വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

പേജ് നമ്പർ:close

external-link copy
61 : 26

فَلَمَّا تَرَآءَ الْجَمْعٰنِ قَالَ اَصْحٰبُ مُوْسٰۤی اِنَّا لَمُدْرَكُوْنَ ۟ۚ

කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන් ම අපි කොටු කරනු ලබන්නෝ වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ. info
التفاسير:

external-link copy
62 : 26

قَالَ كَلَّا ۚ— اِنَّ مَعِیَ رَبِّیْ سَیَهْدِیْنِ ۟

එසේ නොව නියත වශයෙන් ම මා සමඟ මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසී ය. info
التفاسير:

external-link copy
63 : 26

فَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنِ اضْرِبْ بِّعَصَاكَ الْبَحْرَ ؕ— فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِیْمِ ۟ۚ

ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේ ය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය. info
التفاسير:

external-link copy
64 : 26

وَاَزْلَفْنَا ثَمَّ الْاٰخَرِیْنَ ۟ۚ

තවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු. info
التفاسير:

external-link copy
65 : 26

وَاَنْجَیْنَا مُوْسٰی وَمَنْ مَّعَهٗۤ اَجْمَعِیْنَ ۟ۚ

තවද අපි මූසා හා ඔහු සමඟ සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු. info
التفاسير:

external-link copy
66 : 26

ثُمَّ اَغْرَقْنَا الْاٰخَرِیْنَ ۟ؕ

පසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු. info
التفاسير:

external-link copy
67 : 26

اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟

නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූහ. info
التفاسير:

external-link copy
68 : 26

وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠

තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මය සර්ව බලධාරී මහා කරුණාන්විතයා. info
التفاسير:

external-link copy
69 : 26

وَاتْلُ عَلَیْهِمْ نَبَاَ اِبْرٰهِیْمَ ۟ۘ

තවද නුඹ ඔවුන් වෙත ඉබ්රාහීම්ගේ පුවත කියවා පෙන්වනු. info
التفاسير:

external-link copy
70 : 26

اِذْ قَالَ لِاَبِیْهِ وَقَوْمِهٖ مَا تَعْبُدُوْنَ ۟

නුඹලා කුමක් නමදින්නෙහු දැ? යි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු. info
التفاسير:

external-link copy
71 : 26

قَالُوْا نَعْبُدُ اَصْنَامًا فَنَظَلُّ لَهَا عٰكِفِیْنَ ۟

අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන් ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ. info
التفاسير:

external-link copy
72 : 26

قَالَ هَلْ یَسْمَعُوْنَكُمْ اِذْ تَدْعُوْنَ ۟ۙ

නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? යැයි ඉබ්රාහීම් විමසී ය. info
التفاسير:

external-link copy
73 : 26

اَوْ یَنْفَعُوْنَكُمْ اَوْ یَضُرُّوْنَ ۟

එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ? යි (ඉබ්රාහීම් විමසී ය.) info
التفاسير:

external-link copy
74 : 26

قَالُوْا بَلْ وَجَدْنَاۤ اٰبَآءَنَا كَذٰلِكَ یَفْعَلُوْنَ ۟

එහෙත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදු කරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
75 : 26

قَالَ اَفَرَءَیْتُمْ مَّا كُنْتُمْ تَعْبُدُوْنَ ۟ۙ

නුඹලා නමදිමින් සිටි දෑ කුමක් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි ඔහු (ඉබ්රාහිම්) විමසී ය. info
التفاسير:

external-link copy
76 : 26

اَنْتُمْ وَاٰبَآؤُكُمُ الْاَقْدَمُوْنَ ۟ؗ

නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් (නමදිමින් සිටි දෑ). info
التفاسير:

external-link copy
77 : 26

فَاِنَّهُمْ عَدُوٌّ لِّیْۤ اِلَّا رَبَّ الْعٰلَمِیْنَ ۟ۙ

හේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි. info
التفاسير:

external-link copy
78 : 26

الَّذِیْ خَلَقَنِیْ فَهُوَ یَهْدِیْنِ ۟ۙ

ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි. info
التفاسير:

external-link copy
79 : 26

وَالَّذِیْ هُوَ یُطْعِمُنِیْ وَیَسْقِیْنِ ۟ۙ

තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි. info
التفاسير:

external-link copy
80 : 26

وَاِذَا مَرِضْتُ فَهُوَ یَشْفِیْنِ ۟

තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි. info
التفاسير:

external-link copy
81 : 26

وَالَّذِیْ یُمِیْتُنِیْ ثُمَّ یُحْیِیْنِ ۟ۙ

තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවය දෙයි. info
التفاسير:

external-link copy
82 : 26

وَالَّذِیْۤ اَطْمَعُ اَنْ یَّغْفِرَ لِیْ خَطِیْٓـَٔتِیْ یَوْمَ الدِّیْنِ ۟ؕ

තවද ඔහු වනාහි මාගේ වැරදිවලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මා ආශා කරන අයයි. info
التفاسير:

external-link copy
83 : 26

رَبِّ هَبْ لِیْ حُكْمًا وَّاَلْحِقْنِیْ بِالصّٰلِحِیْنَ ۟ۙ

මාගේ පරමාධිපතියාණනි! මට ප්‍රඥාව පිරිනමනු මැනව! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව! info
التفاسير: