Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi.

Səhifənin rəqəmi:close

external-link copy
137 : 26

اِنْ هٰذَاۤ اِلَّا خُلُقُ الْاَوَّلِیْنَ ۟ۙ

මෙය පැරැණ්නන්ගේ දහම ඔවුන්ගේ සිරිත් විරිත් හා ඔවුන්ගේ ගුණාංග මිස වෙනකක් නොවීය. info
التفاسير:

external-link copy
138 : 26

وَمَا نَحْنُ بِمُعَذَّبِیْنَ ۟ۚ

අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු. info
التفاسير:

external-link copy
139 : 26

فَكَذَّبُوْهُ فَاَهْلَكْنٰهُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟

ඔවුන්ගේ නබිවරයාණන් වූ හූද් (අලයිහිස් සලාම්) තුමා ව බොරු කිරීමෙහි ඔවුන් අඛණ්ඩ ව සිටියෝය. එවිට ඔවුන් බොරු කර සිටීම හේතුවෙන් විනාශකාරී සැඩ සුළඟකින් අපි ඔවුන් විනාශ කළෙමු. එම විනාශයෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවීය. info
التفاسير:

external-link copy
140 : 26

وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠

අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය. info
التفاسير:

external-link copy
141 : 26

كَذَّبَتْ ثَمُوْدُ الْمُرْسَلِیْنَ ۟ۚۖ

සමූද් ජනයා ඔවුන්ගේ දූත සාලිහ් (අලයිහිස් සලාම්)ව බොරු කළ අවස්ථාවේ "දහම් දූතවරුන් බොරු" යැයි ඔවුහු පවසා සිටියහ. info
التفاسير:

external-link copy
142 : 26

اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ صٰلِحٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ

එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු. info
التفاسير:

external-link copy
143 : 26

اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ

සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද මෙන්ම ඔහු මට කවර කරුණක් දන්වා සිටියේ ද ඒ සම්බන්ධයෙන් ද විශ්වසනීය දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි. info
التفاسير:

external-link copy
144 : 26

فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ

"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු." info
التفاسير:

external-link copy
145 : 26

وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ

"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත." info
التفاسير:

external-link copy
146 : 26

اَتُتْرَكُوْنَ فِیْ مَا هٰهُنَاۤ اٰمِنِیْنَ ۟ۙ

"නුඹලා කවර යහපතක හා ආශිර්වාදයක සිටින්නේ ද එහි නුඹලා සුරක්ෂිත ව සිටින්නට ඉඩ දී අතහැර දමනු ඇතැයි නුඹලා ප්රිය කරන්නෙහු ද? නුඹලා බිය නොවන්නෙහු ද?" info
التفاسير:

external-link copy
147 : 26

فِیْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ

"උයන් හා ගලා යන උල්පත් තුළ" info
التفاسير:

external-link copy
148 : 26

وَّزُرُوْعٍ وَّنَخْلٍ طَلْعُهَا هَضِیْمٌ ۟ۚ

පැහුණු සියුම් පලදාවන් සහිත කෙත් වතු හා ඉඳිගස් සමග, info
التفاسير:

external-link copy
149 : 26

وَتَنْحِتُوْنَ مِنَ الْجِبَالِ بُیُوْتًا فٰرِهِیْنَ ۟ۚ

නුඹලා වාසය කරන නිවෙස් තනා ගනු පිණිස කඳු කපා හාරන්නෙහුය. ඒවා හෑරීමට නුඹලා අතිදක්ෂයින් වූහ. info
التفاسير:

external-link copy
150 : 26

فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු. info
التفاسير:

external-link copy
151 : 26

وَلَا تُطِیْعُوْۤا اَمْرَ الْمُسْرِفِیْنَ ۟ۙ

පාපකම් සිදු කොට තමන් මත ම ඉක්මවා කටයුතු කළවුන්ගේ නියෝගයට නුඹලා අවනත නොවනු. info
التفاسير:

external-link copy
152 : 26

الَّذِیْنَ یُفْسِدُوْنَ فِی الْاَرْضِ وَلَا یُصْلِحُوْنَ ۟

ඔවුන් වනාහි, මහ පොළොවේ පාපකම් ව්යාප්ත කොට එහි ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙති. අල්ලාහ්ට අවනතවීමෙන් ඔවුහු තමන් ව හැඩ ගස්වා නොගනිති. info
التفاسير:

external-link copy
153 : 26

قَالُوْۤا اِنَّمَاۤ اَنْتَ مِنَ الْمُسَحَّرِیْنَ ۟ۚ

"සැබවින්ම නුඹ වනාහි, ඔවුන්ගේ බුද්ධියට ඉහළින් හූනියම ඉක්මවා යන තරමට වාර ගණනාවක්ම හූනියමට ලක් ව එය පහ කරනු ලැබූවන් අතරින් කෙනෙකි" යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසුවෝය. info
التفاسير:

external-link copy
154 : 26

مَاۤ اَنْتَ اِلَّا بَشَرٌ مِّثْلُنَا ۖۚ— فَاْتِ بِاٰیَةٍ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟

"නුඹ අප මෙන් මිනිසකු මිස නැත. නුඹ දූතයකු වන තරමට අපට වඩා අමතර දෙයක් නුඹට නැත. සැබවින්ම නුඹ දූතයකු යැයි වාද කරන විෂයයෙහි නුඹ සත්යවාදියෙකු නම් එය පෙන්වා දෙන සලකුණක් ගෙන එනු." info
التفاسير:

external-link copy
155 : 26

قَالَ هٰذِهٖ نَاقَةٌ لَّهَا شِرْبٌ وَّلَكُمْ شِرْبُ یَوْمٍ مَّعْلُوْمٍ ۟ۚ

සාලිහ් තුමා (සැබවින්ම අල්ලාහ් ඔහුට සලකුණක් පිරිනැමීය. එය ගල් පර්වතයකින් අල්ලාහ් මතු කළ ඔටු දෙනකි.) ඔවුනට මෙසේ පැවසීය. "මෙය දැකිය හැකි ස්පර්ශ කළ හැකි ඔටු දෙනකි. ඌට ජලයෙන් කොටසක් හිමිය. නුඹලාට හඳුන්වා දුන් කොටස ඇත. නුඹලාගේ කොටස හිමි දිනයේ ඌ ජලය පානය නොකරයි. එමෙන්ම උගේ කොටස හිමි දිනයේ නුඹලා පානය නොකරනු." info
التفاسير:

external-link copy
156 : 26

وَلَا تَمَسُّوْهَا بِسُوْٓءٍ فَیَاْخُذَكُمْ عَذَابُ یَوْمٍ عَظِیْمٍ ۟

"ගෙල සිඳීමක් හෝ පහර දීමක් වැනි නපුරක් කරමින් ඌ නුඹලා ස්පර්ශ නොකරනු. එවිට ඒ හේතුකොටගෙන අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත අත් වනු ඇත. බිහිසුණු දිනයෙහි නුඹලා වෙත පහළ වන දුර්භාග්යය හේතුවෙන් නුඹලාව එය විනාශ කරනු ඇත." info
التفاسير:

external-link copy
157 : 26

فَعَقَرُوْهَا فَاَصْبَحُوْا نٰدِمِیْنَ ۟ۙ

උගේ ගෙල නහර කපා දැමීමට ඔවුහු එකඟවූවෝය. ඔවුන් අතර සිටි දුර්භාග්යයා ඌ කපා හැරියේය. සැබවින්ම එම දඬුවම කිසිදු සැකයකින් තොර ව ඔවුනට පහළ වන්නක් බව ඔවුන් දැන ගත් කල්හි ඔවුන් කවර කරුණක් සඳහා ඉදිරිපත් වූවෝද ඒ ගැන ඔවුන් පසුතැවිලිවන්නන් බවට පත් වූවෝය. නමුත් ඔවුන්ගේ පසුතැවිල්ල සිදු වූයේ කිසිදු සෙතක් කළ නොහැකි දඬුවම දකින අවස්ථාවේදීය. info
التفاسير:

external-link copy
158 : 26

فَاَخَذَهُمُ الْعَذَابُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟

කවර දඬුවමක් ඔවුනට ප්රතිඥා දෙනු ලැබුවේ ද එය ඔවුන් හසු කර ගත්තේය. එය භූ කම්පනයක් හා මහා හඬක් විය. මෙහි සඳහන් කරන ලද සාලිහ් තුමා හා ඔහුගේ ජනයාගේ කතා වස්තුවෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූවෝය. info
التفاسير:

external-link copy
159 : 26

وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠

අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය. info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• توالي النعم مع الكفر استدراج للهلاك.
•දේව ප්රතිෂේපය සමග වූ ආශිර්වාදයන් විනාශය වෙනුවෙන් පෙළ ගස්වනු ඇත. info

• التذكير بالنعم يُرتجى منه الإيمان والعودة إلى الله من العبد.
•ආශිර්වාදයන් පිළිබඳ මෙනෙහි කිරීම වනාහි එමගින් දේව විශ්වාසය හා අල්ලාහ් වෙත ගැතිකම් කිරීමට නැවත පැමිණීම අපේක්ෂා කෙරේ. info

• المعاصي هي سبب الفساد في الأرض.
•පාපකම් මහ පොළොවේ ප්රචණ්ඩකම් ඇති වීමට හේතුවකි. info