Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
33 : 4

وَلِكُلٍّ جَعَلْنَا مَوَالِیَ مِمَّا تَرَكَ الْوَالِدٰنِ وَالْاَقْرَبُوْنَ ؕ— وَالَّذِیْنَ عَقَدَتْ اَیْمَانُكُمْ فَاٰتُوْهُمْ نَصِیْبَهُمْ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدًا ۟۠

නුඹලා අතුරින් සෑම කෙනෙකුටම තම දෙමාපියන් හා ඥාතීන් විසින් හැර දමා යන දෑ සඳහා පසුඋරුමකම්පාන භාරකාර සම්බන්ධතාවක් අපි ඇති කර ඇත්තෙමු. සහය ලබා දී උපකාර කිරීම සඳහා නුඹලා ඔවුන් සමග ස්ථීර දිවුරුමක් ගිවිස ගෙන ඇත්නම්, ඔවුන්ගේ කොටස ඔවුනට ලබා දෙනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය. ඔහුගේ එම සාක්ෂි අතුරින් නුඹලාගේ දිවුරුම හා නුඹලාගේ මෙම ගිවිසුම් ද එකකි. ඉස්ලාමය ආරම්භ කාලයේ දිවුරුම මගින් පසු උරුමය ලබන නීතිය පැවතුණ ද පසු ව එය වෙනස් කරන ලදී. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• سعة رحمة الله بعباده؛ فهو سبحانه يحب التوبة منهم، والتخفيف عنهم، وأما أهل الشهوات فإنما يريدون بهم ضلالًا عن الهدى.
•අල්ලාහ් තම ගැත්තන්හට දක්වන ආශිර්වාදයේ විශාලත්වය. සුවිශුද්ධ වූ ඔහු ඔවුන් පතන පාප ක්ෂමාවට ප්රිය කරන අතරම එය ඔවුන්ගෙන් සැහැල්ලු කිරීමට ප්රිය කරයි. ආශාවන්ට වහල්වූවන් වනාහි ඔවුන් යහමගින් නොමග වෙත යොමු කිරීමට අපේක්ෂා කරයි. info

• حفظت الشريعة حقوق الناس؛ فحرمت الاعتداء على الأنفس والأموال والأعراض، ورتبت أعظم العقوبة على ذلك.
•ෂරීආ හෙවත් ආගමික නීතිරාමු මිනිසාගේ අයිතිවාසිකම් රකියි. එහෙයින් ජීවිත දේපළ හා මානය සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම තහනම් කර ඇති අතර ඒ සඳහා මහත් දඬුවම් පනවා ඇත. info

• الابتعاد عن كبائر الذنوب سبب لدخول الجنة ومغفرة للصغائر.
•මහා පාපයන්ගෙන් ඉවත් ව සිටීම ස්වර්ගයට පිවිසීමටත් සුළු පාපයන් සඳහා සමාව ලැබීමටත් හේතු වන්නේය. info

• الرضا بما قسم الله، وترك التطلع لما في يد الناس؛ يُجنِّب المرء الحسد والسخط على قدر الله تعالى.
•අල්ලාහ් වෙන්කර දී ඇති දෑ පිළිගෙන මිනිසුන් සතු ව ඇති දෑ පැතීමෙන් වැළකී සිටීම අල්ලාහ්ගේ නියමය අනුව ඊර්ෂ්යාවෙන් හා ක්රෝධයෙන් මිනිසා වළක්වාලන්නේය. info