බැතිමතුන්හට ස්වර්ගය සමීප කරවනු ලැබේ. info
التفاسير:

external-link copy
91 : 26

وَبُرِّزَتِ الْجَحِیْمُ لِلْغٰوِیْنَ ۟ۙ

තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ. info
التفاسير:

external-link copy
92 : 26

وَقِیْلَ لَهُمْ اَیْنَ مَا كُنْتُمْ تَعْبُدُوْنَ ۟ۙ

(අල්ලාහ් හැර දමා) නුඹලා නමදිමින් සිටි දෑ කොහේ දැ? යි ඔවුන්ගෙන් විමසනු ලැබේ. info
التفاسير:

external-link copy
93 : 26

مِنْ دُوْنِ اللّٰهِ ؕ— هَلْ یَنْصُرُوْنَكُمْ اَوْ یَنْتَصِرُوْنَ ۟ؕ

අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතහොත් ඔවුහු උදව් ලබන්නෝ ද? info
التفاسير:

external-link copy
94 : 26

فَكُبْكِبُوْا فِیْهَا هُمْ وَالْغَاوٗنَ ۟ۙ

එවිට එහි ඔවුහු හා සීමාව ඉක්මවූවෝ මුණින් අතට හෙළනු ලබති. info
التفاسير:

external-link copy
95 : 26

وَجُنُوْدُ اِبْلِیْسَ اَجْمَعُوْنَ ۟ؕ

ඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද (මුණින් අතට) හෙළනු ලබති. info
التفاسير:

external-link copy
96 : 26

قَالُوْا وَهُمْ فِیْهَا یَخْتَصِمُوْنَ ۟ۙ

තවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති. info
التفاسير:

external-link copy
97 : 26

تَاللّٰهِ اِنْ كُنَّا لَفِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟ۙ

අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන් ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු. info
التفاسير:

external-link copy
98 : 26

اِذْ نُسَوِّیْكُمْ بِرَبِّ الْعٰلَمِیْنَ ۟

සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලාව පත් කළ අවස්ථාවේ…(අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.) info
التفاسير:

external-link copy
99 : 26

وَمَاۤ اَضَلَّنَاۤ اِلَّا الْمُجْرِمُوْنَ ۟

තවද එවන් අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අපව නොමග නො යැවී ය. info
التفاسير:

external-link copy
100 : 26

فَمَا لَنَا مِنْ شَافِعِیْنَ ۟ۙ

එහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත. info
التفاسير:

external-link copy
101 : 26

وَلَا صَدِیْقٍ حَمِیْمٍ ۟

තවද (උණු වන හදවතක් ඇති) සමීප මිතුරෙකු හෝ නොමැත. info
التفاسير:

external-link copy
102 : 26

فَلَوْ اَنَّ لَنَا كَرَّةً فَنَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟

එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නෙමු. info
التفاسير:

external-link copy
103 : 26

اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟

නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය. info
التفاسير:

external-link copy
104 : 26

وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠

තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විත. info
التفاسير:

external-link copy
105 : 26

كَذَّبَتْ قَوْمُ نُوْحِ ١لْمُرْسَلِیْنَ ۟ۚۖ

නූහ්ගේ ජනයා ධර්ම දූතවරුන් බොරු කළෝ ය. info
التفاسير:

external-link copy
106 : 26

اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ نُوْحٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ

නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. info
التفاسير:

external-link copy
107 : 26

اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ

නියත වශයෙන් ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි. info
التفاسير:

external-link copy
108 : 26

فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ

එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. info
التفاسير:

external-link copy
109 : 26

وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ۚ

තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත. info
التفاسير:

external-link copy
110 : 26

فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ؕ

එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. (යැයි පැවසූහ.) info
التفاسير:

external-link copy
111 : 26

قَالُوْۤا اَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْاَرْذَلُوْنَ ۟ؕ

පහත් අය නුඹව අනුගමනය කරමින් සිටියදී අපි නුඹව විශ්වාස කරන්නෙමු දැ? යි ඔවුහු විමසුවෝ ය. info
التفاسير: