Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
102 : 9

وَاٰخَرُوْنَ اعْتَرَفُوْا بِذُنُوْبِهِمْ خَلَطُوْا عَمَلًا صَالِحًا وَّاٰخَرَ سَیِّئًا ؕ— عَسَی اللّٰهُ اَنْ یَّتُوْبَ عَلَیْهِمْ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

කිසිදු සාධාරණ හේතුවකින් තොර ව යුද්ධ කිරීමෙන් පසුබට වන තවත් පිරිසක් ද මදීනා වාසීන් අතර වූහ. සැබැවින්ම ඔවුහු තමන්ට කිසිදු සාධාරණ හේතුවක් නොතිබූ බව පිළිගත් අතරම ව්යාජ හේතූන් කිසිවක් ඉදිරිපත් කළේ නැත. අල්ලාහ්ට අවනත වීමෙන් ඔහුගේ ආගමික පිළිවෙත් පිළිපදිමින් හා ඔහුගේ මාර්ගයේ සටන් කරමින් ඔවුන් පෙර කළ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සමග පාපක්රියාවන් ද මුසු කර ගත්තෝය. ඔවුන් වෙත අල්ලාහ් සමාව දෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. තම ගැත්තන් අතරින් සමාව අයැද සිටින්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• فضل المسارعة إلى الإيمان، والهجرة في سبيل الله، ونصرة الدين، واتباع طريق السلف الصالح.
•දේව විශ්වාසය, අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යාම, දහමට උපකාර කිරීම, දැහැමි මුතුන් මිත්තන්ගේ මාර්ගය අනුගමනය කිරීම යනාදිය වෙත යුහුසුළු වීමේ මහිමය. info

• استئثار الله عز وجل بعلم الغيب، فلا يعلم أحد ما في القلوب إلا الله.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම ඇත්තේ කීර්තිමත් අල්ලාහ්ට පමණ යැයි ඒකාධිකාරී කිරීම. එබැවින් හදවත් තුළ ඇති දෑ අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොදනී. info

• الرجاء لأهل المعاصي من المؤمنين بتوبة الله عليهم ومغفرته لهم إن تابوا وأصلحوا عملهم.
•දෙවියන් විශ්වාස කරන්නන් අතරින් පාපකම් සිදු කරන්නන් වනාහි ඔවුන් සමාව අයැද ඔවුන්ගේ ක්රියාවන් විධිමත් කර ගත්තේ නම් ඔවුන් වෙත පාපක්ෂමාව පිරිනැමීමටත් සමාව දානය කිරීමටත් කැමැත්තක් ඇති කිරීම. info

• وجوب الزكاة وبيان فضلها وأثرها في تنمية المال وتطهير النفوس من البخل وغيره من الآفات.
•සකාත්හි අනිවාර්යභාවය, එහි මහිමය හා ධනය වර්ධනය වීමේ හා මසුරුකම වැනි අනතුරුදායක ගුණාංග වලින් සිත් පිරිසිදු කිරීම පිළිබඳ එහි බලපෑම් විස්තර කිරීම. info