Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad

අල් මුද්දස්සිර්

external-link copy
1 : 74

یٰۤاَیُّهَا الْمُدَّثِّرُ ۟ۙ

අහෝ පොරවා ගෙන සිටින්නාණනි! info
التفاسير:

external-link copy
2 : 74

قُمْ فَاَنْذِرْ ۟ۙ

නුඹ නැගී සිට, අවවාද කරනු. info
التفاسير:

external-link copy
3 : 74

وَرَبَّكَ فَكَبِّرْ ۟ۙ

තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු. info
التفاسير:

external-link copy
4 : 74

وَثِیَابَكَ فَطَهِّرْ ۟ۙ

තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු. info
التفاسير:

external-link copy
5 : 74

وَالرُّجْزَ فَاهْجُرْ ۟ۙ

තවද කිලිට්ටෙන් වළකිනු. info
التفاسير:

external-link copy
6 : 74

وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ ۟ۙ

නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නො කරනු. info
التفاسير:

external-link copy
7 : 74

وَلِرَبِّكَ فَاصْبِرْ ۟ؕ

තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු. info
التفاسير:

external-link copy
8 : 74

فَاِذَا نُقِرَ فِی النَّاقُوْرِ ۟ۙ

හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට; info
التفاسير:

external-link copy
9 : 74

فَذٰلِكَ یَوْمَىِٕذٍ یَّوْمٌ عَسِیْرٌ ۟ۙ

එය දුෂ්කර දිනයක් වනු ඇත. info
التفاسير:

external-link copy
10 : 74

عَلَی الْكٰفِرِیْنَ غَیْرُ یَسِیْرٍ ۟

දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට එදින පහසු නො වනු ඇත. info
التفاسير:

external-link copy
11 : 74

ذَرْنِیْ وَمَنْ خَلَقْتُ وَحِیْدًا ۟ۙ

මා හා මා මැවූ අය නුඹ තනිව අත හැර දමනු. info
التفاسير:

external-link copy
12 : 74

وَّجَعَلْتُ لَهٗ مَالًا مَّمْدُوْدًا ۟ۙ

තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි. info
التفاسير:

external-link copy
13 : 74

وَّبَنِیْنَ شُهُوْدًا ۟ۙ

ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.) info
التفاسير:

external-link copy
14 : 74

وَّمَهَّدْتُّ لَهٗ تَمْهِیْدًا ۟ۙ

තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි. info
التفاسير:

external-link copy
15 : 74

ثُمَّ یَطْمَعُ اَنْ اَزِیْدَ ۟ۙ

පසුව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේ ය. info
التفاسير:

external-link copy
16 : 74

كَلَّا ؕ— اِنَّهٗ كَانَ لِاٰیٰتِنَا عَنِیْدًا ۟ؕ

එසේ නො ව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන්වලට විරුද්ධ විය. info
التفاسير:

external-link copy
17 : 74

سَاُرْهِقُهٗ صَعُوْدًا ۟ؕ

ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි. info
التفاسير:

external-link copy
18 : 74

اِنَّهٗ فَكَّرَ وَقَدَّرَ ۟ۙ

නියත වශයෙන් ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේ ය. info
التفاسير:

external-link copy
19 : 74

فَقُتِلَ كَیْفَ قَدَّرَ ۟ۙ

ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද? info
التفاسير:

external-link copy
20 : 74

ثُمَّ قُتِلَ كَیْفَ قَدَّرَ ۟ۙ

පසුව ද ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද? info
التفاسير:

external-link copy
21 : 74

ثُمَّ نَظَرَ ۟ۙ

පසුව ඔහු අධීක්ෂණය කර බැලී ය. info
التفاسير:

external-link copy
22 : 74

ثُمَّ عَبَسَ وَبَسَرَ ۟ۙ

පසුව ඔහු රවා කිපුණේ ය. info
التفاسير:

external-link copy
23 : 74

ثُمَّ اَدْبَرَ وَاسْتَكْبَرَ ۟ۙ

පසුව ඔහු පිටු පා උඩඟු විය. info
التفاسير:

external-link copy
24 : 74

فَقَالَ اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ یُّؤْثَرُ ۟ۙ

එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
25 : 74

اِنْ هٰذَاۤ اِلَّا قَوْلُ الْبَشَرِ ۟ؕ

මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේ ය.) info
التفاسير:

external-link copy
26 : 74

سَاُصْلِیْهِ سَقَرَ ۟

මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි. info
التفاسير:

external-link copy
27 : 74

وَمَاۤ اَدْرٰىكَ مَا سَقَرُ ۟ؕ

සකර් යනු කුමක්දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? info
التفاسير:

external-link copy
28 : 74

لَا تُبْقِیْ وَلَا تَذَرُ ۟ۚ

එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නො දමයි. info
التفاسير:

external-link copy
29 : 74

لَوَّاحَةٌ لِّلْبَشَرِ ۟ۚ

සම දැඩි ලෙස දවාලන්නකි. info
التفاسير:

external-link copy
30 : 74

عَلَیْهَا تِسْعَةَ عَشَرَ ۟ؕ

ඒ මත දහනව දෙනෙකි. info
التفاسير:

external-link copy
31 : 74

وَمَا جَعَلْنَاۤ اَصْحٰبَ النَّارِ اِلَّا مَلٰٓىِٕكَةً ۪— وَّمَا جَعَلْنَا عِدَّتَهُمْ اِلَّا فِتْنَةً لِّلَّذِیْنَ كَفَرُوْا ۙ— لِیَسْتَیْقِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَیَزْدَادَ الَّذِیْنَ اٰمَنُوْۤا اِیْمَانًا وَّلَا یَرْتَابَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَالْمُؤْمِنُوْنَ ۙ— وَلِیَقُوْلَ الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ وَّالْكٰفِرُوْنَ مَاذَاۤ اَرَادَ اللّٰهُ بِهٰذَا مَثَلًا ؕ— كَذٰلِكَ یُضِلُّ اللّٰهُ مَنْ یَّشَآءُ وَیَهْدِیْ مَنْ یَّشَآءُ ؕ— وَمَا یَعْلَمُ جُنُوْدَ رَبِّكَ اِلَّا هُوَ ؕ— وَمَا هِیَ اِلَّا ذِكْرٰی لِلْبَشَرِ ۟۠

නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නො කළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නො කළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත් ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නො කරනු පිණිසත් ය. එමෙන් ම "මෙමඟින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක් දැ?"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත් ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නො දනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත. info
التفاسير:

external-link copy
32 : 74

كَلَّا وَالْقَمَرِ ۟ۙ

එසේ නොව, සඳු මත දිවුරමින්. info
التفاسير:

external-link copy
33 : 74

وَالَّیْلِ اِذْ اَدْبَرَ ۟ۙ

රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්. info
التفاسير:

external-link copy
34 : 74

وَالصُّبْحِ اِذَاۤ اَسْفَرَ ۟ۙ

අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්. info
التفاسير:

external-link copy
35 : 74

اِنَّهَا لَاِحْدَی الْكُبَرِ ۟ۙ

නියත වශයෙන් ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි. info
التفاسير:

external-link copy
36 : 74

نَذِیْرًا لِّلْبَشَرِ ۟ۙ

මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි. info
التفاسير:

external-link copy
37 : 74

لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ یَّتَقَدَّمَ اَوْ یَتَاَخَّرَ ۟ؕ

එය නුඹලා අතරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි. info
التفاسير:

external-link copy
38 : 74

كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِیْنَةٌ ۟ۙ

සෑම ආත්මයක් ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේ ය. info
التفاسير:

external-link copy
39 : 74

اِلَّاۤ اَصْحٰبَ الْیَمِیْنِ ۟ؕۛ

එහෙත් දකුණුපස ජනයා හැර. info
التفاسير:

external-link copy
40 : 74

فِیْ جَنّٰتٍ ۛ۫— یَتَسَآءَلُوْنَ ۟ۙ

ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති. info
التفاسير:

external-link copy
41 : 74

عَنِ الْمُجْرِمِیْنَ ۟ۙ

වැරදි කරුවන්ගෙන්; info
التفاسير:

external-link copy
42 : 74

مَا سَلَكَكُمْ فِیْ سَقَرَ ۟

"නුඹලාව සකර් තුළට ගෙන ආවේ කුමක් ද?" info
التفاسير:

external-link copy
43 : 74

قَالُوْا لَمْ نَكُ مِنَ الْمُصَلِّیْنَ ۟ۙ

"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නො වූයෙමු" යැයි ඔවුහු පැවසූහ. info
التفاسير:

external-link copy
44 : 74

وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِیْنَ ۟ۙ

තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නො සිටියෙමු. info
التفاسير:

external-link copy
45 : 74

وَكُنَّا نَخُوْضُ مَعَ الْخَآىِٕضِیْنَ ۟ۙ

"(නිෂ්ඵල කටයුතුවල) ගිලී සිටින්නන් සමඟ අප ද ගිලී සිටියෙමු". info
التفاسير:

external-link copy
46 : 74

وَكُنَّا نُكَذِّبُ بِیَوْمِ الدِّیْنِ ۟ۙ

තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු. info
التفاسير:

external-link copy
47 : 74

حَتّٰۤی اَتٰىنَا الْیَقِیْنُ ۟ؕ

ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්. info
التفاسير:

external-link copy
48 : 74

فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشّٰفِعِیْنَ ۟ؕ

එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නො වන්නේ ය. info
التفاسير:

external-link copy
49 : 74

فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِیْنَ ۟ۙ

එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන් ය. info
التفاسير:

external-link copy
50 : 74

كَاَنَّهُمْ حُمُرٌ مُّسْتَنْفِرَةٌ ۟ۙ

ඔවුන් තැති ගත් බූරුවන් මෙනි. info
التفاسير:

external-link copy
51 : 74

فَرَّتْ مِنْ قَسْوَرَةٍ ۟ؕ

සිංහ ගොදුරින් පලා යන. info
التفاسير:

external-link copy
52 : 74

بَلْ یُرِیْدُ كُلُّ امْرِئٍ مِّنْهُمْ اَنْ یُّؤْتٰی صُحُفًا مُّنَشَّرَةً ۟ۙ

එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත. info
التفاسير:

external-link copy
53 : 74

كَلَّا ؕ— بَلْ لَّا یَخَافُوْنَ الْاٰخِرَةَ ۟ؕ

එසේ නොව ඔවුහු මතු ලොව පිළිබඳ බිය නො වෙති. info
التفاسير:

external-link copy
54 : 74

كَلَّاۤ اِنَّهٗ تَذْكِرَةٌ ۟ۚ

එසේ නොව නියත වශයෙන් ම එය උපදෙසකි. info
التفاسير:

external-link copy
55 : 74

فَمَنْ شَآءَ ذَكَرَهٗ ۟ؕ

එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා! info
التفاسير:

external-link copy
56 : 74

وَمَا یَذْكُرُوْنَ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؕ— هُوَ اَهْلُ التَّقْوٰی وَاَهْلُ الْمَغْفِرَةِ ۟۠

අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නො ලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සා ය. එමෙන් ම සමාව දායාද කරන්නට ද සුදුස්සා ය. info
التفاسير: