Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
100 : 3

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنْ تُطِیْعُوْا فَرِیْقًا مِّنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ یَرُدُّوْكُمْ بَعْدَ اِیْمَانِكُمْ كٰفِرِیْنَ ۟

අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, ආගම් ලත් යුදෙව් හා කිතුනු පිරිසක් පවසන පරිදි ඔබ ඔවුන්ට අවනත වී ඔවුන් සිතන පරිදි ඔවුන්ගේ අදහස පිළිගන්නේ නම් නුඹලා විශ්වාසය තුළට පැමිණි පසු ව නැවත දේව ප්රතික්ෂේපය වෙතට යොමු කරනු ඇත. එය ඔවුන් තුළ ඇති ඊර්ෂ්යාව හා ඔවුන් යහමගින් මුළා වී ඇති බැවිණි. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• كَذِبُ اليهود على الله تعالى وأنبيائه، ومن كذبهم زعمهم أن تحريم يعقوب عليه السلام لبعض الأطعمة نزلت به التوراة.
•යුදෙව්වන් අල්ලාහ් හා ඔහුගේ නබිවරුන් කෙරෙහි බොරු පැවසීම, ඇතැම් ආහාර යඃකූබ් තුමාට තහනම් කර තිබීම තව්රාතයේ පහළ කර ඇතැයි යන ඔවුන්ගේ සිතුවිල්ල එම බොරුවලින් එකකි. info

• أعظم أماكن العبادة وأشرفها البيت الحرام، فهو أول بيت وضع لعبادة الله، وفيه من الخصائص ما ليس في سواه.
•නැමදුම් කරන ස්ථාන අතුරින් වඩාත් උසස් මෙන්ම වඩාත් ශ්රේෂ්ඨ වනුයේ බයිතුල් හරම් වේ. එය අල්ලාහ් ව නැමදුම් කිරීම සඳහා ඉදි කරන ලද මුල්ම දේවස්ථානයයි. වෙනත් දේවස්ථානවල නොමැති විශේෂයන් බොහෝමයක් එහි දක්නට ඇත. info

• ذَكَرَ الله وجوب الحج بأوكد ألفاظ الوجوب تأكيدًا لوجوبه.
•‘වුජූබ්’ යන අරාබි පදයෙන් අර්ථවත් වන ‘අනිවාර්යය’ යන පද යෙදුමෙන් හජ් ඉටු කිරීම අනිවාර්යය කටයුත්තක් බව මෙහිදී අල්ලාහ් සිහිපත් කර ඇත. info