Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
88 : 7

قَالَ الْمَلَاُ الَّذِیْنَ اسْتَكْبَرُوْا مِنْ قَوْمِهٖ لَنُخْرِجَنَّكَ یٰشُعَیْبُ وَالَّذِیْنَ اٰمَنُوْا مَعَكَ مِنْ قَرْیَتِنَاۤ اَوْ لَتَعُوْدُنَّ فِیْ مِلَّتِنَا ؕ— قَالَ اَوَلَوْ كُنَّا كٰرِهِیْنَ ۟ۚ

ෂුඅයිබ් (අලෛහිස්සලාම්) තුමාණන්ගේ සමූහයා අතර සිටි නායකයින් හා ප්රධානීන් ෂුඅයිබ් (අලෛහිස් සලාම්) තුමා දෙස බලා, “අහෝ ෂුඅයිබ්! ඔබ හා ඔබ සමග සිටින ඔබව සත්යය කළ ජනයා අපගේ මේ ගම්මානයෙන් බැහැර කරන්නෙමු. එසේ නැතහොත් ඔබ අපේ දහම වෙත නැවත හැරෙනු” යැයි පැවසුවෝය. ෂුඅය්බ් තුමා හෙළා දකිමින් හා පුදුමය උපදවන අයුරින් ඔවුනට: “නුඹලා කවර කරුණක් මත සිටින්නෙහු ද එය ව්යාජ බව අප දැන සිටියදී, එය අප පිළිකුල් කරමින් සිටියදී නුඹලාගේ දහම හා නුඹලාගේ පිළිවෙත අනුව අපි නුඹලාව අනුගමනය කරන්නෙමුද?” යැයි පැවසුවේය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• من مظاهر إكرام الله لعباده الصالحين أنه فتح لهم أبواب العلم ببيان الحق من الباطل، وبنجاة المؤمنين، وعقاب الكافرين.
අල්ලාහ් තම ධර්මිෂ්ඨ ගැත්තන් හට පුදන ගෞරවය පෙන්වනුයේ සැබැවින්ම ඔහු අසත්යයෙන් සත්යය පැහැදිලි කිරීම, දෙවියන් විශ්වාස කරන්නන්ව මුදවා ගැනීම හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ට දඬුවම් කිරීම තුළින් ඔවුන් ඔහුට දැනුමේ දොරටු විවෘත කර දීමයි. info

• من سُنَّة الله في عباده الإمهال؛ لكي يتعظوا بالأحداث، ويُقْلِعوا عما هم عليه من معاص وموبقات.
අල්ලාහ් තම ගැත්තන් විෂයෙහි කටයුතු කරන පිළිවෙතක් වනුයේ, සිදුවීම් තුළින් උපදෙස් ලබන්නටත්, ඔවුන් නිරත ව සිටින පාපකම් හා විනාශ කර දමන බරපතළ වැරදි වලින් ඔවුන් මිදෙනු වස් ඔවුනට කල්දීමය. info

• الابتلاء بالشدة قد يصبر عليه الكثيرون، ويحتمل مشقاته الكثيرون، أما الابتلاء بالرخاء فالذين يصبرون عليه قليلون.
මහත් පරීක්ෂණ වනාහි, බොහෝ දෙනා එය ඉවසා දරා ගන්නා අතරම එහි ඇති වන දුෂ්කරතා ද බොහෝ දෙනා ඉවසා දරා ගනිති. නමුත් සමෘද්ධියෙන් යුත් පරීක්ෂණ වනාහි, එය ඉවසා දරා ගනුයේ ස්වල්ප දෙනෙකු පමණි. info