Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi.

අල් මුර්සලාත්

Surənin məqsədlərindən:
الوعيد للمكذبين بالويل يوم القيامة.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බොරු කරන්නන්හට විනාශය ඇති බවට කෙරෙන තර්ජනය. info

external-link copy
1 : 77

وَالْمُرْسَلٰتِ عُرْفًا ۟ۙ

පිරිස මධ්යයෙන් කඩා පනින අශ්ව රැළක් මෙන් අඛණ්ඩ ව හමන සුළං මත අල්ලාහ් දිවුරයි. info
التفاسير:

external-link copy
2 : 77

فَالْعٰصِفٰتِ عَصْفًا ۟ۙ

දැඩි ලෙස තදින් හමන සුළං මත ද දිවුරයි. info
التفاسير:

external-link copy
3 : 77

وَّالنّٰشِرٰتِ نَشْرًا ۟ۙ

වර්ෂාව විසුරුවා හරින සුළං මත ද දිවුරයි. info
التفاسير:

external-link copy
4 : 77

فَالْفٰرِقٰتِ فَرْقًا ۟ۙ

සත්යය හා අසත්යය අතර වෙන් කරන දෑ සමග පහළ වන මලක්වරුන් මත ද දිවුරයි. info
التفاسير:

external-link copy
5 : 77

فَالْمُلْقِیٰتِ ذِكْرًا ۟ۙ

වහී හෙවත් දේව පණිවිඩ සමග පහළ වන මලක්වරුන් මත ද දිවුරයි. info
التفاسير:

external-link copy
6 : 77

عُذْرًا اَوْ نُذْرًا ۟ۙ

අල්ලාහ්ගෙන් මිනිසුන් වෙත සමාවක් වශයෙන් හා අල්ලාහ්ගේ දඬුවම ගැන මිනිසුනට අවවාද කිරීමක් වශයෙන් දේව පණිවිඩ සමග ඔවුන් පහළ වෙයි. info
التفاسير:

external-link copy
7 : 77

اِنَّمَا تُوْعَدُوْنَ لَوَاقِعٌ ۟ؕ

නැවත නැගිටුවනු ලැබීම, විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම යනාදී වශයෙන් කවර කරුණක් ප්රතිඥා දෙනු ලැබුවේ ද කිසිදු සැකයකින් තොර ව ඒවා සිදුවන්නේමය. info
التفاسير:

external-link copy
8 : 77

فَاِذَا النُّجُوْمُ طُمِسَتْ ۟ۙ

තරු, ඒවායෙහි ආලෝකය මකා දමනු ලැබ, ඒවායෙහි ආලෝකය පහ කරනු ලබන විට, info
التفاسير:

external-link copy
9 : 77

وَاِذَا السَّمَآءُ فُرِجَتْ ۟ۙ

අහසින් මලක්වරුන් පහළට බැස ඒම සඳහා අහස පැළී ගිය විට, info
التفاسير:

external-link copy
10 : 77

وَاِذَا الْجِبَالُ نُسِفَتْ ۟ۙ

කඳු ඒවා පිහිටි තැන්වලින් උගුලනු ලැබ, දූවිලි බවට පත් වන තෙක් සුණුවිසුණු කරනු ලබන විට, info
التفاسير:

external-link copy
11 : 77

وَاِذَا الرُّسُلُ اُقِّتَتْ ۟ؕ

නියමිත වේලාවක ධර්ම දූතවරුන් එක්රැස් කරනු ලබන විට, info
التفاسير:

external-link copy
12 : 77

لِاَیِّ یَوْمٍ اُجِّلَتْ ۟ؕ

තම සමූහයාට සාක්ෂි දරණු පිණිස කල් දමන ලද මහත් දිනයක. info
التفاسير:

external-link copy
13 : 77

لِیَوْمِ الْفَصْلِ ۟ۚ

ගැත්තන් අතර වෙන් කරන දිනයක් සඳහාය. එවිට සත්යවාදියාගෙන් අසත්යවාදියාද භාග්යවන්තයාගෙන් අභාග්යවන්තයා ද පැහැදිලිව වෙන් කරනු ඇත. info
التفاسير:

external-link copy
14 : 77

وَمَاۤ اَدْرٰىكَ مَا یَوْمُ الْفَصْلِ ۟ؕ

අහෝ දූතය! වෙන් කර විනිශ්චය ලබා දෙන දිනය කුමක්දැයි නුඹට දැනුම්වත් කළේ කුමක් ද? info
التفاسير:

