Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
146 : 3

وَكَاَیِّنْ مِّنْ نَّبِیٍّ قٰتَلَ ۙ— مَعَهٗ رِبِّیُّوْنَ كَثِیْرٌ ۚ— فَمَا وَهَنُوْا لِمَاۤ اَصَابَهُمْ فِیْ سَبِیْلِ اللّٰهِ وَمَا ضَعُفُوْا وَمَا اسْتَكَانُوْا ؕ— وَاللّٰهُ یُحِبُّ الصّٰبِرِیْنَ ۟

තමන් සමග එක් ව තම අනුගාමකයින් තම පරමාධිපති වෙනුවෙන් සටන් කළ අල්ලාහ්ගේ නබිවරුන් කොපමණ දෙනෙක් වී ද? අල්ලාහ්ගේ මාර්ගයේ තමන්හට අත් වූ මරණ හා තුවාල හේතුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් ඉවත් නොවූහ. සතුරන් සමග සටන් කිරීමට අධෛර්යමත් නොවූහ. සතුරන්ට යටත් නොවූහ. ඔවුහු ඉවසීමෙන් හා ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ මාර්ගයේ දැඩි දුෂ්කරතා හා පීඩා විදිමින් ඉවසීමෙන් කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الابتلاء سُنَّة إلهية يتميز بها المجاهدون الصادقون الصابرون من غيرهم.
•පරීක්ෂාවට ලක් කිරීම දේව න්යායකි. එමගින් දෙවියන් වෙනුවෙන් කැප වන සැබෑ ලෙස කටයුතු කරන ඉවසීමෙන් කටයුතු කරන ජනයා සෙසු අයගෙන් වෙන්කොට හඳුනා ගත හැකි වන්නේය. info

• يجب ألا يرتبط الجهاد في سبيل الله والدعوة إليه بأحد من البشر مهما علا قدره ومقامه.
•කෙනෙකුගේ හැකියාව හා ඔහුගේ නිලයේ උසස්භාවය සලකා අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම හෝ ජනයාට ඇරයුම් කිරීම යනාදිය ඔහු සමග සම්බන්ධ නොකර සිටීම අනිවාර්යය වන්නේය. info

• أعمار الناس وآجالهم ثابتة عند الله تعالى، لا يزيدها الحرص على الحياة، ولا ينقصها الإقدام والشجاعة.
•මිනිසුන්ගේ වයස හා ආයුෂ පිළිබඳ තීන්දුව උත්තරීතර අල්ලාහ් අබියස ඇත්තකි. ජීවත් වීමට ඇති ආශාව එය වර්ධනය කරන්නේ නැත. එමෙන්ම වීරත්වය හා පෙරටුගාමී වීමෙන් එය අඩුකළ ද නොහැක. info

• تختلف مقاصد الناس ونياتهم، فمنهم من يريد ثواب الله، ومنهم من يريد الدنيا، وكلٌّ سيُجازَى على نيَّته وعمله.
•මිනිසුන්ගේ අරමුණු හා චේතනා විවිධය. ඔවුන්ගෙන් ඇතැමෙක් අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තු වෙයි. තවත් ඇතැමෙකු මෙලොව අපේක්ෂා කරයි. ඔවුනොවුන්ගේ චේතනාවන් හා ක්රියාවන් අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. info