Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
12 : 6

قُلْ لِّمَنْ مَّا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— قُلْ لِّلّٰهِ ؕ— كَتَبَ عَلٰی نَفْسِهِ الرَّحْمَةَ ؕ— لَیَجْمَعَنَّكُمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ لَا رَیْبَ فِیْهِ ؕ— اَلَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ فَهُمْ لَا یُؤْمِنُوْنَ ۟

අහෝ! දූතය, අහස්හි පාලනයත්, මහපොළොවේ පාලනයත්, ඒ දෙක අතර ඇති දෑ හි පාලනයත් කවුරුන් සතු වන්නේදැයි ඔබ විමසනු. ඒවායෙහි සර්ව රාජ්යය හිමි වන්නේ අල්ලාහ්ටමයැයි පවසනු. තම ගැත්තන්හට ඔහුගෙන් වූ අතිරේක භාග්යයක් වශයෙන් තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. එහෙයින් ඔවුන් පාප සමාව අයැද නොසිටියද ඔවුන් සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින එක්රැස් කරන තෙක් ඔවුනට දඬුවම් දීමට ඔහු ඉක්මන් නොවෙයි. එදින පිළිබඳ කිසිදු සැකයක් නැත. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුහු අලාභවන්තයින් වූහ. ඔවුහු විශ්වාස නොකරති. එහෙයින් ඔවුන් අලාභයෙහි වැටීමෙන් තමන් ආරක්ෂා කර ගත යුතු වේ. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• بيان حكمة الله تعالى في إرسال كل رسول من جنس من يرسل إليهم؛ ليكون أبلغ في السماع والوعي والقبول عنه.
•සෑම රසූල්වරයෙකුම කවර වර්ගයකට එවනු ලබන්නේද එම වර්ගයටම අයත් අයකු ලෙස එවීමේ අල්ලාහ්ගේ ප්රඥාව පැහැදිලි කිරීම. එය සවන් දීමටත් වටහා ගන්නටත් පිළිගන්නටත් පහසු, හොඳම නිවේදන කිරීමේ ක්රමය වන බැවිණි. info

• الدعوة للتأمل في أن تكرار سنن الأوّلين في العصيان قد يقابله تكرار سنن الله تعالى في العقاب.
•මුතුන් මිත්තන්ගේ පිටු පෑමේ පිළිවෙත නැවත නැවතත් සිදු වීම ගැනත් එයට ගැළපෙන පරිදි උත්තරීතර අල්ලාහ්ගේ දඬුවම් දීමේ පිළිවෙත නැවත නැවතත් පිහිටි ආකාරය පිළිබඳත් සිතන්නට ඇරයුම් කිරීම. info

• وجوب الخوف من المعصية ونتائجها.
•පාපය පිළිබඳ හා එහි ප්රතිවිපාකය පිළිබඳ බිය වීමේ අනිවාර්යභාවය. info

• أن ما يصيب البشر من بلاء ليس له صارف إلا الله، وأن ما يصيبهم من خير فلا مانع له إلا الله، فلا رَادَّ لفضله، ولا مانع لنعمته.
•මිනිසාට යම් විපතක් ඇති වූ විට ඉන් මුදවන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු ඔහුට නැත. ඔවුනට යම් යහපතක් අත්වූයේ නම් අල්ලාහ් හැර එය වළක්වන කිසිවකු නැත. ඔහුගේ භාග්යය වළක්වන්නෙකු නැත. ඔහුගේ ආශිර්වාද තහනම් කරන්නෙකු නැත. info