Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
36 : 2

فَاَزَلَّهُمَا الشَّیْطٰنُ عَنْهَا فَاَخْرَجَهُمَا مِمَّا كَانَا فِیْهِ ۪— وَقُلْنَا اهْبِطُوْا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۚ— وَلَكُمْ فِی الْاَرْضِ مُسْتَقَرٌّ وَّمَتَاعٌ اِلٰی حِیْنٍ ۟

ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කොඳුරමින් දකින දෑ අලංකාරවත් කරමින් සිටියේය. අවසානයේ අල්ලාහ් අනුභව කිරීමට තහනම් කළ එම ගසින් ඔවුන් දෙදෙනා අනුභව කරන්නට ඔහු සැලැස්වීය. ඔවුන් දෙදෙනා පෙරළා වැරදි කරන්නට විය. එහි ප්රතිවිපාක වශයෙන් ඔවුන් දෙදෙනා සිටි ස්වර්ගයෙන් අල්ලාහ් ඔවුන් බැහැර කළේය. පසුව අල්ලාහ් ඔවුන් දෙදෙනා හා ෂයිතාන් දෙස බලා: ‘නුඹලා මහපොළොවට බසිනු. නුඹලා අතැමෙක් ඇතැමෙකුට සතුරන් වනු ඇත. මිහිතලයේ නුඹලාගේ ආයුෂ අවසන් වී අවසන් හෝරාව පැමිණෙන තෙක් යහපත් දෑ භුක්ති විදීමටත් නුඹලාගේ වාසස්ථාන හා නවාතැන් තනා ගැනීමටත් අවස්ථාව ඇත’ යැයි පැවසීය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الواجب على المؤمن إذا خفيت عليه حكمة الله في بعض خلقه وأَمْرِهِ أن يسلِّم لله في خلقه وأَمْرِهِ.
•අල්ලාහ්ගේ ඇතැම් මැවීම් හා ඔහුගේ නියෝගවල පවතින යථාර්ථය දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට සැඟවුණු දෙයක් වී නම් එය අල්ලාහ්ටම භාරදීම අනිවාර්ය වන්නේය. info

• رَفَعَ القرآن الكريم منزلة العلم، وجعله سببًا للتفضيل بين الخلق.
•ශුද්ධ වූ අල්කුර්ආනය දැනුම් මට්ටම උසස් කරවයි. මැවීම් අතර පවතින උස්පහත් මට්ටම තරාතිරම් අනුව වෙන් කර හඳුනාගන්නට හේතුවක් ලෙස ඔහු එය පත් කොට ඇත. info

• الكِبْرُ هو رأس المعاصي، وأساس كل بلاء ينزل بالخلق، وهو أول معصية عُصِيَ الله بها.
•උඩඟුකම පාපකම්හි මූලය වේ. මිනිසාට පහළ වන සියලු ආකාරයේ පරීක්ෂණවල පදනම ද එය වේ. එමෙන්ම අල්ලාහ් පවක් ලෙස සැලකූ පළමු පාපය ද එය වේ. info