Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi.

Səhifənin rəqəmi: 189:187 close

external-link copy
21 : 9

یُبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَّجَنّٰتٍ لَّهُمْ فِیْهَا نَعِیْمٌ مُّقِیْمٌ ۟ۙ

ඔවුන්ගේ පරමාධිපති ඔහුගෙන් වූ දයාව, තෘප්තිය හා (ස්වර්ග) උයන් පිළිබඳව ඔවුනට ශුභාරංචි දන්වයි. එහි ඔවුන්ට සදා ස්ථායී සුවය ඇත. info
التفاسير:

external-link copy
22 : 9

خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— اِنَّ اللّٰهَ عِنْدَهٗۤ اَجْرٌ عَظِیْمٌ ۟

(ඔවුහු) එහි කවදත් සදාතනිකයින් වෙති. නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු අබියස අතිමහත් ප්‍රතිඵල ඇත. info
التفاسير:

external-link copy
23 : 9

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوْۤا اٰبَآءَكُمْ وَاِخْوَانَكُمْ اَوْلِیَآءَ اِنِ اسْتَحَبُّوا الْكُفْرَ عَلَی الْاِیْمَانِ ؕ— وَمَنْ یَّتَوَلَّهُمْ مِّنْكُمْ فَاُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟

අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලාගේ පියවරුන් හා නුඹලාගේ සහෝදරයින් දේව විශ්වාසයට වඩා දේව ප්‍රතික්ෂේපය ප්‍රිය කළේ නම් ඔවුන්ව භාරකරුවන් ලෙස නුඹලා නො ගනු. නුඹලා අතරින් කවරෙකු ඔවුන් භාරකරුවන් ලෙස ගන්නේ ද ඔවුහු මය අපරාධකරුවෝ. info
التفاسير:

external-link copy
24 : 9

قُلْ اِنْ كَانَ اٰبَآؤُكُمْ وَاَبْنَآؤُكُمْ وَاِخْوَانُكُمْ وَاَزْوَاجُكُمْ وَعَشِیْرَتُكُمْ وَاَمْوَالُ ١قْتَرَفْتُمُوْهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسٰكِنُ تَرْضَوْنَهَاۤ اَحَبَّ اِلَیْكُمْ مِّنَ اللّٰهِ وَرَسُوْلِهٖ وَجِهَادٍ فِیْ سَبِیْلِهٖ فَتَرَبَّصُوْا حَتّٰی یَاْتِیَ اللّٰهُ بِاَمْرِهٖ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الْفٰسِقِیْنَ ۟۠

අහෝ නබියරය! නුඹලාගේ පියවරුන්, නුඹලාගේ දරුවන්, නුඹලාගේ සහෝදරයන්, නුඹලාගේ කලත්‍රයන්, නුඹලාගේ පවුලේ ඥාතීන්, නුඹලා උපයන ධනය, පාඩු ලබනු ඇතැයි නුඹලා බිය වන ව්‍යාපාරය, නුඹලා ප්‍රිය කරන වාසස්ථාන අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් ඔහුගේ මාර්ගයේ කැපවීමටත් වඩා (ඒවා) නුඹලා වෙත ප්‍රිය මනාප නම්, එවිට අල්ලාහ් ඔහුගේ නියෝගය ගෙන එන තෙක් නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ පෙන්වන්නේ නැතැයි නුඹ පවසනු. info
التفاسير:

external-link copy
25 : 9

لَقَدْ نَصَرَكُمُ اللّٰهُ فِیْ مَوَاطِنَ كَثِیْرَةٍ ۙ— وَّیَوْمَ حُنَیْنٍ ۙ— اِذْ اَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَیْـًٔا وَّضَاقَتْ عَلَیْكُمُ الْاَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّیْتُمْ مُّدْبِرِیْنَ ۟ۚ

සැබැවින් ම අල්ලාහ් බොහෝ තැන්වල නුඹලාට උදව් කළේ ය. තවද හුනෙයින් දිනයෙහි නුඹලාගේ අධිකත්වය නුඹලාව මවිත කළ අවස්ථාවේ නුඹලාට කිසිවක් ප්‍රයෝජනවත් නො වීය. මහපොළොව එය පුළුල්ව තිබුණ ද නුඹලාට පටු විය. පසුව නුඹලා පිටුපස හරවා පලා ගියෙහු ය. info
التفاسير:

external-link copy
26 : 9

ثُمَّ اَنْزَلَ اللّٰهُ سَكِیْنَتَهٗ عَلٰی رَسُوْلِهٖ وَعَلَی الْمُؤْمِنِیْنَ وَاَنْزَلَ جُنُوْدًا لَّمْ تَرَوْهَا ۚ— وَعَذَّبَ الَّذِیْنَ كَفَرُوْا ؕ— وَذٰلِكَ جَزَآءُ الْكٰفِرِیْنَ ۟

පසුව අල්ලාහ් ඔහුගේ ශාන්තභාවය ඔහුගේ දූතයාණන් වෙත හා දේවත්වය විශ්වාස කරන්නන් වෙත පහළ කළේ ය. තවද නුඹලා නුදුටු සේනාවන් ඔහු පහළ කළේ ය. ප්‍රතික්ෂේප කළවුන්ට දඬුවම් කළේ ය. එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රතිවිපාකයයි. info
التفاسير: