Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
46 : 18

اَلْمَالُ وَالْبَنُوْنَ زِیْنَةُ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَالْبٰقِیٰتُ الصّٰلِحٰتُ خَیْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَّخَیْرٌ اَمَلًا ۟

මෙලොව ජීවිතයේ අලංකරණය කර පෙන්වන ලද ධනය හා දරුවන් වනාහි, එම ධනය අල්ලාහ් තෘප්තියට පත්වන දෑහි වියදම් කරනු ලැබීමෙන් මිස මතුලොවෙහි එයට කිසිදු ප්රයෝජනයක් නැත. අල්ලාහ් අබියස තෘප්තියට ලක්වන ක්රියාවන් හා ප්රකාශයන් මෙලොවෙහි ඇති අලංකරණයන්ට වඩා කුසලින් උතුම්ය. මිනිසා බලාපොරොත්තු වන දෑට වඩා ශ්රේෂ්ඨය. සැබැවින්ම මෙලොව ජීවිතයේ අලංකරණයන් විනාශ වී යන්නකි. නමුත් අල්ලාහ් අබියස තෘප්තියට ලක්වන ප්රකාශ හා ක්රියාවන් සදා පවතින්නකි. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• على العبد الإكثار من الباقيات الصالحات، وهي كل عمل صالح من قول أو فعل يبقى للآخرة.
•සදා පවතින දැහැමි ක්රියාවන් අධික ව ඉටු කිරීම ගැත්තාගේ වගකීමය. ඒවා මතුලොව සඳහා ඉතිරි ව පවතින සෑම දැහැමි ක්රියාවක්ම හා ප්රකාශයක්ම වේ. info

• على العبد تذكر أهوال القيامة، والعمل لهذا اليوم حتى ينجو من أهواله، وينعم بجنة الله ورضوانه.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මෙනෙහි කිරීම ගැත්තාගේ වගකීමය. එහි පවතින අර්බුදවලින් මිදී අල්ලාහ්ගේ ස්වර්ගය හා තෘප්තිය ඔහු ආශිර්වාද කරන තෙක් එම දිනය වෙනුවෙන් වෙහෙසව කටයුතු කිරීම ද ඔහුගේ වගකීමය. info

• كَرَّم الله تعالى أبانا آدم عليه السلام والجنس البشري بأجمعه بأمره الملائكة أن تسجد له في بدء الخليقة سجود تحية وتكريم.
•අපගේ පියාණන් වූ (ආදම් අලයිහිස් සලාම්) තුමා හා මිනිස් වර්ගයා අල්ලාහ් උසස් කළේය. එය මිනිසාගේ මැවීම ආරම්භයේදීම ආචාර කිරීමක් හා ගරු කිරීමක් වශයෙන් සිරස නමන ලෙස තම මලක්වරුන් සියල්ලන් හට නියෝග කිරීමෙනි. info

• في الآيات الحث على اتخاذ الشيطان عدوًّا.
•ෂෙයිතාන්ව සතුරෙකු ලෙස ගන්නා මෙන් මෙම පාඨවල දිරි ගන්වා ඇත. info