external-link copy
15 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

දහම් දූතවරුන් කවර කරුණක් අල්ලාහ් වෙතින් ගෙන ආවේ ද එය බොරු කළ බොරුකාරයින්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි. info
التفاسير:

external-link copy
16 : 77

اَلَمْ نُهْلِكِ الْاَوَّلِیْنَ ۟ؕ

අල්ලාහ්ව ප්රතික්ෂේප කළ, තම දහම් දූතවරුන් බොරු කළ පෙර විසූ සමූහයන් අපි විනාශ නොකළෙමු ද? info
التفاسير:

external-link copy
17 : 77

ثُمَّ نُتْبِعُهُمُ الْاٰخِرِیْنَ ۟

පසුව ඔවුනට පසු පැමිණි අය අතර සිටි බොරුකාරයින් ද ලුහු බැන්දෙමු. අපි ඔවුන් විනාශ කළාක් මෙන්ම මොවුන්ව ද විනාශ කළෙමු. info
التفاسير:

external-link copy
18 : 77

كَذٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِیْنَ ۟

එම සමූහයන් විනාශ කළාක් මෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කළ අපරාධකරුවන්ව ද අපි විනාශ කරන්නෙමු. info
التفاسير:

external-link copy
19 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

වැරදිකළවුනට දඬුවම ඇතැයි අල්ලාහ් දුන් ප්රතිඥාව බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි. info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• خطر التعلق بالدنيا ونسيان الآخرة.
•මෙලොවට බැඳී මතුලොව අමතක කිරීමේ වරද. info

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය. info

• إهلاك الأمم المكذبة سُنَّة إلهية.
•බොරුකාර සමූහයින් විනාශ කිරීම දේව පිළිවෙතයි. info

external-link copy
20 : 77

اَلَمْ نَخْلُقْكُّمْ مِّنْ مَّآءٍ مَّهِیْنٍ ۟ۙ

අහෝ ජනයිනි! අපි නුඹලා අල්ප හා ඉතා පහත් ද්රාවණයකින් නොමැව්වෙමු ද? එය ශුක්රාණුවයි. info
التفاسير:

external-link copy
21 : 77

فَجَعَلْنٰهُ فِیْ قَرَارٍ مَّكِیْنٍ ۟ۙ

එම ද්රාවණය ඉතා සුරක්ෂිත ස්ථානයක අපි තැන්පත් කළෙමු. එය කාන්තාවගේ ගර්භාෂයයි. info
التفاسير:

external-link copy
22 : 77

اِلٰی قَدَرٍ مَّعْلُوْمٍ ۟ۙ

නියමිත කාලයක් දක්වා. එය ගැබිණි කාලයයි. info
التفاسير:

external-link copy
23 : 77

فَقَدَرْنَا ۖۗ— فَنِعْمَ الْقٰدِرُوْنَ ۟

දරුවාගේ ස්වරූපය, ඔහුගේ ප්රමාණය, ඔහුගේ වර්ණය වැනි ඔහුගේ මැවීම හා බැඳුණු වෙනත් දෑ ද අපි නිර්ණය කළෙමු. ඔහුගේ ඒ සියලු තත්ත්වයන් නිර්ණය කරන්නන් වන අප යහපත් වෙමු. info
التفاسير:

external-link copy
24 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

අල්ලාහ්ගේ බල මහිමය බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි. info
التفاسير:

external-link copy
25 : 77

اَلَمْ نَجْعَلِ الْاَرْضَ كِفَاتًا ۟ۙ

සියලු මිනිසුන් ඇතුළත් කර ගන්නා අයුරින් අපි මහපොළව නිර්මාණය නොකළෙමු ද? info
التفاسير:

external-link copy
26 : 77

اَحْیَآءً وَّاَمْوَاتًا ۟ۙ

ඒ මත වෙසෙන, ඔවුන් අතර ජීවත් වන අය හා ඒ තුළ වළ දමනු ලැබූ, ඔවුන් අතර මිය ගිය අය යන සියල්ල එය ඇතුළත් කර ගෙන ඇත. info
التفاسير:

