Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad

අල් ඝාෂියා

external-link copy
1 : 88

هَلْ اَتٰىكَ حَدِیْثُ الْغَاشِیَةِ ۟ؕ

(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද? info
التفاسير:

external-link copy
2 : 88

وُجُوْهٌ یَّوْمَىِٕذٍ خَاشِعَةٌ ۟ۙ

එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත්ව අවමානයෙන් පවතී. info
التفاسير:

external-link copy
3 : 88

عَامِلَةٌ نَّاصِبَةٌ ۟ۙ

වෙහෙසව හා විඩාවට පත්ව පවතී. info
التفاسير:

external-link copy
4 : 88

تَصْلٰی نَارًا حَامِیَةً ۟ۙ

ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත. info
التفاسير:

external-link copy
5 : 88

تُسْقٰی مِنْ عَیْنٍ اٰنِیَةٍ ۟ؕ

(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත. info
التفاسير:

external-link copy
6 : 88

لَیْسَ لَهُمْ طَعَامٌ اِلَّا مِنْ ضَرِیْعٍ ۟ۙ

ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නැත. info
التفاسير:

external-link copy
7 : 88

لَّا یُسْمِنُ وَلَا یُغْنِیْ مِنْ جُوْعٍ ۟ؕ

එය (ඔවුන් ව) පුෂ්ටිමත් නො කරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නො වෙයි. info
التفاسير:

external-link copy
8 : 88

وُجُوْهٌ یَّوْمَىِٕذٍ نَّاعِمَةٌ ۟ۙ

(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී. info
التفاسير:

external-link copy
9 : 88

لِّسَعْیِهَا رَاضِیَةٌ ۟ۙ

ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳව තෘප්තියට පත් ව, info
التفاسير:

external-link copy
10 : 88

فِیْ جَنَّةٍ عَالِیَةٍ ۟ۙ

උසස් ස්වර්ග උයන්හි (පවතී.) info
التفاسير:

external-link copy
11 : 88

لَّا تَسْمَعُ فِیْهَا لَاغِیَةً ۟ؕ

එහි පුහු වදන් ශ්‍රවණය නො කරයි. info
التفاسير:

external-link copy
12 : 88

فِیْهَا عَیْنٌ جَارِیَةٌ ۟ۘ

එහි ගලා යන උල්පත් ඇත. info
التفاسير:

external-link copy
13 : 88

فِیْهَا سُرُرٌ مَّرْفُوْعَةٌ ۟ۙ

එහි උස් නිදියහන් ද ඇත. info
التفاسير:

external-link copy
14 : 88

وَّاَكْوَابٌ مَّوْضُوْعَةٌ ۟ۙ

(බීමට) තබන ලද ගුරුලේත්තු ද, info
التفاسير:

external-link copy
15 : 88

وَّنَمَارِقُ مَصْفُوْفَةٌ ۟ۙ

වියන ලද කොට්ට ද, info
التفاسير:

external-link copy
16 : 88

وَّزَرَابِیُّ مَبْثُوْثَةٌ ۟ؕ

දිග හරින ලද බුමුතුරුණු ද ඇත. info
التفاسير:

external-link copy
17 : 88

اَفَلَا یَنْظُرُوْنَ اِلَی الْاِبِلِ كَیْفَ خُلِقَتْ ۟ۥ

ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැ? යි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද? info
التفاسير:

external-link copy
18 : 88

وَاِلَی السَّمَآءِ كَیْفَ رُفِعَتْ ۟ۥ

අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැ? යි ද; info
التفاسير:

external-link copy
19 : 88

وَاِلَی الْجِبَالِ كَیْفَ نُصِبَتْ ۟ۥ

කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැ? යි ද; info
التفاسير:

external-link copy
20 : 88

وَاِلَی الْاَرْضِ كَیْفَ سُطِحَتْ ۟

මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැ? යි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?) info
التفاسير:

external-link copy
21 : 88

فَذَكِّرْ ۫— اِنَّمَاۤ اَنْتَ مُذَكِّرٌ ۟ؕ

එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන් ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි. info
التفاسير:

external-link copy
22 : 88

لَسْتَ عَلَیْهِمْ بِمُصَۜیْطِرٍ ۟ۙ

නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නො වන්නෙහි ය. info
التفاسير:

external-link copy
23 : 88

اِلَّا مَنْ تَوَلّٰی وَكَفَرَ ۟ۙ

කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස. info
التفاسير:

external-link copy
24 : 88

فَیُعَذِّبُهُ اللّٰهُ الْعَذَابَ الْاَكْبَرَ ۟ؕ

සැබැවින් ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේ ය. info
التفاسير:

external-link copy
25 : 88

اِنَّ اِلَیْنَاۤ اِیَابَهُمْ ۟ۙ

සැබැවින් ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය. info
التفاسير:

external-link copy
26 : 88

ثُمَّ اِنَّ عَلَیْنَا حِسَابَهُمْ ۟۠

පසුව සැබැවින් ම ඔවුන් (කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය. info
التفاسير: