Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
14 : 59

لَا یُقَاتِلُوْنَكُمْ جَمِیْعًا اِلَّا فِیْ قُرًی مُّحَصَّنَةٍ اَوْ مِنْ وَّرَآءِ جُدُرٍ ؕ— بَاْسُهُمْ بَیْنَهُمْ شَدِیْدٌ ؕ— تَحْسَبُهُمْ جَمِیْعًا وَّقُلُوْبُهُمْ شَتّٰی ؕ— ذٰلِكَ بِاَنَّهُمْ قَوْمٌ لَّا یَعْقِلُوْنَ ۟ۚ

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! තාප්ප වලින් වටවුණු ගම්මානයක් තුළ සිට හෝ ප්රාකාරයක් පසුපස සිට හෝ මිස යුදෙව්වන් එක්වී නුඹලා සමග සටන් නොවදිති. ඔවුන්ගේ දුර්වලකම හේතුවෙන් නුඹලාට මුහුණ දීමට ඔවුනට නුපුළුවන. ඔවුන් අතර පවතින සතුරුකම හේතුවෙන් ඔවුන් තුළ වූ ව්යසනය බලවත්ය. සැබැවින්ම ඔවුන් එකම පාඨයක සිටින බවත්, ඔවුන්ගේ බලඇණිය එකම බවත් නුඹ සිතනු ඇත. නමුත් ඔවුන්ගේ හදවත් විරුද්ධ මත දරන බෙදුම්වාදීන් වෙති. එම මතභේද හා ප්රතිවිරෝධය ඔවුන් නිසි ලෙස අවබෝධකර නොගත් හේතුවෙනි. ඔවුන් අවබෝධ කර ගනිමින් සිටියෙහු නම් සත්යය වටහා ගෙන එහි මතභේද ඇති නොකොට එය පිළිපදින්නට තිබුණි. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• رابطة الإيمان لا تتأثر بتطاول الزمان وتغير المكان.
•දේව විශ්වාසයේ බැඳීම කාලය දීර්ග වීමෙන් හෝ ස්ථාන වෙනස්වීමෙන් බලපාන්නේ නැත. info

• صداقة المنافقين لليهود وغيرهم صداقة وهمية تتلاشى عند الشدائد.
•කුහකයන්, යුදෙව්වන් හා ඔවුන් හා සමාන වෙනත් අය සමඟ පවතින මිත්රත්වය දුෂ්කර අවස්ථාවන්හි මැකී යන ව්යාජ මිත්රත්වයකි. info

• اليهود جبناء لا يواجهون في القتال، ولو قاتلوا فإنهم يتحصنون بِقُرَاهم وأسلحتهم.
•යුදෙව්වන් බියගුල්ලන් වන අතර සටන් කිරීමේදී ඔවුන් මුහුණට මුහුණ සටන් නොවදිති. ඔවුන් සටන් කරන්නේ නම් ඔවුන්ගේ ගම්මාන සහ ආයුධ වලින් ආරක්ෂාව සලසා ගනිති. info