external-link copy
27 : 77

وَّجَعَلْنَا فِیْهَا رَوَاسِیَ شٰمِخٰتٍ وَّاَسْقَیْنٰكُمْ مَّآءً فُرَاتًا ۟ؕ

මහපොළොවේ ඇති වන කම්පනයන් වළක්වා ගැනීම සඳහා ඒ තුළ උස් කඳු අපි සවි කර ඇත්තෙමු. අහෝ ජනයිනි! මිරිදිය ජලය අපි ඔබට ලබා දුන්නෙමු. එබැවින් එසේ එය මැවූ කෙනෙකුට ඔබ නැවත නැගිටුවීම කළ නොහැක්කක් නොවේ. info
التفاسير:

external-link copy
28 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

ඔවුනට පිරිනැමූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි. info
التفاسير:

external-link copy
29 : 77

اِنْطَلِقُوْۤا اِلٰی مَا كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۟ۚ

තම දහම් දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද, ඒවා බොරු කළවුනට "අහෝ බොරුකාරයිනි! දඬුවම පිළිබඳ නුඹලා කවර කරුණක් බොරු කරමින් සිටියේ ද ඒ වෙත ගමන් කරනු" යැයි කියනු ලැබේ. info
التفاسير:

external-link copy
30 : 77

اِنْطَلِقُوْۤا اِلٰی ظِلٍّ ذِیْ ثَلٰثِ شُعَبٍ ۟ۙ

කොටස් තුනකට වෙන් කරන ලද නිරා ගින්නේ දුමාරයෙන් යුත් හෙවණට ගමන් කරනු. info
التفاسير:

external-link copy
31 : 77

لَّا ظَلِیْلٍ وَّلَا یُغْنِیْ مِنَ اللَّهَبِ ۟ؕ

එහි සිසිල් සෙවණක් නැත. නුඹලා වෙත ක්රියාත්මක වන ගිනි දැල්ලෙන් හා එහි උෂ්ණත්වයෙන් එය වළක්වන්නක් ද නොවේ. info
التفاسير:

external-link copy
32 : 77

اِنَّهَا تَرْمِیْ بِشَرَرٍ كَالْقَصْرِ ۟ۚ

ගිනි පුපුරු පුපුරා යයි, සෑම ගිනි පුපුරක්ම එහි ප්රමාණයෙන් මාලිගාවක් මෙන් පවතී. info
التفاسير:

external-link copy
33 : 77

كَاَنَّهٗ جِمٰلَتٌ صُفْرٌ ۟ؕ

පුපරා යන ගිනිදැල් එහි කළු වර්ණයෙන් හා දැවැන්ත භාවයෙන් යුක්ත කළු ඔටුවන් මෙන් ය. info
التفاسير:

external-link copy
34 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

එදින අල්ලාහ්ගේ දඬුවම බොරුකළවුනට විනාශයකි; වේදනාවකි. එමෙන්ම අලාභයකි. info
التفاسير:

external-link copy
35 : 77

هٰذَا یَوْمُ لَا یَنْطِقُوْنَ ۟ۙ

එය එහි කිසිවක් ඔවුන් කතා නොකරන දිනයකි. info
التفاسير:

external-link copy
36 : 77

وَلَا یُؤْذَنُ لَهُمْ فَیَعْتَذِرُوْنَ ۟

ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ නපුරුකම් හේතුවෙන් ඔවුන්ගේ පරමාධිපති වෙත නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ. info
التفاسير:

external-link copy
37 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

එම දිනයේ තොරතුරු බොරු කළවුනට එදින විනාශයකි, වේදනාවකි, එමෙන්ම අලාභයකි. info
التفاسير:

external-link copy
38 : 77

هٰذَا یَوْمُ الْفَصْلِ ۚ— جَمَعْنٰكُمْ وَالْاَوَّلِیْنَ ۟

මෙය මැවීම් අතර වෙන් කරන විනිශ්චය දිනයයි. නුඹලා හා පෙර විසූ සමූහයන් එකම උස් තැනිතලාවක අපි එක්රැස් කර ඇත්තෙමු. info
التفاسير:

external-link copy
39 : 77

فَاِنْ كَانَ لَكُمْ كَیْدٌ فَكِیْدُوْنِ ۟

අල්ලාහ්ගේ දඬුවමින් ජය ලැබීම සඳහා නුඹලා සැළසුම් කරන යම් උපක්රමයක් නුඹලාට තිබේ නම් එය මට එරෙහිව දියත් කරනු. info
التفاسير:

external-link copy
40 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟۠

වෙන්කරන විනිශ්චය දිනය බොරුකළවුනට එදින විනාශයකි, වේදනාවකි, එමෙන්ම අලාභයකි. info
التفاسير:

external-link copy
41 : 77

اِنَّ الْمُتَّقِیْنَ فِیْ ظِلٰلٍ وَّعُیُوْنٍ ۟ۙ

තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුතු කරන්නන් වනාහි, ඔවුහු සරුසාර ස්වර්ග වෘක්ෂලතාවන්හි සෙවණෙහි හා ගලා යන මිහිරි ජල උල්පත් අතරෙහි සිටිති. info
التفاسير:

external-link copy
42 : 77

وَّفَوَاكِهَ مِمَّا یَشْتَهُوْنَ ۟ؕ

තමන්ට අනුභව කරන්නට කැමැති පළතුරු අතර වෙති. info
التفاسير:

external-link copy
43 : 77

كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

නුඹලා මෙලොවෙහි සිදු කරමින් සිටි දැහැමි ක්රියාවන් හේතුවෙන්, නුඹලා යහපත් දෑ අනුභව කරනු. මිහිරි පැන් පානය කරනු. එහි කිසිදු අපහසුතාවක් නැත. info
التفاسير:

external-link copy
44 : 77

اِنَّا كَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟

සැබැවින්ම අපි නුඹලාට කවර ප්රතිඵලයක් පිරිනැමුවෙමු ද ඒ අයුරින්ම දැහැමියන් සිදු කරන දැහැමි ක්රියාවන් සඳහා ද ප්රතිඵල පිරිනමන්නෙමු. info
التفاسير:

external-link copy
45 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

දෙවියන් පිළිබඳ මතකයෙන් භක්තිමත්ව කටයුතු කළ අය සඳහා අල්ලාහ් සූදානම් කර ඇති දෑ බොරු යැයි පවසන්නන්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි. info
التفاسير:

external-link copy
46 : 77

كُلُوْا وَتَمَتَّعُوْا قَلِیْلًا اِنَّكُمْ مُّجْرِمُوْنَ ۟

නුඹලා අනුභව කරනු. ටික කලක් මෙලොව ජීවිතයේ රස විඳිනු. නියත වශයෙන්ම නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් බොරු කළ හේතුවෙන් නුඹලා අපරාධකරුවන් බවට පත් වන්නෙහුය. info
التفاسير:

external-link copy
47 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

විනිශ්චය දිනයේ ඔවුනට පිරිනමන ලද ප්රතිඵල බොරු යැයි පවසන්නන්හට එදින විනාශයකි; වේදනාවකි; එමෙන්ම අලාභයකි. info
التفاسير:

external-link copy
48 : 77

وَاِذَا قِیْلَ لَهُمُ ارْكَعُوْا لَا یَرْكَعُوْنَ ۟

එම බොරුකාරයින්හට "නුඹලා අල්ලාහ් වෙනුවෙන් නැමදුම් ඉටු කරනු" යැයි පවසනු ලැබූ විට, ඔහු වෙනුවෙන් ඔවුහු නැමදුම් ඉටු නොකරති. info
التفاسير:

external-link copy
49 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

දහම් දූතවරුන් කවර කරුණක් අල්ලාහ් වෙතින් ගෙන ආවේ ද එය බොරු කළ බොරුකාරයින්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි. info
التفاسير:

external-link copy
50 : 77

فَبِاَیِّ حَدِیْثٍ بَعْدَهٗ یُؤْمِنُوْنَ ۟۠

එසේ තම පරමාධිපති විසින් පහළ කරනු ලැබූ මෙම අල්කුර්ආනය ඔවුන් විශ්වාස නොකළේ නම් ඒ හැර කවර ප්රකාශයන් ඔවුන් විශ්වාස කරයිද? info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• رعاية الله للإنسان في بطن أمه.
•මව් කුසෙහි මිනිසාව අල්ලාහ් රැකබලා ගැනීම. info

• اتساع الأرض لمن عليها من الأحياء، ولمن فيها من الأموات.
•මිහිකත ජීවත් වන්නන් හා එහි මිය යන්නන් සඳහා එය විශාල ව පැවතීම. info

• خطورة التكذيب بآيات الله والوعيد الشديد لمن فعل ذلك.
•අල්ලාහ්ගේ වදන් බොරු කිරීමේ බරපතලකම හා එවැන්නක් සිදු කළ අයට කෙරෙන දැඩි අවවාදය. info