Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
26 : 5

قَالَ فَاِنَّهَا مُحَرَّمَةٌ عَلَیْهِمْ اَرْبَعِیْنَ سَنَةً ۚ— یَتِیْهُوْنَ فِی الْاَرْضِ ؕ— فَلَا تَاْسَ عَلَی الْقَوْمِ الْفٰسِقِیْنَ ۟۠

අල්ලාහ් තම නබිවරයා වන මූසා (අලය්හිස් සලාම්)තුමාහට "සැබැවින්ම අල්ලාහ් වසර හතළිහක කාලයක් මෙම ශුද්ධ වූ භූමියට ඉස්රාඊල් දරුවන් ඇතුළු වීම තහනම් කළේය. මෙම කාලය තුළ යහමග නොලබා කාන්තාරයේ මුළාවී යනු ඇත. අහෝ මූසා! අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ මෙම සමූහයා පිළිබඳ ඔබ දුක් නොවනු. මෙසේ ඔවුනට අත් වූ දඬුවම ඔවුන්ගේ පාපකම් හා නපුරුකම් හේතුවෙන් සිදු වූවකි. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• مخالفة الرسل توجب العقاب، كما وقع لبني إسرائيل؛ إذ عاقبهم الله تعالى بالتِّيه.
•දූතවරුන්හට විරුද්ධ ව කටයුතු කිරීම දඬුවම අනිවාර්යය කරනු ඇත. තියාහ් නම් මුළාවට පත් ස්ථානයේ අල්ලාහ් ඔවුන් දඬවම් කළ විට එවැන්නක් ඉස්රාඊල් දරුවන්ටද සිදු විය. info

• قصة ابني آدم ظاهرها أن أول ذنب وقع في الأرض - في ظاهر القرآن - هو الحسد والبغي، والذي أدى به للظلم وسفك الدم الحرام الموجب للخسران.
•ආදම්ගේ දරුවන්ගේ කතා වස්තුවෙන් හෙළිවන කරුණක් නම් අල් කුර්ආනයේ සඳහන් පරිදි මහපොළොවේ සිදු වුණු පළමු පාපය ඊර්ෂ්යාව හා සීමාව ඉක්මවීම විය. එය අපාරධ කිරීමටත් ලේ වැගිරීමටත් විනාශය වෙත තල්ලු කිරීමටත් කටයුතු කර ඇත. info

• الندامة عاقبة مرتكبي المعاصي.
•පාපකම් සිදුකළ පාපතරයා සතු දඬුවම පසුතැවිල්ලයි. info

• أن من سَنَّ سُنَّة قبيحة أو أشاع قبيحًا وشجَّع عليه، فإن له مثل سيئات من اتبعه على ذلك.
•කවරෙකු අවලස්සන පිළිවෙතක් අනුගමනය කරන්නේ ද එසේ නැතහොත් අවලස්සන කටයුත්තක් පතුරුවා හැර එයට උනන්දු කරවන්නේද සැබැවින් එය සෙස්සන් විසින් අනුගමනය කරනු ලැබූ විටෙක ඒ හා සමාන පාපකම් ඔහුට ද හිමි වනු ඇත. info