Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
243 : 2

اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ خَرَجُوْا مِنْ دِیَارِهِمْ وَهُمْ اُلُوْفٌ حَذَرَ الْمَوْتِ ۪— فَقَالَ لَهُمُ اللّٰهُ مُوْتُوْا ۫— ثُمَّ اَحْیَاهُمْ ؕ— اِنَّ اللّٰهَ لَذُوْ فَضْلٍ عَلَی النَّاسِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَشْكُرُوْنَ ۟

අහෝ! නබිවරය, ඔවුන් බහුතර පිරිසක්ව සිටියදී වසංගතය හේතුවෙන් හෝ වෙනත් කාරණාවක් හේතුවෙන් මරණයට බියෙන් තම නිවෙස් වලින් පිට ව ගියවුන්ගේ තොරතුරු ඔබේ දැනුමට නොලැබුණේද? ඔවුන් ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසකි. අල්ලාහ් ඔවුනට "නුඹලා මියැදෙනු" යැයි පැවසීය. එවිට ඔවුන් මියැදුණෝය. පසු ව ඔහු ඔවුනට යළි ප්රාණය දුන්නේය. එය සියලුම කරුණු අල්ලාහ් සතුය. ඔවුන් විසින් ඔවුනට පවා කිසිදු සෙතක් හෝ හිංසනයක් සිදු කළ නොහැක, සැබැවින්ම අල්ලාහ් මහත් පරිත්යාග ශීලීය, මිනිසුන්ට් ඔහු ආශිර්වාද කරන්නාය යන්න ඔවුන්හට වටහා දෙනු පිණිසය. නමුත් මිනිසුන් අතර බහුතරයක් දෙනා අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කෘතඥ නොවෙති. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الحث على المحافظة على الصلاة وأدائها تامة الأركان والشروط، فإن شق عليه صلَّى على ما تيسر له من الحال.
•සලාතය, එහි ඇති මූලිකාංග හා කොන්දේසි නිසි ලෙස පිළිපදිමින් සුරක්ෂිත ව ඉටු කිරීමට දිරි ගන්වයි. එසේ සලාතය ඉටු කිරීමට යම් අසීරුතාවක් ඔහුට ඇති වූ විටෙක ඔහුට පහසු අයුරින් පහසු ඉරියව්වක සලාතයට ඉටු කළ හැක. info

• رحمة الله تعالى بعباده ظاهرة، فقد بين لهم آياته أتم بيان للإفادة منها.
•අල්ලාහ් තම ගැත්තන්හට පෙන්වා ඇති දයාව හා කරුණාව විද්යාමානව පවතී. එයින් ප්රයෝජන ලබනු පිණිස ඔහුගේ එම සාධක පිළිබඳ ඔහු ඔවුනට පූර්ණ ලෙස පැහැදිලි කරයි. info

• أن الله تعالى قد يبتلي بعض عباده فيضيِّق عليهم الرزق، ويبتلي آخرين بسعة الرزق، وله في ذلك الحكمة البالغة.
•නියත වශයෙන්ම අල්ලාහ් ඇතැම් ගැත්තන්හට පෝෂණ සම්පත් සීමා කරමින් පරීක්ෂණයට ලක් කරයි. තවත් ඇතැමුන්ට පෝෂණ සම්පත් අධික ව ලබා දී පරීක්ෂණයට ලක් කරයි. එහි ගැඹුරු යථාර්ථය ඇත්තේ ඔහු සතු ව පමණය. info