Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi.

Səhifənin rəqəmi:close

external-link copy
9 : 69

وَجَآءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهٗ وَالْمُؤْتَفِكٰتُ بِالْخَاطِئَةِ ۟ۚ

තවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද, උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝ ය. info
التفاسير:

external-link copy
10 : 69

فَعَصَوْا رَسُوْلَ رَبِّهِمْ فَاَخَذَهُمْ اَخْذَةً رَّابِیَةً ۟

ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝ ය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේ ය. info
التفاسير:

external-link copy
11 : 69

اِنَّا لَمَّا طَغَا الْمَآءُ حَمَلْنٰكُمْ فِی الْجَارِیَةِ ۟ۙ

ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන් ම අපි නුඹලාව යාත්‍රාවේ ඉසිලුවෙමු. info
التفاسير:

external-link copy
12 : 69

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَّتَعِیَهَاۤ اُذُنٌ وَّاعِیَةٌ ۟

එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිස ය. info
التفاسير:

external-link copy
13 : 69

فَاِذَا نُفِخَ فِی الصُّوْرِ نَفْخَةٌ وَّاحِدَةٌ ۟ۙ

හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට; info
التفاسير:

external-link copy
14 : 69

وَّحُمِلَتِ الْاَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَّاحِدَةً ۟ۙ

තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට; info
التفاسير:

external-link copy
15 : 69

فَیَوْمَىِٕذٍ وَّقَعَتِ الْوَاقِعَةُ ۟ۙ

එදින සිදු වන දෑ සිදු වනු ඇත. info
التفاسير:

external-link copy
16 : 69

وَانْشَقَّتِ السَّمَآءُ فَهِیَ یَوْمَىِٕذٍ وَّاهِیَةٌ ۟ۙ

තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වලව පවතී. info
التفاسير:

external-link copy
17 : 69

وَّالْمَلَكُ عَلٰۤی اَرْجَآىِٕهَا ؕ— وَیَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ یَوْمَىِٕذٍ ثَمٰنِیَةٌ ۟ؕ

තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති. info
التفاسير:

external-link copy
18 : 69

یَوْمَىِٕذٍ تُعْرَضُوْنَ لَا تَخْفٰی مِنْكُمْ خَافِیَةٌ ۟

එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහු ය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත. info
التفاسير:

external-link copy
19 : 69

فَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ فَیَقُوْلُ هَآؤُمُ اقْرَءُوْا كِتٰبِیَهْ ۟ۚ

තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු. info
التفاسير:

external-link copy
20 : 69

اِنِّیْ ظَنَنْتُ اَنِّیْ مُلٰقٍ حِسَابِیَهْ ۟ۚ

නියත වශයෙන් ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින් ම මම සිතුවෙමි” යැයි පවසයි. info
التفاسير:

external-link copy
21 : 69

فَهُوَ فِیْ عِیْشَةٍ رَّاضِیَةٍ ۟ۙ

එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි. info
التفاسير:

external-link copy
22 : 69

فِیْ جَنَّةٍ عَالِیَةٍ ۟ۙ

උසස් (ස්වර්ග) උයනෙහි වෙයි. info
التفاسير:

external-link copy
23 : 69

قُطُوْفُهَا دَانِیَةٌ ۟

එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි. info
التفاسير:

external-link copy
24 : 69

كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَاۤ اَسْلَفْتُمْ فِی الْاَیَّامِ الْخَالِیَةِ ۟

“පසු ගිය දිනවල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.) info
التفاسير:

external-link copy
25 : 69

وَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِشِمَالِهٖ ۙ۬— فَیَقُوْلُ یٰلَیْتَنِیْ لَمْ اُوْتَ كِتٰبِیَهْ ۟ۚ

තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නො ලැබුවේ නම්!” යැයි පවසයි. info
التفاسير:

external-link copy
26 : 69

وَلَمْ اَدْرِ مَا حِسَابِیَهْ ۟ۚ

“තවද මාගේ විනිශ්චය කුමක් දැ? යි මා නො දනී නම්!” (කොතරම් අගනේ ද?) info
التفاسير:

external-link copy
27 : 69

یٰلَیْتَهَا كَانَتِ الْقَاضِیَةَ ۟ۚ

“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේ ද?) යැයි පවසයි. info
التفاسير:

external-link copy
28 : 69

مَاۤ اَغْنٰی عَنِّیْ مَالِیَهْ ۟ۚ

“මාගේ ධනය මට කිසිදු ඵලක් නො දුන්නේ ය.” info
التفاسير:

external-link copy
29 : 69

هَلَكَ عَنِّیْ سُلْطٰنِیَهْ ۟ۚ

“මාගේ බලය මගෙන් පහව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.) info
التفاسير:

external-link copy
30 : 69

خُذُوْهُ فَغُلُّوْهُ ۟ۙ

“නුඹලා ඔහුව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.” info
التفاسير:

external-link copy
31 : 69

ثُمَّ الْجَحِیْمَ صَلُّوْهُ ۟ۙ

“පසුව ඔහුව නිරයට ඇද දමා පුළුස්සනු.” info
التفاسير:

external-link copy
32 : 69

ثُمَّ فِیْ سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُوْنَ ذِرَاعًا فَاسْلُكُوْهُ ۟ؕ

ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහුව එහි බැඳ දමනු. info
التفاسير:

external-link copy
33 : 69

اِنَّهٗ كَانَ لَا یُؤْمِنُ بِاللّٰهِ الْعَظِیْمِ ۟ۙ

නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නො කරන්නෙකු විය. info
التفاسير:

external-link copy
34 : 69

وَلَا یَحُضُّ عَلٰی طَعَامِ الْمِسْكِیْنِ ۟ؕ

තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත. info
التفاسير:

external-link copy
35 : 69

فَلَیْسَ لَهُ الْیَوْمَ هٰهُنَا حَمِیْمٌ ۟ۙ

එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත. info
التفاسير: