Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
137 : 3

قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌ ۙ— فَسِیْرُوْا فِی الْاَرْضِ فَانْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِیْنَ ۟

උහද් දිනයේදී දෙවියන් විශ්වාස කළවුන් පරීක්ෂාවට භාජනය කරනු ලැබූ කල්හි අල්ලාහ් ඔවුනට සැනසිලි බස් පවසා සිටියේය. එනම් දෙවියන් ප්රතික්ෂේප කළවුන් විනාශ කිරීමේ දේව න්යායය නුඹලාට පෙර විසූ ජන සමූහයන් අතර ද පැවතිණි. දෙවියන් විශ්වාස කලවුන් පරීක්ෂාවට ලක් වූ පසු අවසානය ඔවුන්හට යහපතක් විය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි නුඹලා මහපොළොවේ සැරිසරා අවධානයෙන් බලනු. ඔවුන්ගේ නිවාස විනාශ වී ගියේය. ඔවුන්ගේ රජවරු ඉකුත් ව ගියේය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الترغيب في المسارعة إلى عمل الصالحات اغتنامًا للأوقات، ومبادرة للطاعات قبل فواتها.
•කාලවේලාවන් ප්රයෝජනයට ගෙන දැහැමි ක්රියාවන් යුහුසුලුවෙන් සිදු කිරීමට හා ඒවා අහිමි වීමට පෙර අවනතවීමේ කටයුතු වල පෙරටුගාමී ව ක්රියා කරන්නට ආශාව ඇති කිරීම. info

• من صفات المتقين التي يستحقون بها دخول الجنة: الإنفاق في كل حال، وكظم الغيظ، والعفو عن الناس، والإحسان إلى الخلق.
•ස්වර්ගයට පිවිසීමට සුදුසුකම් ලබන බැතිමතුන්ගේ ගුණාංග වන්නේ සෑම තත්ත්වයකදීම වියපැහැදම් කිරීම කෝපය පාලනය කිරීම මිනිසුනට සමාව දීම හා මැවීම් වෙත යහපත සැලසීමය. info

• النظر في أحوال الأمم السابقة من أعظم ما يورث العبرة والعظة لمن كان له قلب يعقل به.
•වටහා ගන්නා හදවතක් ඇති කෙනෙකු උපදෙස් ලබන්නට හා පාඩම් ලබන්නට ඇති ප්රධානතම කරුණක් වනුයේ පෙර විසූ ජනසමූහයන්ගේ තත්ත්වයන් දෙස අවධානයෙන් යුතු ව බැලීමය. info