Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
238 : 2

حٰفِظُوْا عَلَی الصَّلَوٰتِ وَالصَّلٰوةِ الْوُسْطٰی ۗ— وَقُوْمُوْا لِلّٰهِ قٰنِتِیْنَ ۟

අල්ලාහ් නියෝග කළ පරිදි පූර්ණ ලෙස සලාතය ඉටු කරමින් එය සුරක්ෂිත ව පිළිපදිනු. සලාත් අතර ඇති මධ්යකාල සලාතය ද සුරක්ෂිත ව පිළිපදිනු. එනම් එය අසර් සලාතයයි. නුඹලාගේ සලාත්හි නුඹලා අල්ලාහ්ට අවනත ව හා බැතිමත් ව ඔහු වෙනුවෙන් සලාතය ඉටු කරනු. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الحث على المحافظة على الصلاة وأدائها تامة الأركان والشروط، فإن شق عليه صلَّى على ما تيسر له من الحال.
•සලාතය, එහි ඇති මූලිකාංග හා කොන්දේසි නිසි ලෙස පිළිපදිමින් සුරක්ෂිත ව ඉටු කිරීමට දිරි ගන්වයි. එසේ සලාතය ඉටු කිරීමට යම් අසීරුතාවක් ඔහුට ඇති වූ විටෙක ඔහුට පහසු අයුරින් පහසු ඉරියව්වක සලාතයට ඉටු කළ හැක. info

• رحمة الله تعالى بعباده ظاهرة، فقد بين لهم آياته أتم بيان للإفادة منها.
•අල්ලාහ් තම ගැත්තන්හට පෙන්වා ඇති දයාව හා කරුණාව විද්යාමානව පවතී. එයින් ප්රයෝජන ලබනු පිණිස ඔහුගේ එම සාධක පිළිබඳ ඔහු ඔවුනට පූර්ණ ලෙස පැහැදිලි කරයි. info

• أن الله تعالى قد يبتلي بعض عباده فيضيِّق عليهم الرزق، ويبتلي آخرين بسعة الرزق، وله في ذلك الحكمة البالغة.
•නියත වශයෙන්ම අල්ලාහ් ඇතැම් ගැත්තන්හට පෝෂණ සම්පත් සීමා කරමින් පරීක්ෂණයට ලක් කරයි. තවත් ඇතැමුන්ට පෝෂණ සම්පත් අධික ව ලබා දී පරීක්ෂණයට ලක් කරයි. එහි ගැඹුරු යථාර්ථය ඇත්තේ ඔහු සතු ව පමණය. info