Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
152 : 2

فَاذْكُرُوْنِیْۤ اَذْكُرْكُمْ وَاشْكُرُوْا لِیْ وَلَا تَكْفُرُوْنِ ۟۠

එහෙයින් නුඹලා ගතින් හා හදවතින් මා මෙනෙහි කරනු. නුඹලා ගැන ප්රශංසා කරමින් නුඹලාට ආරක්ෂාව සලසමින් මම නුඹලා මෙනෙහි කරමි. ප්රතිඵල ක්රියාවට අනුව සිදු ටේ. නුඹලා වෙත මා කවර ආශිර්වාදයක් පිරිනමා ඇත්තේද එම ආශිර්වාදය වෙනුවෙන් මට කෘතගුණ සලකනු. එය පිටුදකිමින් එහි නුඹලා වෙත තහනම් කරනු ලැබූ දෑ පරිහරණය කරමින් මා ප්රතික්ෂේප නොකරනු. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• إطالة الحديث في شأن تحويل القبلة؛ لما فيه من الدلالة على نبوة محمد صلى الله عليه وسلم.
•කිබ්ලා දිශාව වෙනස් කිරීම සම්බන්ධයෙන් දිගුවට ප්රකාශ කර තිබීම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය පෙන්වා දෙන සාධකයකි. info

• ترك الجدال والاشتغالُ بالطاعات والمسارعة إلى الله أنفع للمؤمن عند ربه يوم القيامة.
•නොමනා තර්ක අතහැර දමා අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහු වෙත නැඹුරු වීමෙහි තමන් නිරත කරවීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපති අබියස දෙවියන් විශ්වාස කරන්නාහට වඩාත් ඵලදායී වනු ඇත. info

• أن الأعمال الصالحة الموصلة إلى الله متنوعة ومتعددة، وينبغي للمؤمن أن يسابق إلى فعلها؛ طلبًا للأجر من الله تعالى.
•අල්ලාහ් වෙත සේන්දු කරවන දැහැමි ක්රියාවන් විවිධාකාරය. ඔහු වෙතට නැඹුරු කරවන තත්ත්වයෙන් වඩාත් ගැලපෙන ක්රියාවලියක් මුඃමින්වරයකු තෝරා ගැනීම අවශ්ය වන්නේය. info

• عظم شأن ذكر الله -جلّ وعلا- حيث يكون ثوابه ذكر العبد في الملأ الأعلى.
•ගැත්තෙක් අල්ලාහ් ව මෙනෙහි කිරීමේ වැදගත්කම. එසේ සිහිපත් කරන එම ගැත්තා උසස් පිරිස අතර අල්ලාහ් මෙනෙහි කරනු ඇත. info